සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සාමාන්‍ය සාපේක්ෂතාවාදය යනු, 1916දී ඇල්බට් අයින්ස්ටයින් විසින් ප්‍රකාශයට පත් කෙරුණු ගුරුත්වය පිළිබඳ ජ්‍යාමිතික සිද්ධාන්තය සහ නූතන භෞතික විද්‍යාවෙහි ගුරුත්වය පිළි

සාමාන්‍ය සාපේක්ෂතාවාදය

  • මුල් පිටුව
  • සාමාන්‍ය සාපේක්ෂතාවාදය

සාමාන්‍ය සාපේක්ෂතාවාදය යනු, 1916දී ඇල්බට් අයින්ස්ටයින් විසින් ප්‍රකාශයට පත් කෙරුණු ගුරුත්වය පිළිබඳ ජ්‍යාමිතික සිද්ධාන්තය සහ නූතන භෞතික විද්‍යාවෙහි ගුරුත්වය පිළිබඳ වත්මන් විස්තරය වෙයි. සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව වස්තූන් අතර ගුරුත්වාකර්ෂණයට හේතුව අවකාශ-කාලයෙහි විකෘත වීමය.

අවකාශ-කාලයෙහි විකෘත වීමෙහි නිරූපණයක්. (මෙය සැබෑ ත්‍රිමාන විකෘතිය නොපෙන්වන අතර විකෘතිය පිළිබඳ දළ අදහසක් සඳහා පමණක් දක්වා ඇත)

විසිවන සියවසේ ආරම්භය වන විට ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය වස්තූන් අතර ගුරුත්වාකර්ෂණය පැහැදිලි කරන න්‍යාය ලෙස වසර 200ක පමණ පිළිගැනීමකට ලක්ව තිබිණ. නිව්ටන්ගේ නියමයට අනුව වස්තූන් අතර ගුරුත්වාකර්ෂණයට හේතුව ස්කන්ධ අතර පවතින ආකර්ෂණීය බලයකි. මෙම බලයෙහි සැබෑ ස්වරූපය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබීම ශ්‍රීමත් නිව්ටන් පවා අපහසුතාවට පත් කිරීමට හේතුවක් විය. කෙසේවුවද, ගුරුත්වය යටතේ වස්තූන්ගේ චලිතය මෙම න්‍යාය මගින් මනාව පැහැදිලි කිරීමට හැකි වූ හෙයින් එය අතිශය සාර්ථක සෛද්ධාන්තික ජයග්‍රහණයක් ලෙස සලකන ලදී.

එහෙත් බුද සහ වෙනත් ග්‍රහයින්ගේ සමහර නව පරීක්ෂණාත්මක දත්ත, නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයෙන් පැහැදිලි කළ නොහැකි වූ අතර ඒ සඳහා සාමාන්‍ය සාපේක්ෂතාවාදය මනාව පිළිතුරු ලබා දුනි. නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයට අනුකූල නොවූ අතර මෙම ඌනතාව සැපිරීම සාමාන්‍ය සාපේක්ෂතාවාදය වැඩි දියුණු කිරීම මගින් සිදු කෙරිණි.

ආශ්‍රිත

  • ඇල්ෆර්, ආර්. ඒ.; හර්මන්, ආර්. සී. (1948), "එවලූෂන් ඔෆ් දි යුනිවර්ස්", නේචර්, 162 (4124): 774–775, Bibcode:1948Natur.162..774A, doi:10.1038/162774b0
  • ආර්නල්ඩ්, වී. අයි. (1989), මැතමටිකල් මෙතඩ්ස් ඔෆ් ක්ලැසිකල් මිකැනික්ස්, ස්ප්‍රිනර්, ISBN 3-540-96890-3
  • ආර්නොවිට්, රිචඩ්; ඩෙසර්, ස්ටැන්ලි; මිස්නර්, චාල්ස් ඩබ්. (1962), "ද ඩයිනමික්ස් ඔෆ් ජෙනරල් රෙලටිවිටි", in විට්න්, ලුවිස් (ed.), ග්‍රැවිටේෂන්: ඇන් ඉන්ට්‍රඩක්ෂන් ටු කරන්ට් රිසර්ච්, වයිලි, pp. 227–265
  • අරූන්, කේ.ජී.; බ්ලැන්කෙට්, එල්.; අයර්, බී. ආර්.; ක්වාසයිලා, එම්. එස්. එස්. (2007), ඉන්ස්පයිරලින් කම්පැක්ට් බයිනරීස් ඉන් ක්වාසි-එලිප්ටික්ල් ඔර්බිට්ස්: ද කම්ප්ලීට් 3PN එනර්ජි ෆ්ලක්ස්, arXiv:0711.0302, Bibcode:2008PhRvD..77f4035A, doi:10.1103/PhysRevD.77.064035
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 02, 2026

    ඩෙස්ක්ටොප් පරිගණකය

  • මැයි 15, 2026

    ශරීරාවරණ පද්ධතිය

  • මාර්තු 10, 2026

    අනගාරික ධර්මපාල

  • අප්‍රේල් 08, 2026

    වසන්ත ඔබේසේකර

  • මැයි 21, 2026

    අඟහරු ග්‍රහයා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට