සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සේලාගේ විජේරත්න බණ්ඩා වරකාගොඩ (උපත 21 නොවැම්බර් 1933) ශ්‍රී ලාංකේය සිනමාවේ, වේදිකා නාට්‍යයේ සහ රූපවාහිනියේ නළුවෙකි. දශක හයකට වැඩි

විජේරත්න වරකාගොඩ

  • මුල් පිටුව
  • විජේරත්න වරකාගොඩ

රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සේලාගේ විජේරත්න බණ්ඩා වරකාගොඩ (උපත 21 නොවැම්බර් 1933) ශ්‍රී ලාංකේය සිනමාවේ, වේදිකා නාට්‍යයේ සහ රූපවාහිනියේ නළුවෙකි. දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතය, වරකාගොඩ සිලෝන් ගුවන්විදුලිහි ගායකයෙක් සහ හඬකැවීම් ශිල්පියෙක් ද වේ. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මුවන් පැලැස්ස ගුවන් විදුලි නාටකයේ "කෝරලේ මහත්තයා" චරිතයටය.

පවුල් පසුබිම

විජේරත්න වරකාගොඩ සිනමාව, ටෙලි නාට්‍යය හා වේදිකා නාට්‍යය කලාවට ඉමහත් සේවයක් ඉටුකල ප්‍රවීණ රංගන ශිල්පියෙකි. ඔහු විවාහ වී සිටින්නේ ප්‍රවීණ රංගන ශිල්පිනි චිත්‍රා වරකාගොඩ මහත්මිය සමගයි. වරකාගොඩ මහතාට ඇය හමුව ඇත්තේ ප්‍රවීණ රංගන ශිල්පී හෙන්රි ජයසේන මහතාගේ කුවේණි වේදිකා නාට්‍යයේදීය. විජේරත්න වරකාගොඩ මහතාගේ පුත් ජයනාත් වරකාගොඩද ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක වරයෙකී.වරකාගොඩ මහතාව ප්‍රසිද්ධ වී ඇත්තේ කෝරලේ මහත්තයා යන නාමයෙනි.

ටෙලිනාට්‍යය

  • අකුරු මැකී නෑ
  • අලුත් ගෙදර
  • අමරපුරය
  • එකගෙයි කුරුල්ලෝ
  • කෝරලේ මහත්තයා
  • ගගන පියවර
  • ජෝඩු ගෙදර
  • තරු පිරි අහස
  • ත්‍රීවීල් මල්ලි
  • දුටු නොදුටු මල
  • පින්කඳ සිමෝනා
  • භාග්‍යා
  • මහවිරු පන්ඩු
  • මුතු කිරිල්ලි
  • රන් සමනලයෝ
  • සකිසඳ සුවාරිස්
  • සබඳ පබ්ලිස්
  • සිහින සාප්පුව
  • සුදුයි උසයි
  • සුන්දර චන්දරේ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 07, 2026

    පසුකාලීන ගොගුර්යෝ

  • අප්‍රේල් 10, 2026

    ජනාධිපතිවරු - ශ්‍රී ලංකා

  • අප්‍රේල් 05, 2026

    ජාතක කතා

  • අප්‍රේල් 05, 2026

    Soviet Union

  • අප්‍රේල් 22, 2026

    අයිටීඑන් නාලිකාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට