සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ෂම්මි සිල්වා (ඉංග්‍රීසි: Shammi Silva) යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සභාපති සහ හිටපු ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩක හා ශ්‍රී ලංකා ස්කොෂ් පිළ කලමණාකරුවරයෙකි. ෂම්මි, ජ

ෂම්මි සිල්වා

  • මුල් පිටුව
  • ෂම්මි සිල්වා

ෂම්මි සිල්වා (ඉංග්‍රීසි: Shammi Silva) යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සභාපති සහ හිටපු ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩක හා ශ්‍රී ලංකා ස්කොෂ් පිළ කලමණාකරුවරයෙකි. ෂම්මි, ජිම්කානා සමාජය - CH & FC හි සභාපතිද වෙයි.මෙහු මේවන විට ගෙනයන ක්‍රිකට් පාලනය මෙතෙක් පැවැති දූශිතම පාලන සමය වේ.මෙහු ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කිරීමේ හා සූදුව ශ්‍රී ලංකා ක්‍රිකට් තුලට ගෙනඒමේ මූලිකයා ලෙස හදුන්වයි.ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පිලිකුල් සහගතම පුද්ගලයාද මොහුය.

අටුලුගමගේ ෂම්මි ශිරාජ් සිල්වා
උපත
කොළඹ ශ්‍රී ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති, හිටපු ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩක හා ශ්‍රී ලංකා ස්කොෂ් පිළ කලමණාකරු
දරුවන්ශශිංක සිල්වා, ශනිල්කා සිල්වා
මව්පියන්(s)පියදාස සිල්වා (පියා), සීලවතී (මව)

ජීවන සටහන්

ෂම්මි සිල්වා කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි.

ෂම්මි 1977 සිට 1980 දක්වා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1980 දී නාලන්දා පිළෙහි නායකත්වය දැරීය. කීර්ති රණසිංහ, සනත් කලුපෙරුම හා රොෂාන් ගුනරත්න මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.

මතභේදාත්මක ප්‍රකාශ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතය් පිලිබඳ සිද්ධිය. ඔස්ට්‍රේලියාවේ පැවැති 2022 විස්සයි-විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා නිළියන්ට හා හිතවතුන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කිරීම සම්බන්ධ සිද්ධිය පිළිබඳව නිළියන්ට හා හිතවතුන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් නොකළ බවත්, කවුරුන් හෝ එම චෝදනාව ඔප්පු කළහොත් හෙට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පැවසීය.

දිනය ස්ථානය ප්‍රකාශය වැඩිදුර
2023 ජුලි 25 කොළඹ “මේක තනිකර බොරුවක්. අපි කිසිම නිළියෙකුට, පවුලේ හිතවතෙකුට සත පහක් වියදම් කරලා නැහැ. මම දැක්කා ජයන්ත ධර්මදාස මහත්තයට චෝදනා කරනවා එයා නිළියොත් එක්ක ඉන්නවා කියලා. සමහරුන්ට ඊර්ෂ්‍යාව තියෙනවා එක එක්කෙනා දැක්කාම. ඒ නිසා අපි විශ්වාසනීයව කියනවා එවැන්නක් නැහැ කියලා. කවුරු හරි අද ඔප්පු කරලා පෙන්නුවොත් අපි නිළියන්ට, හිතවතුන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කරලා තියෙනවා කියලා, අපි හෙට ක්‍රිකට් බෝඩ් එකෙන් ඉල්ලා අස්වෙනවා. ”

"ඕනැම කෙනෙකුට දෙන්න බැහැ. මම ඉන්නවා නම්, මට මගේ බිරිඳ එක්කගෙන යන්න බැරිද? මට මගේ මල්ලි හරි කාව හරි බැරිද. ඒ වගේම එහෙම යන අය ආපහු රටට එන්නත් එපැයි. අපේ විධායක කමිටුවට යන්න අයිතියක් නැද්ද? මේ සල්ලි ආණ්ඩුවේ සල්ලි නෙමෙයි. මේක තනිකර අයි.සී.සී. එකෙන් අපට දෙන්නේ. මේක ප්‍රයිවට් කම්පැනි එකක් වගේ. කෝප් එකට යන්න තියෙන්නේ මේක විගණකාධිපති විගණනය කරන නිසා. නමුත් ඔස්කොම හිතන් ඉන්නේ මේක 'පබ්ලික් මනී’ කියලා. 


"මේවා සාමාජිකත්වයට අයිති සල්ලි”

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර කැඳවූ හදිසි මාධ්‍ය සාකච්ඡාවකදී

ආශ්‍රිත

  • ෂම්මි සිල්වාගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්
  • The Best for Sri Lanka Cricket - BUSINESS TODAY[permanent dead link]
  1. "නිළියන්ට වියදම් කළා කියලා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා - ෂම්මි" Gossiplanka News, 2023 ජුලි 26
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 17, 2026

    වසභ රජ

  • අප්‍රේල් 04, 2026

    චෝල රාජවංශය

  • මාර්තු 23, 2026

    සමලිංගිකතාව

  • අප්‍රේල් 11, 2026

    චාල්ස් කුමාරයා

  • අප්‍රේල් 04, 2026

    සිංහබාහු රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට