සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජොහන්නස් කෙප්ලර් (Johannes Kepler) (දෙසැම්බර් 27, 1571 – නොවැම්බර් 15, 1630) යනු ජර්මානු ජාතික ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක් හා නක්ෂත්‍ර පිළිබඳ දැනුමක් තිබූ ප්‍

Harmonices Mundi

  • මුල් පිටුව
  • Harmonices Mundi

ජොහන්නස් කෙප්ලර් (Johannes Kepler) (දෙසැම්බර් 27, 1571 – නොවැම්බර් 15, 1630) යනු ජර්මානු ජාතික ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක් හා නක්ෂත්‍ර පිළිබඳ දැනුමක් තිබූ ප්‍රාඥයෙකි. 17වන සියවසේ ඇතිවූ විද්‍යාත්මක විප්ලවයේ කැපී පෙනෙන චරිතයක් වූ මොහුව එයින් මුඋලික වන්නේ ඔහු ඉදිරිපත්කල ග්‍රහවස්තුන්ගේ චලනය පිළිබඳව ඉදිරිපත් කල නීති සංග්‍රහය හේතුවෙනි. මෙම නීති සංග්‍රහය, ඔහු විසින් රචිත Astronomia nova, Harmonices Mundi හා Epitome of Copernican Astronomy පොත් ඇසුරෙන් පසුකාලීනව තාරකා විද්‍යාඥයින් විසින් ක්‍රමානුකුලව සම්පාදනය කරන ලදී. ඔහුගේ මෙම සොයාගැනීම් "අයිසැක් නිව්ටන්ගේ විශ්වය පුරා පවතින ගුරුත්වාකර්ෂණයට" අදාළ සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට මූලික පදනමක් බවට පත්විය.

ඔහුගේ වෘත්තීය ගමනේදී ඔස්ට්‍රියාවේ ග්‍රාස් නුවර පිහිටි සෙමනේරියක ගණිත ගුරුවරයෙක් ලෙස කටයුතු කිරීමට සිදුවූ අතර එහිදී ඔහුට හාන්ස් උල්රික් වොන් එගේන්බර්ග් කුමාරයාගේ සහකරු බවට පත්වීමේ හැකියාව ලැබිණ. එයින් පසුව ටයිකෝ බ්‍රාවෝ නම් තාරකා විද්‍යාඥයාගේ සහකරු බවට පත්විය. අවසානයේ 2වන රුඩොල්ෆ් අධිරාජ්‍යයාගේද ඔහුට පසුව අධිරාජ්‍යයන් බවට පත්වූ මතායස් හා 2වන ෆර්ඩිනැන්ඩ් ගේද රාජකීය ගණිතඥයා බවට පත්විය. තවද ඔහු ඔස්ට්‍රියාවේ ලින්ස් නුවර පාසලක ගණිත ගුරුවරයෙක් ලෙසද ජෙනරාල් වැලන්ඩීන්ගේ උපදේශකවරයෙක් ලෙසද කටයුතු කළේය. මීට අමතරව ප්‍රකාශ විද්‍යාවට අදාළ ප්‍රධාන විෂයන් සම්බන්දව පර්යේෂණ කටයුතුවල යෙදුනු අතර එමගින් වැඩි දියුණු කල වර්ථක දුරේක්ෂයක් (කෙප්ලර්ගේ දුරේක්ෂය)නිර්මාණය කිරීමට හැකිවූ අතර, ඔහුගේ සමකාලීනයෙක් වූ ගැලීලියෝ ගැලලිගේ දුරේක්ෂ පිළිබඳ සොයාගැනීම් පිළිබඳව සඳහන් කරන ලදී.

කෙප්ලර් ජීවත් වූ වකවානුවේ තාරකා විද්‍යාව හා නක්‍ෂත්‍ර ශාස්ත්‍රය අතර පැහැදිලි වෙනස්කමක් නොතිබුන අතර, භෞතික විද්‍යාව(ස්වභාවික දර්ශන විද්‍යාවට අයත් ලෙසද) හා තාරකා විද්‍යාව(ගණිත විෂයට අදාළ ලෙසද) අතර පැහැදිලි වෙනසක් පැවතුන බව දැකිය හැක. කෙප්ලර් ඔහුගේ අධ්‍යයන කටයුතු සඳහා ඔහුගේ ආගමේ අන්තර්ගතයන්ද එහි මතවදයන්ද උපයෝගී කරගත් අයෙකි. ඔහු විශ්වාස කල අන්දමට දෙවියන් විසින් ලෝකය නිර්මාණය කල ඇත්තේ යම් පැහැදිලි අරමුණක් සහිතව, එය තේරුම් ගත හැක්කේ නිවැරදි තර්කයන් ගොඩනැගීම තුලින් බවය. කෙප්ලර් විසින් සොයාගත් තාරකා විද්‍යාවට අදාළ කාරණා ඔහු විසින් "අභ්‍යාවකාශ භෞතික විද්‍යාව" ලෙස හැඳින්වූ අතර එය සම්ප්‍රදානුකුලව පැවති භෞතික විශ්වවිද්‍යාවෙන් වෙනස් කිරීම සඳහා තාරකා විද්‍යාව විශ්වීය භෞතික ගණිතයේ කොටසක් ලෙස සලකන ලදී.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    ගගන් බුලත්සිංහල

  • අප්‍රේල් 06, 2026

    ශිරාණි බණ්ඩාරනායක

  • මාර්තු 31, 2026

    නවයොවුන් ලිංගිකත්වය

  • මාර්තු 15, 2026

    ජේතවනාරාමය, අනුරාධපුර

  • මාර්තු 26, 2026

    ලිංගිකත්ව අධ්‍යාපනය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට