| ටියුරින් රාජාවලිය | |
|---|---|
![]() | |
| නිර්මාණය වූයේ | ක්‍රි.පූ. 1245 පමණ |
| සොයාගනු ලැබූයේ | 1820 තීබ්ස්, ඕටමන් ඊජිප්තුව |
| අනාවරණය කළේ | බර්නාඩිනෝ ඩ්‍රෝවෙටි |
| වර්තමාන පිහිටුම | ටියුරින්, Piedmont, ඉතාලිය |
ටියුරින් රාජාවලිය, හෙවත් ටියුරින් රාජකීය නාමාවලිය යනුවෙන් හැඳින්වෙන්නේ දෙවන රැම්සීස් (රාජ්‍ය. ක්‍රි.පූ. 1279-1213) පාරාවෝ රජ සමයයට අයත් යැයි විශ්වාස කෙරෙන පුරාතන ඊජිප්තු හයරටික පැපිරසයකි. මෙය වර්තමානයේ ටියුරින් හි මියුසියෝ ඉජිසියෝ (ඊජිප්තු කෞතුකාගාරය) හී ප්‍රදර්ශනයට තබා ඇත. මෙය පුරාතන ඊජිප්තියානුවන් විසින් සම්පාදනය කළ රාජාවලීන් අතුරින් දැනට ශේෂව පවතින වඩාත්ම පුළුල් ලැයිස්තුව වේ. මෙය දෙවන රැම්සීස් රජුට පෙර කාලයේ කාලානුක්‍රමය ගොඩනැගීමට බෙහෙවින් ඉවහල් වී ඇත. මෙම රාජාවලියේ රජවරුන් 200කට අධික ප්‍රමාණයකගේ නම් සඳහන් වුව ද, විනාශයට පත්ව ඇති නිසා ඒ සියලු දෙනාගේම නාමයන් කියවාගත නොහැකිව ඇත.

- "Museo Egizio homepage" (ඉතාලි බසින්). සම්ප්‍රවේශය 20 December 2010. (ඉංග්‍රීසි බසින්)
ප්‍රවර්ග:
- ක්‍රි.පූ. 13වන සියවසේ සාහිත්‍යය
- 1820 පුරාවිද්‍යාත්මක සොයාගැනීම්
- පුරාතන ඊජිප්තු රාජාවලී
- Museo Egizio
- ඊජිප්තුවේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම්
- පුරාතන ඊජිප්තුවේ පැපිරස
- ක්‍රි.පූ. 2වන සහස්රකයේ ලේඛන