සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

*උඩරට නැටුම්වලදී බෙහෙවින් භාවිතා කෙරෙන, (කොන් දෙකට වඩා මැද මහත බෙරය) යනුවෙන් අර්ථකථනය කළ හැකි, උඩරට ප්‍රදේශයේ චිරාත් කාලයක් ප්‍රචලිත ව තිබීම නිසා වර්තමානයේ උඩරට

ගැට බෙරය

  • මුල් පිටුව
  • ගැට බෙරය

*උඩරට නැටුම්වලදී බෙහෙවින් භාවිතා කෙරෙන, (කොන් දෙකට වඩා මැද මහත බෙරය) යනුවෙන් අර්ථකථනය කළ හැකි, උඩරට ප්‍රදේශයේ චිරාත් කාලයක් ප්‍රචලිත ව තිබීම නිසා වර්තමානයේ උඩරට බෙරය නමින් ද හැඳින්වෙන ගැටබෙරය නම් වූ ලොව මවිත කළ දෙඅතින් තැලීමෙන් හමින් ශබ්ද උපදවන මේ අවනධ්‍ය භාණ්ඩය කවදා කෙසේ ප්‍රභවය වූවක් ද, විදේශයකින් මෙහි ආදේශ වූවක් ද, එසේ විදේශයකින් ආදේශ වූයේ නම් ලොව වෙනත් කොතනකදී හෝ අනුරුවක් හෝ ඉතිරි ව තිබේ ද, එසේ නැතිනම් අපේ ම මුතුන් මිත්තන්ගේ නිර්මාණයක් ද, ලොව අන් රටවල මෙන් මුල් අවස්ථාවේ සරල ව නිර්මාණය වී ක්‍රමයෙන් සංවර්ධනය වී මේ තත්ත්වයට පැමිණි එකක් ද, නිගමනයකට එළඹීම අසීරු ය.

ගොනුව:Geta beraya.jpg
ගැට බෙර වාදකයෙක්

පටුන

හැඳින්වීම

උඩරට බෙරය හෙවත් ගැට බෙරය දීර්ඝ කාලයක සිට ලංකාවේ වාදන භාණ්ඩ අතර ප්‍රමුඛස්ථානයක් ගත් ආතත භාණ්ඩයක් වේ. උඩරට නර්තනයේදී භාවිතා වන මෙම බෙරය දේශීය සංගීතයේ දී වැදගත් සංගීත භාණ්ඩයකි. උඩරට නැටුම් සම්ප්‍රදායේ දී සුවිශේෂීව භාවිතා වන නිසාත්, උඩරට නැටුම් ඉතිහාසයට උරුමකම් කියන නිසාත් මෙයට උඩරට බෙරය යන නාමය භාවිතා කරයි.

ඉතිහාසය

ඉතිහාසයේදී මෙන්ම අද ද උඩරට නැටුම සඳහා ගැටබෙරය මහත් සේවයක්‌ කරයි. ධාතු වංශයේ මෙය "දෙණ්‌ඩිම" හා සමාන යෑයි කීව ද අද භාවිත වන ගැටබෙරය ඊට වෙනස්‌ ය. ථූපවංශය, දඹදෙණි අස්‌න, සද්ධර්මාලංකාරය ආදී ග්‍රන්ථ කීපයක සඳහන් වන බෙර සංඛ්‍යාව අති විශාලය. සිංහල යුද්ධ හමුදාවේ ගැටබෙරය ද ඇතුළත් වන මෙම බෙර සියල්ලම වාදනය කළ බව ඉහත කී ග්‍රන්ථ සාක්‌කි දරයි. අදද හෙළ සටන් කලාව වන අංගම්පොර සටන් කලාව තුළ මෙම ගැට බෙරය භාවිතා වන බව කොරතොට අංගම්පොර සම්ප්‍රදායේ ශිල්පීන් දක්වයි. ලංකාවේ ඉතිහාස ග්‍රන්ථවල පවා සඳහන් වන මෙම බෙරය ලංකාවට ආවේණික වූ සුවිශේෂි වූ බෙරයකි. වෙස්සන්තර ජාතක කාව්‍යයේ එන පහත කවිය එයට හොඳව උදාහරණයයි.

ගැට බෙර පනා බෙර
දවුල් තමිමැට්ටම් බෙර
මිහිගුද එකැස් බෙර
මොරහු සක්සින්නන් නලා බෙර

එපමණක් නොව පහත සඳහන් වන තෙලපත්ත ජාතක කාව්‍ය තුළ දක්නට ලැබෙන කවිය ද මෙහි ඉතිහාසයට තවත් ප්‍රභල උදාහරණයකි.

එකැස්පනා බෙර ගැට බෙර කාහලද
සතොස්වනා විණා සහ ගිහඬද
නොලස්කනා ලියවෙස් ගෙන වයමින්ද
සුබස්දෙනා යක් අඟනන් ඇතතවද

ගැටබෙරයේ සැකැස්ම

ගොනුව:ගැට බෙරය.jpg
ගැට බෙරය

කොහොඹ, ගං සූරිය, දේවදාර, ඇසල වැනි තද අරටු සහිත දැව වර්ග ගැටබෙර සකස් කිරීමේදී කඳ සඳහා යොදා ගනිමින් මෙම ගැටබෙරය නිර්මාණ කෙරේ. දිග සාමාන්‍යයෙන් අඟල් 28ක් පමණ වන ගැටබෙරයේ වම්පස මුහුණට වඩා දකුණු පස මුහුණත ප්‍රමාණයෙන් තරමක් කුඩා වනසේ සකස් කරනු ලැබේ. වම් පසට ඝන වූ ගව හම්ද, දකුණු පස බෙර ඇසට වඳුරු හමක් හෝ තලගොයි හමක් ‍යොදා ගනියි.

ගැටබෙරයේ කොටස්

  • බෙරයේ කඳ "බෙරකඳ" නමින් හැඳින්වේ
  • බෙරයේ මැද මහත් වූ කොටස ‍"බෙර පුහුල" නම් වේ
  • බෙරයේ දෙපස ඇති හම තද කිරීම හා බුරුල් කිරීම සඳහා එම තට්ටු බෙර කඳට සවිකර ගැනීම සඳහා උපයෝගී වන්නේ "වරපට" යි
  • බෙර ඇසට උඩින් එහි ආරක්ෂාවට යොදා ඇති හම් කොටස "කැපුම් හම" වේ
  • බෙරය වාදනයට ඉනේ බැඳගනු ලබන්නේ "බෙර ලනුවෙනි"
  • ගැට බෙරයේ දකුණු පස ආවරණය කළ රවුමේ මැද කොටස "දකුණු ඇස" වේ
  • ගැට බෙරයේ වම් පස ආවරණය කළ රවුමේ මැද කොටස "වම් ඇස" වේ
  • බෙරය ඉනේ බැඳගත් විට ආවරණය කළ රවුමේ මැද කොටස "වම් ඇස" වේ.
  • බෙරය ඉනේ බැඳ ගැනීමට යොදනු ලබන ලනුව බෙරය හා සම්බන්ධ කරන්නේ "කන් වරය" මගිනි
  • බෙරයේ දකුණු ඇසට සම්බන්ධ කන්වරයට යා කෙරෙන මෙය පිත්තලෙන් සාදන ලද ගිගිරි වලල්ලකි. එය "කයිපුඩි වලල්ල" නමින් හැඳින්වේ
  • එකට වෙලා ඇති සිහින් හම් එකතුවෙන් බෙරයේ ගැටිය සකස් කරනු ලැබේ. එයට "වෙනිවර කැරැල්ල "යැයි කියනු ලැබේ.

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සංගීතය
  • නර්තනය
  • ශ්‍රී ලංකාවේ ශ්‍රාස්ත්‍රීය නැටුම්
  • ජන නාට්‍ය

බාහිර යොමු

  • ශ්‍රී ලංකීය බෙර - පින්තූර හා ශබ්ද සංරක්ෂණය කළ පිටපත 2011-06-24 at the Wayback Machine
  • පියසර ශිල්ප දීප්තිගෙ බෙර සංරක්ෂණය කළ පිටපත 2011-07-28 at the Wayback Machine
  • නිවැරදි ව බෙර වැයීමට උගනිමු ද? සංරක්ෂණය කළ පිටපත 2013-11-16 at the Wayback Machine

අධෝලිපි

  1. සංරක්ෂිත පිටපත, http://www.sinhaladictionary.org/index.php/term/11,26590.xhtml, ප්‍රතිෂ්ඨාපනය 2011-06-10 
  2. සංරක්ෂිත පිටපත, http://www.sinhalaya.com/network/index.php?topic=4447.0, ප්‍රතිෂ්ඨාපනය 2011-06-10 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 14, 2026

    ජෝර්දාන් ගංගාව

  • අප්‍රේල් 07, 2026

    තනි තරුව

  • අප්‍රේල් 01, 2026

    පරිගණක මෙහෙයුම් පද්ධති

  • අප්‍රේල් 05, 2026

    පාණ්ඩ්‍ය රාජවංශය

  • අප්‍රේල් 05, 2026

    Fred Hoyle

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට