ටොලමි I සෝටර් (/ˈtɒləmi/; ග්‍රීක: Πτολεμαῖος Σωτήρ, Ptolemaîos Sōtḗr "ටොලමි නම් ගැලවුම්කරු"; ක්‍රි.පූ. 367 පමණ – ක්‍රි.පූ. 282 ජනවාරි) ලෙස හැඳින්වෙන්නේ උතුරු ග්‍රීසියේ මැසිඩෝනියානු රාජධානියේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සහායක සහ ඉතිහාසඥයායි. ඔහු පසුව ඇලෙක්සැන්ඩර්ගේ පැරණි අධිරාජ්‍යයේ කොටසක්ව තිබූ ඊජිප්තුවේ පාලකයා බවට පත් විය. ක්‍රි.පූ. 305/304 සිට සිය මරණය තෙක්ම ටොලමි ටොලමයික ඊජිප්තුවේ පාරාවෝ ලෙස කටයුතු කළේ ය. ඔහු විසින් ආරම්භකරන ලද ටොලමයික රාජවංශය ක්‍රි.පූ. 30 ක්ලියෝපැට්‍රාගේ මරණය තෙක්ම ඊජිප්තුවේ පාලනය හෙබවූ අතර, එය ඊජිප්තුව හෙලනිස්තික රාජධානියක් බවටත්, ඇලෙක්සැන්ඩ්‍රියාව ග්‍රීක සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයක් බවටත් පත්කරලීමට සමත් විය.
| ටොලමි I සෝටර් | |
|---|---|
![]() ලූවර් හි ඇති පළමුවන ටොලමිගේ උඩුකය රුවක් | |
| ටොලමයික රාජධානියේ පාරාවෝ සහ බැසිලියස් | |
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 305/304 – 282 (ටොලමයික රාජවංශය) |
| පූර්වප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් IV |
| අනුප්‍රාප්තිකයා | ටොලමි II ෆිලඩෙල්ෆස් |
රාජකීය නාමය | |
| වල්ලභ |
|
| දරුවන් | තයිස්ට දාව (අනියම් භාර්යාව):
යුරිඩීස්ට දාව:
බෙරෙනීස් I දාව:
|
| පියා | ලේගස් හෝ මැසිඩෝනියාවේ දෙවන පිලිප් |
| මව | ආර්සිනෝයි සැකිල්ල:Labeldata |
| උපත | ක්‍රි.පූ. 367 පමණ මැසිඩෝනියාව |
| මරණය | ක්‍රි.පූ. 282 ජනවාරි (වයස 84–85) ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව |
මේවත් බලන්න
- ටොලමයික ඊජිප්තුවේ ඉතිහාසය
- සෙරපිස්, ටොලමි විසින් ප්‍රවර්ධනය කළ ග්‍රීක-ඊජිප්තු දේවතාවා
ග්‍රන්ථාවලිය
- Walter M. Ellis: Ptolemy of Egypt, London: Routledge. 1993. ISBN 9780415100205
- Christian A. Caroli: Ptolemaios I. Soter – Herrscher zweier Kulturen, Konstanz: Badawi. 2007. ISBN 9783938828052
- Waterfield, Robin (2011). Dividing the Spoils – The War for Alexander the Great's Empire (hardback). New York: Oxford University Press. ISBN 978-0-19-957392-9.
- McKechnie, Paul and Jennifer A. Cromwell (eds). Ptolemy I and the Transformation of Egypt, 404–282 BCE. Leiden, NL; Boston, MA: Brill, 2018. ISBN 978-90-04-36696-1.
