සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ටොලමියානු රාජවංශය /ˌtɒləˈmeɪ.ɪk/ (පුරාතන ග්‍රීක:Πτολεμαῖοι, Ptolemaioi) හෙවත් ඇතැම් අවස්ථාවන්හි ලැගිඩ්වරුන් /ˈlædʒɪdz/ හෝ ලැගිඩේ /ˈlædʒɪˌdiː/ (පුරාතන ග්‍රීක:Λαγ

ටොලමයික රාජවංශයේ

  • මුල් පිටුව
  • ටොලමයික රාජවංශයේ

ටොලමියානු රාජවංශය /ˌtɒləˈmeɪ.ɪk/ (පුරාතන ග්‍රීක:Πτολεμαῖοι, Ptolemaioi) හෙවත් ඇතැම් අවස්ථාවන්හි ලැගිඩ්වරුන් /ˈlædʒɪdz/ හෝ ලැගිඩේ /ˈlædʒɪˌdiː/ (පුරාතන ග්‍රීක:Λαγίδαι, Lagidai, Iවන ටොලමිගේ පියා වූ ලැගස් අනුව යෙදුණකි) යනුවෙන් හැඳින්වෙන්නේ හෙලනිස්තික යුගයේ ඊජිප්තුවේ ටොලමියානු රාජධානිය පාලනය කළ මැසිඩෝනියානු සම්භවයක් සහිත ග්‍රීක ඔවුන්ගේ පාලනය වර්ෂ 275ක් පැවති අතර, එය ක්‍රි.පූ. 305 සිට 30 දක්වා පැවතිණි. මෙය පුරාතන ඊජිප්තුවේ අවසන් රාජවංශය ලෙස සැලකෙයි.

ටොලමියානු රාජවංශය
<
p
t
wAl
M
iis
>
ර‍ටපුරාතන ඊජිප්තුව, මැසිඩෝනියාව, මෝරිටේනියා
අභිධානපාරාවෝ, මැසිඩෝනියාවේ රජ, මෝරිටේනියාවේ රජ
මුල්ම රජටොලමි I සෝටර්
අවසන් රජක්ලියෝපැට්රා VIII
වත්මන් රජනෂ්ට වූ
ඇරඹුමක්‍රි.පූ. 305
ජනවර්ගයග්‍රීක
ටොලමි I සෝටර්.

ටොලමි, මහා ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතීන්ගේ ආරක්ෂකයන් සත්දෙනාගෙන් අයෙකි. ක්‍රි.පූ. 323දී ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු, ඔහුව ඊජිප්තුවේ ප්‍රදේශ රාජයා ලෙස නම් කරන ලදී. ක්‍රි.පූ. 305දී ඔහු තමන්ව Iවන ටොලමි ලෙස හඳුන්වා ගත්තේ ය. පසුකලෙක ඔහුව සෝටර් හෙවත් "ගැලවුම්කරුවා" ලෙස හැඳින්විණි.

ඊජිප්තුවරුන් මඳ කලෙකින්ම ටොලමිවරුන්ව, නිදහස් ඊජිප්තුවේ පාරාවෝවරුන්ගේ අනුප්‍රාප්තිකයින් ලෙස සලකන ලදී. ක්‍රි.පූ. 30දී රෝමය විසින් යටත් කරගන්නා තෙක්ම ටොලමිගේ පවුල විසින් ඊජිප්තුවේ පාලනය ගෙන යන ලදී.

මෙම රාජවංශයේ සියලුම පුරුෂ පාලකයින් ටොලමි යන නාමය භාවිතා කර තිබේ. ඇතැම් ටොලමියානු රාජ්‍ය කළ රැජිනියන් සිය සැමියන්ගේ සොයුරියන් වූ අතර ඔවුන්ව බොහෝවිට ක්ලියෝපැට්රා, ආර්සිනෝයි හෝ බෙරෙනිස් යන නාමයෙන් හැඳින්විණි. මෙම පෙළපතේ වඩාත් ප්‍රකට සාමාජිකයා මෙහි අවසන් රැජිනිය වූ VIIවන ක්ලියෝපැට්රා ය. ඇය ජුලියස් සීසර් සහ පොම්පේ අතර පැවති දේශපාලන අරගලවලදීත්, පසුව ඔක්ටේවියන් සහ මාක් ඇන්ටනි අතර ඇති වූ අරගලවලදීත් දැක්වූ දායකත්වය හේතුවෙන් ප්‍රකට වූවා ය. රෝම ආක්‍රමණයේ දී ඇය විසින් සිය දිවි හානි කරගැනීම ඊජිප්තුවේ ටොලමියානු පාලනයේ අවසානය සනිටුහන් කළේ ය.

පටුන

ටොලමියානු පාලකයින් සහ බිසෝවරුන්

මෙහි වරහන් තුළ දක්වා ඇති දිනයන් ටොලමියානු පාරාවෝවරුන්ගේ රාජ්‍ය වර්ෂයන් වේ. ඔවුහු බොහෝ විට සිය භාර්යාවන් සමග හවුල් පාලනයක් ගෙනගියෝ ය. බොහෝ විට මෙම භාර්යාවන් ඔවුන්ගේම සොයුරියන් විය. රැජිනියන් කිහිප දෙනකු විසින් රාජ්‍ය අධිකාරය හොබවා තිබේ. මේ අතරින් අවසාන මෙන්ම සුප්‍රකටම රැජිනිය ක්ලියෝපැට්රා ("ක්ලියෝපැට්රා VII ෆිලොපේටර්", ක්‍රි.පූ. 51–30) ය. ඇය ඇගේ සොයුරන් දෙදෙනා සහ පුත්‍රයා සමග ගෙනගිය හවුල් පාලන සමයේ ක්‍රියාකාරී පාලකයා වූයේ ඇයයි. අවසන් පාලකයින් අංකනය කිරීම සඳහා නොයෙකුත් ක්‍රමවේද භාවිත වී ඇත. මෙහි භාවිත ක්‍රමය නූතන විද්වතුන් විසින් වඩාත් බහුලව භාවිතා කෙරෙන ක්‍රමයයි.

  • ටොලමි I සෝටර් (ක්‍රි.පූ. 303–282) - පළමුව තායිස් ද, අනතුරුව ආර්ටකාමා ද, අනතුරුව යුරිඩිස් ද අවසානයේ Iවන බෙරෙනිස් සමග ද විවාහ විය.
  • ටොලමි II ෆිලඩෙල්ෆස් (ක්‍රි.පූ. 285[තහවුරු කර නොමැත]–246) - පළමුව Iවන ආර්සිනෝයිව ද, අනතුරුව IIවන ආර්සිනෝයි ද විවාහ කරගන්නා ලදී. ටොලමි එපිගෝනස් (ක්‍රි.පූ. 267–259) සමග හවුල් පාලනයක් ගෙනගියේ ය.
  • ටොලමි III යුවර්ගීට්ස් (ක්‍රි.පූ. 246–221) - IIවන බෙරෙනිස් හා විවාහ විය.
  • ටොලමි IV ෆිලොපේටර් (ක්‍රි.පූ. 221–203) - IIIවන ආර්සිනෝයි සමග විවාහ විය.
  • ටොලමි V එපිෆේන්ස් (ක්‍රි.පූ. 203–181) - ක්ලියෝපැට්රා I සයිරා සමග විවාහ විය.
  • ටොලමි VI ෆිලොමීටර් (ක්‍රි.පූ. 181–164, ක්‍රි.පූ. 163–145) - IIවන ක්ලියෝපැට්රා සමග විවාහ විය. ක්‍රි.පූ. 152දී කෙටි කාලයක් ටොලමි යුපේටර් සමග හවුල් පාලනයක් ගෙනගියේ ය.
  • ටොලමි VII නියොස් ෆිලොපේටර් (රාජ්‍ය පාලනය කොට නැත)
  • ටොලමි VIII ෆිස්කන් (ක්‍රි.පූ. 170–163, ක්‍රි.පූ. 145–116) – IIවන ක්ලියෝපැට්රාවත් අනතුරුව IIIවන ක්ලියෝපැට්රාවත් විවාහ කරගන්නා ලදී. ක්‍රි.පූ. 131-127 අතර කාලයේ IIවන ක්ලියෝපැට්රා විසින් ඔහුව තාවකාලිකව පිටුවහල් කරන ලදී. පසුව ක්‍රි.පූ. 124දී ඇය සමග සමාදාන විය.
  • ක්ලියෝපැට්රා II ෆිලොමිටෝරා සොටෙයිරා (ක්‍රි.පූ. 131–127) - ටොලමි VIII ෆිස්කන්ට එදිරිව
  • ක්ලියෝපැට්රා III ෆිලොමීටර් සොටෙයිරා ඩිකායෝසයිනේ නයිකෙෆොරස් (කොකේ) (ක්‍රි.පූ. 116–101) - ටොලමි IX ලැතිරොස් (ක්‍රි.පූ. 116–107) සහ ටොලමි X ඇලෙක්සැන්ඩර් I (ක්‍රි.පූ. 107–101) සමග හවුල් පාලනයක් ගෙනයන ලදී.
  • ටොලමි IX ලැතිරොස් (ක්‍රි.පූ. 116–107, ක්‍රි.පූ. 88–81 IIවන සෝටර් ලෙස) - IVවන ක්ලියෝපැට්රා ව ද, අනතුරුව ක්ලියෝපැට්රා සෙලීන් Iව ද විවාහ කරගන්නා ලදී; සිය පළමු රාජ්‍ය සමයේ IIIවන ක්ලියෝපැට්රා සමග හවුල් පාලනයක් ගෙනගියේ ය.
  • ටොලමි X ඇලෙක්සැන්ඩර් I (ක්‍රි.පූ. 107–88) - ක්ලියෝපැට්රා සෙලීන් I සමගත්, අනතුරුව ‍IIIවන බෙරෙනිස් සමගත් විවාහ විය; ක්‍රි.පූ 101 වන තෙක් IIIවන ක්ලියෝපැට්රා සමග හවුල් පාලනයක් ගෙනගියේ ය.
  • බෙරෙනිස් III ෆිලොපේටර් (ක්‍රි.පූ. 81–80)
  • ටොලමි XI ඇලෙක්සැන්ඩර් II (ක්‍රි.පූ‍. 80) – IIIවන ක්ලියෝපැට්රා සමග විවාහ වී ඇයව මරාදැමීමට පෙර හවුල් පාලනයක් ගෙනගියේ ය. එම සිදුවීමෙන් පසු ඔහුට පාලනය ගෙනයාමට හැකිවූයේ දින 19ක් පමණි.
  • ටොලමි XII නියොස් ඩියොනීසස් (ඕලීට්ස්) (ක්‍රි.පූ. 80–58, ක්‍රි.පූ. 55–51) - ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා සමග විවාහ විය.
  • ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා (ක්‍රි.පූ. 58–57) - බෙරෙනිස් IV එපිෆේනියා (ක්‍රි.පූ. 58–55) සහ ක්ලියෝපැට්රා VI ට්‍රිෆේනා (ක්‍රි.පූ. 58) සමග හවුල් පාලනයක් ගෙනගියා ය.
  • ක්ලියෝපැට්රා ("ක්ලියෝපැට්රා VII ෆිලොපේටර්", ක්‍රි.පූ. 51–30) - ටොලමි XIII තියොස් ෆිලොපේටර් (ක්‍රි.පූ. 51–47), XIVවන ටොලමි (ක්‍රි.පූ. 47–44) සහ ටොලමි XV සිසේරියන් (ක්‍රි.පූ. 44–30) සමග හවුල් පාලනයක් ගෙනගියා ය.
  • IVවන ආර්සිනෝයි (ක්‍රි.පූ. 48–47) - ක්ලියෝපැට්රාට එදිරිව

ටොලමියානු පවුල් ගස

ටොලමියානු පවුල් ගස
ටොලමි I
සෝටර්
Iවන බෙරෙනිස්ෆිලිප්
ආර්සිනෝයි IIටොලමි II
ෆිලඩෙල්ෆස්
ආර්සිනෝයි Iසිරිනියේ
මේගස්
ඇපාමා II
ටොලමි III
යුවර්ගීට්ස්
බෙරෙනිස් II
ටොලමි IV
ෆිලොපේටර්
ආර්සිනෝයි III
ටොලමි V
එපිෆේන්ස්
ක්ලියෝපැට්රා I
සයිරා
ටොලමි VI
ෆිලොමීටර්
ක්ලියෝපැට්රා IIටොලමි VIII
ෆිස්කන්
අයිරීන්
ටොලමි VII
නියොස් ෆිලොපේටර්
ක්ලියෝපැට්රා IIIටොලමි
මෙම්ෆයිට්ස්
ටොලමි
ඒපියන්
ක්ලියෝපැට්රා IVටොලමි IX
ලැතිරොස්
ක්ලියෝපැ‍ට්රා
සෙලීන් I
ටොලමි X
ඇලෙක්සැන්ඩර් I
ටොලමි XII
ඕලීට්ස්
බෙරෙනිස් IIIටොලමි XI
ඇලෙක්සැන්ඩර් II
ක්ලියෝපැට්රා V
ක්ලියෝපැට්රා VIබෙරෙනිස් IVටොලමි XIII
තියොස් ෆිලොපේටර්
ක්ලියෝපැට්රා VII
තියා ෆිලොපේටර්
XIVවන ටොලමිආර්සිනෝයි IV
ජුලියස් සීසර්මාක් ඇන්ටනි
‍ටොලමි XV
සිසේරියන්
ඇලෙක්සැන්ඩර් හීලියොස්ටොලමි XVI
ෆිලඩෙල්ෆස්
ක්ලියෝපැට්රා
සෙලීන් II

ටොලමියානු රාජවංශයේ සෙසු සාමාජිකයින්

  • ටොලමි කෙරෝනොස් (ක්‍රි.පූ. 279දී මියගිය) - ටොලමි I සෝටර්ගේ වැඩිමහල්ම පුත්‍රයායි. ක්‍රමයෙන් මැසිඩෝනියාවේ රජු බවට පත් විය.
  • ටොලමි ඒපියන් (ක්‍රි.පූ. 96දී මියගිය) - ටොලමි VIII ෆිස්කන්ගේ පුත්‍රයායි. සිරෙනයිකාවේ රජු ලෙස පත්කෙරිණි. සිරෙනයිකාව රෝමයට පවරා දුන්නේ ය.
  • ටොලමි ෆිලඩෙල්ෆස් (ක්‍රි.පූ. 36දී උපන්) - මාක් ඇන්ටනි සහ VIIවන ක්ලියෝපැට්රාගේ පුත්‍රයායි.
  • මෝරිටේනියාවේ ටොලමි (ක්‍රි.ව. 40දී මියගිය) - නුමිඩියාවේ සහ මෝරිටේනියාවේ රජු වූ IIවන ජුබාගේත්, VIIවන ක්ලියෝපැට්රා හා මාක් ඇන්ටනිගේ දියණිය වූ ක්ලියෝපැට්රා සෙලීන් IIගේ පුත්‍රයායි. මෝරිටේනියාවේ රජු ය.

වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණය

වර්තමාන විද්වතුන් පවසන්නේ ටොලමියානු රාජවංශයේ බොහෝ දෙනා අධික ස්ථූලභාවයෙන් පෙළුණු බවයි. එයට හේතුව ප්‍රතිමා සහ කාසිවල දැක්වෙන් ඔවුන්ගේ රූපවල නෙරා ආ ඇස් සහ ඉදිමුණු ගෙල සහිත බැවිනි. කුටුම්භීය ග්‍රේව්ස් රෝගය මගින් ඔවුන්ගේ ඉදිමුණු ගෙල සහ නෙරා ආ ඇස් (උදක්ෂිය) පිළිබඳ විස්තර කළ හැක.

මෙම සොයාගැනීම් පිළිබඳ කුටුම්භීය ස්වරූපයෙන් සොයාබලන විට, මෙම රාජවංශයේ සාමාජිකයන් බහු-ඉන්ද්‍රිය ෆයිබ්‍රෝටික තත්ත්වයකින් පෙළෙන්නට ඇති බව පෙනේ. මෙම තත්ත්වය අර්ඩ්හයිම්-චෙස්ටර් රෝගය හෝ කුටුම්භීය බහු කේන්ද්‍රීය ෆයිබ්‍රොස්‍ක්ලෙරෝසිස් ත්ත්වයක් විය හැක.

පින්තූර ගැලරිය

  •  
    ටොලමියානු රාජවංශය පිහිටුවූ මැසිඩෝනියාවේ ටොලමි.
  •  
    ටොලමි II
  •  
    ටොලමි III
  •  
    ටොලමි IV
  •  
    ටොලමි V
  •  
    ටොලමි VI
  •  
    ක්ලියෝපැට්රා II
  •  
    ටොලමි VIII
  •  
    ටොලමි IX
  •  
    ටොලමි X
  •  
    ටොලමි XII
  •  
    ටොලමි XIII සහ අයිසිස් දෙවඟන
  •  
    ටොලමි XIV
  •  
    ක්ලියෝපැට්රා VII
  •  
    ටොලමි XV, බොහෝවිට සිසේරියන් ලෙස හඳුන්වයි.

මේවාත් බලන්න

  • සෙලියුකිඩ් පාලකයින් ලැයිස්තුව
  • හෙලනිස්තික යුගය
  • පුරාතන ඊජිප්තුවේ ඉතිහාසය
  • ටොලමියානු නියෝග
  • ටොලමියානු පාරාවෝවරුන්ගේ ලැයිස්තුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 14, 2026

    ලුතිනන් ජෙනරාල්

  • අප්‍රේල් 06, 2026

    වසන්ති චතුරානි

  • අප්‍රේල් 14, 2026

    බටහිර චාලුක්‍යයෝ

  • අප්‍රේල් 10, 2026

    Member states of the United Nations

  • අප්‍රේල් 10, 2026

    සුනේත්‍රා හෙවත් අවිචාර සමය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට