සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විලියම් බ්ලේක් (1757 – 1827) ඉංග්‍රිසි කවියෙකි. චිත්‍ර ශිල්පියෙකි Print Maker. ඔහු ජීවත්ව සිටියදී හඳුනා නොගත්තේ වුවද වර්තමානයේදි බ්ලේක්ගේ කෘතින් කාව්‍යමය සහ චිත

විලියම් බ්ලේක්

  • මුල් පිටුව
  • විලියම් බ්ලේක්

විලියම් බ්ලේක් (1757 – 1827) ඉංග්‍රිසි කවියෙකි. චිත්‍ර ශිල්පියෙකි Print Maker. ඔහු ජීවත්ව සිටියදී හඳුනා නොගත්තේ වුවද වර්තමානයේදි බ්ලේක්ගේ කෘතින් කාව්‍යමය සහ චිත්‍ර කලාව සම්බන්ධයෙන් බොහෝ සෙයින් අගය කරනු ලැබේ. ඔහුගේ චිත්‍ර කලා නිපුණත්වය පිළිබඳ නවීන විචාරකයින් පවසන්නේ “බ්‍රිතාන්‍යය විසින් මේ දක්වා බිහි කර ඇති ශ්‍රේෂඨතම කලාකරුවා” ව‍ශයෙනි. ඔහුගේ ජීවිත කාලය පුරාවටම ලන්ඩනයෙන් පිට දිනකට වඩා වැඩි දුරක් ගියේ එක් දිනක් පමණක් වුවත් ඔහුගේ නිර්මාණශීලීත්වය විසින් දේවත්වය හෝ මානව පැවැත්ම පිළිබඳ හැඟිම් වැළඳගත් විවිධාකාර හරවත් ලේඛණ සමූහයක් බිහි කරනු ලැබීය.

විලියම් බ්ලේක්
William Blake in an 1807 portrait by Thomas Phillips.
වෘත්තියකවියෙකි, චිත්‍ර ශිල්පියෙකි. Print Maker
ප්‍රභේදයVisionary, Poetry
සාහිත්‍යමය සංවිධානයRomanticism
සංගණ්‍ය කෘතිය(න්)Songs of Innocence and of Experience, The Marriage of Heaven and Hell, The Four Zoas, Jerusalem, Milton a Poem

ආභාෂය ලැබූයේ
  • The Bible, Dante Alighieri, John Milton, Emanuel Swedenborg, Jakob Böhme, Mary Wollstonecraft, Henry Fuseli

ආභාෂයට නතු කලේ
  • William Butler Yeats, Hart Crane, Kahlil Gibran, Allen Ginsberg,
    John Gardner, Clive Barker, Kenzaburo Oe

ඔහුගේ අසාමාන්‍ය ගති පැවතුම් නිසා උමතු යයි සළකනු ලැබු බ්ලේක් වර්තමානයේ ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීම සහ නිර්මාණශීලීත්වය යටින් දිවෙන දර්ශනය පිළිබඳ ගුප්ත අදහස් සම්බන්ධයෙන් අගය කරනු ලැබේ. ඔහුගේ කාර්යයන් රොමැන්ටික ව්‍යපාරයක කොටසක් ලෙස වර්ග කරනු ලැබ ඇත. එයට හේතුව 18 වෙනි ශත වර්ෂයේ එය වැඩි වශයෙන් පෙනුනු කරුණක් වීමයි. බයිබලයේ ඉගැන්වීම් වලට පක්ෂපාති නමුත් පවතින පල්ලියේ ඉගැන්වීම් වලට සතුරු වූ බ්ලේක් ප්‍රංශ සහ ඇමෙරිකානු විප්ලවයේ පරමාර්ථවලින් පෝෂණය ලැබුවේය. එමෙන්ම එම්මානුවෙල් ස්වීඩන්බොර්ග් වැනි චින්තකයින්ගේ අදහස් වලින්ද පෝෂණය ලැබුවේය.

මෙම හඳුනාගත් කරුණු වලට අමතරව බ්ලේක්ගේ කෘතිවල ප්‍රතිභාව සහ විශිෂ්ඨත්වය වර්ග කර පෙන් වීම අසීරු වී ඇත. 19 වෙනි සියවසේ එක් උගතෙකු “බ්ලේක් කීර්තිමත් ප්‍රසිද්ධ උගතෙකි. කලින් කිසිවෙකු නොකළ, සමකාලීනයන්ට අසමාන, අනුප්‍රාප්තිකයින්ට ඒ තැන ගැනීමට නොහැකි ආකාරයේ පුද්ගලයෙකි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    පුරා විද්‍යාව

  • අප්‍රේල් 20, 2026

    හේමන්ත දේවප්‍රිය

  • අප්‍රේල් 09, 2026

    ගුණසේන ගලප්පත්ති

  • අප්‍රේල් 06, 2026

    බුද්ධාගමේ ඉතිහාසය

  • අප්‍රේල් 09, 2026

    දශ පොරොන්දම්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට