සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ද සන්ඩේ ලීඩර් යනු, සීමා සහිත ලීඩර් පබ්ලිකේෂන්ස් (පුද්ගලික) සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රී ලාංකික සතිපතා ඉංග්‍රීසි භාෂා පුවත්පතකි .

සන්ඩේ ලීඩර්

  • මුල් පිටුව
  • සන්ඩේ ලීඩර්


ද සන්ඩේ ලීඩර් යනු, සීමා සහිත ලීඩර් පබ්ලිකේෂන්ස් (පුද්ගලික) සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රී ලාංකික සතිපතා ඉංග්‍රීසි භාෂා පුවත්පතකි .

ද සන්ඩේ ලීඩ'
වර්ගයසතිපතා පුවත්පත
අයිතිකරුඅසංග සෙනෙවිරත්න (72%)
ලාල් වික්‍රමතුංග (28%)

ද සන්ඩේ ලීඩර් යනු ඉරිදා පමණක් මුද්‍රණය වන ශ්‍රී ලාංකික සතිපතා පුවත්පතකි. පෞද්ගලික අයිතියක් ඇති මෙම නිදහස් පුවත්පත වඩාත් ප්‍රචලිතව ඇත්තේ නිදහස් හා ස්වාධීන පුවත් වාර්තාකරණය පිළිබඳව වන අතර එය නිසාම ශ්‍රී ලාංකික රජය විසින් බ්‍රිගුවි (බීබීසී) හා සමගින් එය වාරණයකට ලක් කිරීම සිදු කෙරිණි. පුවත්පත වෙත අණ කෙරුණේ ගෝඨාභය රාජපක්‍ෂ පිළිබඳ වාර්තා පල නොකරන ලෙසටය.

ඉංග්‍රීසි සතිපතා පුවත්පතෙහි ප්‍රධාන-කර්තෘ ලසන්ත වික්‍රමතුංග, 2009, ජනවාරි 8 බ්‍රහස්පතින්දා, නොහඳුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කෙරිණි. ඔහු රාජකාරිය සඳහා වාර්තා කෙරුමට යමින් සිටියදී, පෙ.ව. 9:30ට පමණ ලසන්ත වික්‍රමතුංග මහතාට වෙඩි තබන ලදි. පසුගිය තෙවසර ඇතුලතදී, පුවත්පත සහ එහි කර්තෘ මෙන්ම මෝර්නිං ලීඩර් පුවත්පතෙහි කර්තෘද දිගටම පීඩාවට හා තර්ජනයන්ට ලක් විය. සියළු ලීඩර් ප්‍රකාශන දැඩි ලෙසින් රජය විවේචනය කල අතර විපක්‍ෂ දේශපාලන මතිමතාන්තර සඳහා වේදිකාවක් විය.

2008, නොවැම්බර 21 දිනදී, මුහුණු-ආවරණය කර ගත් පුරුෂයන් දොළොස්-දෙනෙකු සමන්විත කණ්ඩායමක්, සන්ඩේ ලීඩර්, මොර්නිං ලීඩර් හා සිංහල සතිපතා ප්‍රකාශණයක් වන ඉරුදින මුද්‍රණාලයට බලයෙන් ඇතුළුවී, එයට ගිනි තබා, මුද්‍රණ යන්ත්‍ර හා බෙදාහැරීමට නියමිතව තුබූ මුද්‍රිත පුවත්පත් විනාශ කලහ.

පුවත්පක් කාර්යාලයය ‍මින් ඉහතදී, 2005දීද පහර දීමකට ලක් විය.

ආශ්‍රිත

  1. බීබීසී වර්ල්ඩ් සර්විස් ඇන්ඩ් සන්ඩේ ලීඩර් නිවුස්පේපර් සෙන්සර්ඩ්, http://www.rsf.org/article.php3?id_article=29654, ප්‍රතිෂ්ඨාපනය 2008-12-15 
  2. http://www.bbc.co.uk/sinhala/news/story/2009/01/090108_lasantha.shtml
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 17, 2026

    Multi-party system

  • අප්‍රේල් 03, 2026

    මූර්ති ශිල්පය

  • අප්‍රේල් 07, 2026

    ජූලියන් දිනදර්ශනය

  • අප්‍රේල් 03, 2026

    ජර්මානු භාෂාව

  • අප්‍රේල් 05, 2026

    පොසිල ජලය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට