සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ සමයයට අයත් ගද්‍ය නිර්මාණ අතර විශාලතම කෘතිය වන්නේ සද්ධර්ම රත්නාකරයයි. සද්ධර්මය නම් වූ රුවන් ආකරය යන අර්ථයෙන් මේ නම යෙදී ඇත.

සද්ධර්ම රත්නාකරය

  • මුල් පිටුව
  • සද්ධර්ම රත්නාකරය

ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ සමයයට අයත් ගද්‍ය නිර්මාණ අතර විශාලතම කෘතිය වන්නේ සද්ධර්ම රත්නාකරයයි. සද්ධර්මය නම් වූ රුවන් ආකරය යන අර්ථයෙන් මේ නම යෙදී ඇත.

සද්ධර්ම රත්නාකරය කි‍්‍ර.ව. 1419 දී පමණ ලියැවුණු බව පිළිගැනේ. මෙහි කතුවරයාණන් සිද්ධාර්ථ හෙවත් ධර්මදින්නාචාර්ය විමලකීර්ති නම් හිමිපාණන්වූ වේ. උන් වහන්සේ ගම්පොළ සමයේ වැඩ විසූ හා නිකාය සංග‍්‍රහය, සද්ධර්මාලංකාරය ආදි වූ කෘති ලියූ දෙ වැනි ධර්මකීර්ති මහා ස්ථවිරයන්ගේ ශිෂ්‍යයකු වේ. මේ සද්ධර්ම රත්නාකරය ලිවීම සඳහා වික‍්‍රමබාහු නම් මහා ස්ථවිර නමකගේත් වීරසුන්දර කුමර නම් උපාසක කෙනෙකුගේත් ආරාධනය ලැබුණු බව පැවැසෙන හෙයින් එය බාහිර නිමිත්ත වූ පෙනේ. සද්ධර්ම රත්නාකරය පරිච්ඡේද 36 කට බෙදා දක්වා තිබේ. ඒවා ප‍්‍රකීර්ණ සංග‍්‍රහ කථා, අභිනීනාර සංග‍්‍රහ කථා, දශපරමාර්ථ පාරමිතා කථා, අභිනිෂ්ක‍්‍රමණ සංග‍්‍රහ කථා, මෙත්තෙය්‍ය සංග‍්‍රහ කථා, බුද්ධාද්භූත කි‍්‍රයා සංග‍්‍රහ කථා ආදි වශයෙන් කතුවරයාණන් විසින් ම නම් කොට තිබේ. මේ කෘතියෙහි අර්ථ රසයට වඩා ශබ්ද රසයට මුල් තැන දී ඇති සේ පෙනේ. දොළොස් වැනි සහ දහතුන් වැනි පරිච්ඡේදවලින් ලංකා ඉතිහාසය හා ශාසනික ඉතිහාසය පිළිබඳ තොරතුරු රැුසක් ප‍්‍රකාශ වේ. දාහතර වැනි පරිච්ඡේදයේ සිට ලක්දිව භික්ෂු සමාජයට අදාළ විස්තර රැසක් ද අනාවරණය වේ. සද්ධර්ම රත්නාකරය, ධම්මදින්නාචාර්ය විමලකීර්ති හිමියන් අතින් ලියැවුණු දෘශ්‍යමාන එක ම සාහිත්‍ය කෘතිය වේ. ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ සමයේ ලියැවුණු වටිනාකම ගද්‍ය නිබන්ධය ලෙසින් සද්ධර්ම රත්නාකරය සැලකිය හැකිය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    උතුරු ඇමෙරිකාව

  • අප්‍රේල් 04, 2026

    ග්‍රීක දර්ශනවාදීන්

  • අප්‍රේල් 07, 2026

    පුරාණ ඔලිම්පික්

  • අප්‍රේල් 09, 2026

    නවීන් දිසානායක

  • මාර්තු 13, 2026

    එක්සත් ජාතීන්ගේ සංවිධානය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට