සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගාමිණී කල්‍යාණදර්ශ හත්තොටුවේගම (1939 නොවැම්බර් 29 - 2009 ඔක්තෝබර් 30) ශ්‍රී ලාංකික නාට්‍යකරුවෙකි, අධ්‍යක්ෂකවරයෙකි, නළුවෙකි, විචාරකයෙකි, රංග කලා ආචාර්යවරයෙකි. ශ්

ගාමිණී හත්තොටුවේගම

  • මුල් පිටුව
  • ගාමිණී හත්තොටුවේගම

ගාමිණී කල්‍යාණදර්ශ හත්තොටුවේගම (1939 නොවැම්බර් 29 - 2009 ඔක්තෝබර් 30) ශ්‍රී ලාංකික නාට්‍යකරුවෙකි, අධ්‍යක්ෂකවරයෙකි, නළුවෙකි, විචාරකයෙකි, රංග කලා ආචාර්යවරයෙකි. ශ්‍රී ලංකාවේ නූතන වීදි නාට්‍යයෙහි පීතෘවරයා වශයෙන් පුළුල් ව සම්භාවනාවට පත් ව සිටි ඔහු පශ්චාත් යටත් විජිත ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ ගමන් මග කෙරෙහි වඩාත් ම බලපෑ නාට්‍යකරුවන්ගෙන් කෙනෙකි. 1974 මැද භාගයේ සිට මිය යන තුරු ම ශ්‍රී ලංකා විවෘත වීදි නාට්‍ය කණ්ඩායමෙහි නියමුවා වශයෙන් කටයුතු කළ හෙතෙම වේදිකා හා සිනමා නළුවෙක් ද විය.

ගාමිණී හත්තොටුවේගම

1938 නොවැම්බර් මස 29 දින ගාල්ල, “රිච්මන්ඩ් විව්” නිවසේදී උපත ලැබූ ගාමිණී හත්තොටුවේගම මහතා ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ විප්ලවීය චරිතයක් විය.

නාට්‍ය හා සිනමා විචාරකයකු ද, ඉංගශ්‍රීසි බසින් ලියැවුණු නාට්‍යයන් සිංහලට පරිවර්තනය කරලීමේ වියත් ඉංගී‍්‍රසි කථිකාචාර්යවරයකු හා රට පුරා නාට්‍ය ශිල්පීන් රැසක් බිහිකළ ප්‍රවීන නාට්‍යවේදියකු ලෙසින් ද ඒ මහතා ප්‍රකට ව සිටියේය. ඉංගිරිසි සාහිත්‍යය පිළිබඳව විද්වතකු වූ ආචාර්ය ගාමිණී හත්තොටුවේගම මහතා මෙරටට වීදි නාට්‍ය කලාව හඳුන්වා දෙමින් 1974 දී වීදි නාට්‍ය කණ්ඩායම් බිහි කිරීමේ ගෞරවය හිමිකර ගත් කලාකරුවෙකි.

ආර්ථික හෝ වෙනත් බොහෝ හේතු නිසා සිය සමකාලීනයින් සහ ශිෂ්‍යයින් වෙනත් ලාභදායී ක්ෂේත්‍ර කරා සංක්‍රමණය වුවත් සිය මුළුමහත් ජීවිතයම නාට්‍යකරණයටත් එය ඉගැන්වීමටත් කැපකළ හත්තොටුවේගම සූරීන් 2009 ඔක්‌තෝබර් 30වන සිකුරාදා අලුයම මිය යන විට 69 වියෙහි පසු විය.

ශ්‍රී ලංකාවේ ගාමිණී හත්තොටුවේගම නමැති පුරෝගාමී නාට්‍යකරුවා පිළිබඳ අවමංගල උත්සවයේ රඳවා තිබුණු ශෝක ප්‍රකාශයක කවුරුන් විසින් හෝ මෙසේ සඳහන් කර තිබුණි. ‛‛දැවී මිසක ආලෝකය සපයනු කෙළෙසකද?’’ මෙය ඔහුටම සරිලන නිශ්චිතම ප්‍රකාශයකි. ඔහු ඔහුගේ වීදි නාට්‍ය ව්‍යාපාරය වෙනුවෙන් බහුතරය අපේක්ෂා කළ සම්මත ජීවන රටාවකට අවශ්‍ය සියල්ල නොතකා හැරියේය. ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පරිණත දැනුමැති විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් විය. එහෙත්, ඉංග්‍රීසි භාෂා දැනුම නිසා උදුම්මා ගත හැකිව තිබුණු හිස ඔහු නිහතමානීත්වයෙන් පුරවා ගත්තේ ය. ලෙහෙසියෙන්ම විශ්වවිද්‍යාලයයක මහාචාර්යවරයෙකු දක්වා විදග්ධ මහේශාක්‍යත්වයක් ලබා ගන්නට ඉවහල් වන ආචාර්ය උපාධිය සඳහා නිබන්ධනය සැපයීම වසරින් වසර කල් පසුකර පසුව සදාකාලිකවම එය අමතක කර දැම්මේ ය. සාක්කුවේ සතේ නැති වන තුරු වියදම් කළේ ය. හිසට සෙවණක් ගැන නොසිතුවේ ය. තම ශරීර සෞඛ්‍යය ගැන හෝ ජීවිතය ගැන නොතැකුවේ ය. ඔහු මේ සියලුම කැප කිරීම් කළේ වීදි නාට්‍ය ව්‍යාපාරය වෙනුවෙනි. වීදි නාට්‍ය කලාව ඔස්සේ ආමන්ත්‍රණය කළ පීඩනයට පත් වන ජනතාව වෙනුවෙනි.

අඩවියෙන් බැහැර පිටු

  • වීදි නාට්‍ය කලාව ඉදිරියටම ගෙනයා හැකි නව පරපුරක්‌ මම බිහිකළා....ඒ සතුට මගෙ මුලු ජීවිතයටම ඇති සංරක්ෂණය කළ පිටපත 2009-11-11 at the Wayback Machine
  • ප්‍රබුද්ධයාණ: ඇදූරාණ: මිතුරාණ සංරක්ෂණය කළ පිටපත 2009-11-17 at the Wayback Machine
  • ගාමිණී හත්තොටුවේගම සංරක්ෂණය කළ පිටපත 2009-11-03 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    කොරියානු භාෂාව

  • අප්‍රේල් 27, 2026

    කතරගම පුදබිම

  • අප්‍රේල් 08, 2026

    කෘෂි විද්‍යාව

  • අප්‍රේල් 05, 2026

    යුරෝපා සංගමය

  • අප්‍රේල් 09, 2026

    උදාගම් ව්‍යාපාරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට