සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලාබාල යුවතිය යනුවෙන් හැඳන්වෙන්නේ ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයේ KV35 සොහොන්ගැබෙහි තිබී වික්ටර් ලොරෙට් නැමැති පුරාවිද්‍යාඥයා විසින් 1898දී සෙයාගනු ලැබූ මමියකට දෙන ලද

ලාබාල යුවතිය

  • මුල් පිටුව
  • ලාබාල යුවතිය

ලාබාල යුවතිය යනුවෙන් හැඳන්වෙන්නේ ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයේ KV35 සොහොන්ගැබෙහි තිබී වික්ටර් ලොරෙට් නැමැති පුරාවිද්‍යාඥයා විසින් 1898දී සෙයාගනු ලැබූ මමියකට දෙන ලද නාමයකි. මෙම මමියේ DNA පරීක්ෂාවකින් පෙනීගොස් ඇත්තේ ඇය ටූටන්ඛාමූන් පාරාවෝවරයාගේ මෑණියන් බවත්, IIIවන අමෙන්හොටෙප් පාරාවෝ සහ ටියේ රැජිනගේ දියණියක බවත් ය. මෙම මමියට KV35YL ("YL" යන්න "ලාබාල යුවතිය හෙවත් Younger Lady" සඳහා) සහ 61072 යන නාමය ලබා දී වර්තමානයේ කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මුල්කාලීන අදහස වූයේ මෙම මමිය නෙෆර්ටිටි රැජිනගේ දේහය බවයි. නමුත් එය අසත්‍ය යැයි සැලකේ. DNA පරීක්ෂණයකින් ද ඒ බව තහවුරු වී ඇති අතර, ඇගේ අනන්‍යතාව පිළිබඳනොයකුත් ගැටලු පවතී.

KV35 සොහොන්ගැබෙන් හමුවූ මමියේ දකුණු පැති පෙනුම

පටුන

සොයාගැනීම සහ හඳුනා ගැනීම

මෙම මමිය KV35 සොහොන්ගැබේ තවත් මමී දෙකකට යාබදව තිබී හමු විය. සෙසු මමී දෙක නම්: වෙබෙන්සෙනුගේ යැයි සිතිය හැකි 10වන විය අවට මියගිය පිරිමි දරුවකුගේ මමියක් සහ වැඩිමහල් කාන්තාවකගේ මමියකි. ටූටන්ඛාමූන්ගේ පෙළපත පිළිබඳ සිදුකළ මෑතකාලීන DNA අධ්‍යයනවලින් පෙනීගොස් ඇත්තේ එම වැඩිමහල් කාන්තාවගේ මමිය ටියේ රැජිනගේ බවයි. මෙම මමී තුන හමුවූයේ සොහොන්ගැබෙහි පැති කුටියක නිර්වස්ත්‍රව පෙළට තබා තිබියදී ය. පුරාතන සොහොන් බිඳින්න් අතින් මෙම මමී තුනට අතිශයින් හානි සිදු වී තිබිණි.

ලාබාල යුවතිය මමියේ අනන්‍යතාව පිළිබඳ ඇත්තේ දැඩි මතභේදාත්මක ස්වරූපයකි. මමිය සොයා ගැනීමෙන් පසු, වික්ටර් ලොරෙට් මෙම තරුණ පිරිමියකුට අයත් යැයි විශ්වාස කළේ එහි හිස මුඩු ස්වභාවයක් ගැනීම නිසායි. ලොරෙට්ගේ මුල් මතය වසර ගණනාවක් පුරා විශ්වාස කෙරුණ ද, පසුකලෙක ආචාර්ය ග්‍රැෆ්ටන් එලියට් ස්මිත් විසින් සිදුකළ සමීප අධ්‍යයනයකින් පෙනී ගියේ මමිය කාන්තාවකට අයත් වූවක් බවයි.

 
ලාබාල යුවතියගේ ඉදිරි පෙනුම

මෑතක දී, අලිංග වර්ණදේහ සහ මයිටොකොන්ඩ්‍රීය DNA පරීක්ෂාවකින් පෙනීගියේ මෙම මමිය කාන්තාවකගේ බවත්, ඇය ටූටන්ඛාමූන්ගේ මෑණියන් බවත් ය. එසේම එම ප්‍රතිඵල මගින් අනාවරණය වූයේ ඇය ඇගේ සැමියා වූ KV55 සොහොන්ගැබෙන් හමු වූ මමිය හිමි පුරුෂයාගේ පූර්ණ සොයුරියක බවයි. ඒ අනුව ඔවුන් දෙදෙනාම IIIවන අමෙන්හොටෙප් සහ ටියේ රැජිනගේ දරුවන් වේ. KV55 සොහොන්ගැබෙන් හමුවූ මමියේ (සහෝදරි විවාහයක් සිදු වූ) අනන්‍යතාවය ද මතභේදයට තුඩු දී ඇත. සාහි හවාස් ඇතුළු ඇතැම් ඊජිප්තුවේදීන් විශ්වාස කරන්නේ එය අක්නාටන්ගේ බවයි. නමුත් මානව විද්‍යාඥ ජොයිස් ෆයිලර් ඇතුළු සමහරුන් පවසන්නේ එම මමිය ස්මෙන්ඛ්කරේගේ බවයි. මෙම පවුල් සම්බන්ධතාවය අනුව ලාබාල යුවතිය (එනම් ටූටන්ඛාමූන්ගේ මව) යනු නෙෆර්ටිටි හෝ අක්නාටන්ගේ දෙවන බිසව වූ කියාගේ මමිය යැයි සිතිය නොහැකි බව පෙනේ. එයට හේතුව කිසිදු පුරාවස්තුවක එම බිසෝවරුන් දෙදෙනාගෙන් එක් අයකුවත් "රජුගේ සොයුරිය" හෝ "රජුගේ දියණිය" ලෙස හඳුන්වා ‍නොතිබීමයි. ලාබාල යුවතිය සිටාමුන්, අයිසිස්, හෝ හෙනුට්ටනෙබ් ‍යන අයගෙන් අයකු විය නොහැකි බව පෙනේ. ඔවුන් සිය පියා වූ IIIවන අමෙන්හොටෙප්ගේ මහා රාජකීය භාර්යාවෝ වූහ. අක්නාටන් ඔවුන්ගෙන් අයකු හා විවාහ වූයේ නම්, ඇයට නෙෆර්ටිටි වෙනුවට ඊජිප්තුවේ අගබිසව ධුරය හිමි විය යුතු යුතු ය. වාර්තාවේ දැක්වෙන්නේ මෙම මමිය IIIවන අමෙන්හොටෙප් සමග විවාහ වූයේ යැයි නොපැවසෙන අමෙන්හොටෙප්ගේ දියණියන් වූ නෙබෙටාහ් හෝ බෙකෙටාටන් විය හැකි බවයි. නමුත් අමෙ‍න්හොටෙප් රජුට දාව ටියේ රැජිනට දියණියන් අටදෙනකු වූ බව සඳහන් වේ.(සටහන: රූපය 2 eAppendix)

ඇතැම් තර්කයන් අනුව, ලාබාල යුවතිය යනු අක්නාටන් සහ නෙෆර්ටිටිගේ දියණිය සහ ස්මෙන්ඛ්කරේගේ බිරිය වූ මෙරිටාටන් යැයි පැවසේ. මේ සඳහා පාදක කරගෙන ඇත්තේ ටූටන්ඛාමූන් වෙත උරුම වූ ඇලීලයන් ය. තොරතුරු අනුව, මෙරිටාටන් සමග විවාහ වූ ස්මෙන්ඛ්කරේ ඇගේ මාමා කෙනකු යැයි පැවසේ. එවිට ටූටන්ඛාමූන් අක්නාටන්ගේ මාතෘ පාර්ශ්වීය මුණුපුරකු යැයි සැලකීමට සිදු වේ. සහාභිජනනය හේතුවෙන් පරම්පරා හඳුනා ගැනීම අපහසු වුවත්, මෙම තර්කයේ එක් අඩුපාඩුවක් ඇත. මෙරිටාටන්, ටියේ රැජිනගේ හෝ ටියේගේ මව වූ තුයාගේ මයිටොකොන්ඩ්‍රීය පැවතෙන්නකු විය යුතු ය. නමුත් ලාබාල යුවතියගේ මයිටොකොන්ඩ්‍රීය DNA ගැළපෙන්නේ ටියේගේ දියණියක් ලෙසටයි. නෙෆර්ටිටිගේ පෙළපත කිසිදු ස්ථානයක විශේෂ කර දක්වා නැත. මේ නිසා මෙරිටාටන් ලාබාල යුවතිය වූයේ නම්, නෙෆර්ටිටි තුයාගේ මයිටොකොන්ඩ්‍රීය ඥාතියකු විය යුතු ය.

ව්‍යාභිචාරය එකල අසම්මත සිද්ධියක් නොවූ හෙයින්, ලාබාල යුවතිය යනු නෙෆර්ටිටි යැයි යෝජනා වී ඇත. එය එසේ වී නම්, අක්නාටන් සිය සොයුරිය හා විවාහ වූ අතර, ටූටන්ඛාමූන්ගේ දෙමාපියන් අක්නාටන් සහ නෙෆර්ටිටි විය යුතු ය. එසේම සිය සැමියාගේ මරණින් පසු ද ජීවත් වූ නෙෆර්ටිටි, ස්මෙන්ඛ්කරේ යන නාමයෙන් රාජ්‍ය පාලනය කරන්නට ඇත. (එසේම ඇගේ දියණියව සිය නිල ධුරයන් වූ ප්‍රධාන පූජකවරිය සහ 'භාර්යාව' යන ධුරයන්ට පත් කරන්නට ඇත) මේ සියල්ල සනාථ වී නොමැත. නමුත් මෙය ද සාධාරණ තර්කයක් ලෙස දැක්විය හැක. මෙම මතයට පිළිගැනීමට ඇති අපහසුතාවක් නම් මමියේ මියයන විට වයසයි. එයට හේතුව නෙෆර්ටිටි මෙරිටාටන්ට උපත ලබා දුන්නේ අක්නාටන්ගේ 1වන රාජ්‍ය වර්ෂයට පසුව නොවීමත්, ඇය 16වන වර්ෂයේ ද ජීවත්ව සිටීමත් ය.

මමිය පිළිබඳ විස්තරය

 
ලාබාල යුවතිය මමිය පිළිබඳ ග්‍රැෆ්ටන් එලියට් ස්මිත් විසින් නිර්මාණය කරන ලද සම්පූර්ණ දේහ සටහනක්; මෙය සොයාගන්නා විට එහි දක්නට ලැබුණු හානිය ද මෙහි සටහන් කොට ඇත.

ග්‍රැෆ්ටන් එලියට් ස්මිත් විසින් විසිවන සියවස ආරම්භයේ දී පුරාතන රාජකීය මමී පිළිබඳ සිදු කළ සමීක්ෂණයේ මෙම මමිය පිළිබඳ සවිස්තර වාර්තාවක් සපයා ඇත. ඔහු මෙම මමිය 1.58m (අඩි 5 අඟල් 2) උසැති බව දක්වා ඇත. මිය යන විට ඇගේ වයස අවුරුදු 25ට වැඩි නොවිය හැකි බව එහි දැක්වේ. එසේම ඔහු විසින් පුරාතන නිධන් සොරුන් විසින් එයට සිදු කර තිබූ විශාල හානිය පිළිබඳ විස්තර කර තිබේ. ඔවුන් විසින් මමියේ ළයෙහි පූර්ව බිත්තිය විනාශ කොට තිබේ. උරහිසට වහාම පහළින් දකුණු බාහුව වෙන් වී ඇත. ස්මිත් අනුමාන කොට තිබූයේ මෙය රාජකීය පවුලේ සාමාජිකාවකගේ මමියක් බවයි.

මමියේ මුඛයේ සහ කම්මුලෙහි වම් පස වූ විශාල තුවාලය හේතුවෙන් හනුවේ කොටසක් විනාශ වී ඇති අතර, එය ද නිධන් සොරුන්ගේ ක්‍රියාවන් හේතුවෙන් සිදුවූවකැයි සැලකේ. නමුත් මෑතක දී ජාන පරීක්ෂා සහ CT පරිලෝකන ආධාරයෙන් සිදු කළ මමියේ යළි අධ්‍යයනයකින් පෙනීගොස් ඇත්තේ තුවාලය මරණයට පෙර සිදුවූවක් බවත්, එය මරණීය තුවාලයක් වන්නට ඇති බවත් ය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 13, 2026

    ටෙනිසන් පෙරේරා

  • අප්‍රේල් 17, 2026

    මැලේ අර්ධද්වීපය

  • අප්‍රේල් 11, 2026

    චාල්ස් කුමාරයා

  • අප්‍රේල් 21, 2026

    ඊජිප්තුවේ ටියොස්

  • අප්‍රේල් 16, 2026

    රුද්‍රමාදේවි (චිත්‍රපටය)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට