සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අල්ලු අර්ජුන් යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම තෙලිඟු සිනමාවේ කටයුතු කරන ඉන්දියානු චිත්‍රපට නළුවෙකි.විජේතා චිත්‍රපටයේ ළමා රංගන ශිල්පියා ලෙස සහ ඩැඩී චිත්‍රපට

අල්ලු අර්ජුන්

  • මුල් පිටුව
  • අල්ලු අර්ජුන්

අල්ලු අර්ජුන් යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම තෙලිඟු සිනමාවේ කටයුතු කරන ඉන්දියානු චිත්‍රපට නළුවෙකි.විජේතා චිත්‍රපටයේ ළමා රංගන ශිල්පියා ලෙස සහ ඩැඩී චිත්‍රපටයේ නර්තන ශිල්පියා ලෙස රංගනයේ යෙදීමෙන් පසුව, අර්ජුන් සිය වැඩිහිටි ආගමනය සනිටුහන් කළේ ගංගෝට්රි චිත්‍රපටයෙනි.

අල්ලු අර්ජුන්
අල්ලු අර්ජුන් 2014 ෆිල්ම්ෆෙයාර් දකුණ සම්මාන උළෙලේ දී.
උපත8 අප්‍රේල් 1983 (1983-04-08) (වයස 43)
චෙන්නායි, තමිල් නාඩු
වෘත්තියsනළුවකු, නිෂ්පාදකයකු, නර්තන ශිල්පියකු, පිළිවැයුම් ගායිකාවක
සක්‍රීය වසර2001–වර්තමානය
Spouseඅල්ලු ස්නේහා රෙඩ්ඩි
දරුවන්2
මව්පියන්(s)අල්ලු අරවින්ද්
අල්ලු නිර්මලා
ඥාතීන්අල්ලු සිරිෂ් (සොහොයුරා)
අල්ලු රාම ලිංගයියා (පීතෘ පාර්ශ්වීය මුත්තණුවන්)
චිරන්ජීවි (මාතෘ පාර්ශ්වීය මාමා)

අනතුරුව අර්ජුන් සුකුමාර්ගේ ප්‍රහසන චිත්‍රපටයක් වූ ආර්යා චිත්‍රපටයේ රංගනයෙහි යෙදුණේ ය. ආර්යාහි ඔහුගේ රංගනය ඔහුගේ දිවියේ සුවිශේෂී කඩඉමක් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු සිය ප්‍රථම ෆිල්ම්ෆෙයාර් හොඳම තෙලිඟු නළුවා සම්මානය සඳහා නිර්දේශ විය. එසේම ඒ වෙනුවෙන් නන්දි සම්මාන උළෙලේ දී විශේෂ ජූරියේ සම්මානයත්, සිනේමා සම්මාන උළෙලේ දී හොඳම නළුවා සහ හොඳම නළුවා (ජූරියේ) යන සම්මාන ද්විත්වයත් හිමි කරගත්තේ ය. මෙම චිත්‍රපටය විචාරක අතින් මෙන්ම ආර්ථික අතින් ද සාර්ථක වූවකි.

ඔහු අනතුරුව වී. වී. විනායක්ගේ බනී චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය සිදුකළේ යත මෙහි දී ඔහු නිරූපණය කළේ බනී නැමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ චරිතයයි. idlebrain.com විසින් මෙහි ඔහුගේ රංගනය සහ නර්තනය අගය කරන ලදී. ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ ඒ. කරුණාකරන්ගේ සංගීතමය ප්‍රේම කථාවක් වූ හැපී චිත්‍රපටයයි. අනතුරුව ඔහු‍ පූරි ජගන්නාධ්ගේ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ දේසමුඩුරුහි ප්‍රධාන චරිත නිරූපණය කළේ ය. මෙය අඳුරු අතීතයක් සහිත කාන්තාවක සමග කටයුතු කරන බාල ගෝවින්දම් නැමැති නිර්භීත ජනමාධ්‍යවේදියකුගේ චරිතයකි. වර්තමානය වන විට තෙලිඟු සිනමාවේ ප්‍රමුඛ නළුවකු වීමට ඔහු සමත්ව ඇත.

පටුන

පෞද්ගලික දිවිය

අල්ලු අර්ජුන් උපත ලැබූයේ තමිල් නාඩුවේ චෙන්නායිහි දී නිෂ්පාදක අල්ලු අරවින්ද් සහ නිර්මලා යුවළට දාව ය.ඔහුගේ පීතෘ පාර්ශ්වීය මුත්තණුවන් වූයේ ප්‍රහසන නළු අල්ලු රාම ලිංගයියා ය. ඔහුගේ පීතෘ පාර්ශ්වීය නැන්දණිය චිරන්ජීවි සමග විවාහ වී සිටියා ය.

2011 මාර්තු 6 දින, හයිදරාබාද්හි දී අර්ජුන් ස්නේහා රෙඩ්ඩි සමග විවාහ විය. 2016දී, අල්ලු අර්ජුන් M Kitchens සහ Buffalo Wild Wingsහි සහයෝගීත්වයෙන් 800 Jubilee නැමැති රාත්‍රී සමාජ ශාලාවක් ආරම්භ කළේ ය.

වෘත්තිය

2008–2013

 
අල්ලු අර්ජුන් වෛශාලිහි ශ්‍රව්‍ය මුදාහැරීමේ උත්සවයේ දී

ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ භාස්කර්ගේ පරුගු චිත්‍රපටයයි. මෙහි ඔහු හයිදරාබාද්හි වෙසෙන ප්‍රීතිමත් ක්‍රිෂ්ණා කැමැති තරුණයකුගේ චරිතය නිරූපණය කළේ ය. ඔහු සිය මිතුරාට සිය පෙම්වතිය සමග පැනයාමට උපකාර කරන්නේ පෙම්වතියගේ පියාගේ බලව්ත කෝපයට ලක්වෙමිනි. idlebrain.com රචනා කළේ "අල්ලු අර්ජුන් චිත්‍රපටයේ පළුම අර්ධය තුළ විශිෂ්ට රංගනයක යෙදෙන්නේ එය මහත් ක්‍රියාකාරී සහ ජීව ගුණයෙන් යුතු කොටසක් නිසායි. ඔහු සම්පූර්ණ පළමු අර්ධයම සිය දෙවුරට ගෙන ඇත. දෙවන අර්ධයේ දී හැඟීම්බර ජවනිකාවල දී ඔහු අති විශිෂ්ට ය."

ෂංකර් දාදා සින්දබාද් චිත්‍රපටයේ ආරධිත රංගනයෙන් පසුව, ඔහු සුකුමාර්ගේ මනෝවිද්‍යාත්මක ප්‍රේම කථාවක් වූ ආර්යා 2 සඳහා දායක විය. මෙහි ඔහු නිරූපණය කළේ ආර්යා නැමැති අනාථ, චර්යාත්මකව රෝගී භාවයක් පෙන්වන තරුණයකුගේ චරිතයකි. Sify රචනා කළේ "අල්ලු අර්ජුන් ජීව ගුණයෙන් පිරිපුන් අතර, මෙම තැනැත්තා බලවත් ප්‍රේම ධාරාවට මැදි වෙයි. ඔහු ඍණාත්මක පසුබිමක් සහිත චරිතයක් නිරූපණය කළ ද, ඔහුගේ රංගනය ප්‍රේක්ෂකයා තුළ අනුකම්පාව ජනිත කරලීමට සමත් වේ. ඔහුගේ නර්තනයන් මනස්කාන්ත අතර, හැඟීම්බර ජවනිකාවල දී ඔහු විශිෂ්ට ය."idlebrain.com රචනා කොට ඇත්තේ "අල්ලු අර්ජුන් ආර්යා සේම පරිපූර්ණ ය. චිත්‍රපටයේ ඔහුගේ චරිතය තුළ මානසික රෝගී භාවයේ ගුණාංග මැනවින් නිරූපණය වන අතර, ඔහු නිර්දෝෂීව චරිතය නිරූපණය කොට ඇත. චිත්‍රපටයේ දෙවන අර්ධයේ ‍හැඟීම්බර දසුන් ඔහු විසින් ආලෝකවත් කොට ඇත. නූතන යුගයේ ටොලිවුඩයේ හොඳම නර්තන ශිල්පියා අල්ලු අර්ජුන් විය හැක. චිත්‍රපටයේ ප්‍රථම ගීත සතරේ එන අපහසු නර්තනයන් නිරායාසයෙන්ම ඔහු සිදුකරන්නේ එබැවිනි."

2010දී අර්ජුන් අත්හදාබැලීමේ චිත්‍රපට දෙකක ප්‍රධාන චරිත නිරූපණය කළේ ය. ඉන් පළමුවැන්න ගුණසේඛර්ගේ වරුඩු චිත්‍රපටයයි. Rediff රචනා කළේ "අල්ලු අර්ජුන් තරගකාරී රංගනයක නියැළෙන අතර, උචිත විට යටත් වෙමින් වෙනස්වෙමින් රංගනයෙහි යෙදෙයි." නමුත් Rediff පවසා ඇත්තේ, "ඔහු හොඳ නර්තන ශිල්පියකු වන අතර, සිය චරිතයට සාධාරණයක් ඉටු කරයි." ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ ක්‍රිෂ්ගේ වේඩම් චිත්‍රපටයයි.

ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ වී. වී. විනායක්ගේ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ බද්‍රිනාත් චිත්‍රපටයයි. මෙහි ඔහු සිය ගුරුවරයාගේ බද්‍රිනාත් පූජාස්ථානය ආරක්ෂා කිරීමට කැපවූ බද්‍රි නැමැති රණකාමියකුගේ චරිතය නිරූපණය කළේ ය. idlebrain.com ලියා ඇත්තේ "අල්ලු අර්ජුන් මෙම චිත්‍රපටයට අවශ්‍ය අග්නිදිග ආසියානු සටන් ක්‍රම හැදෑරීමට වියට්නාමයට සංචාරය කිරීමේ දී දැඩි අපහසුතාවන්ට මුහුණදී ඇත. ඔහුගේ දැඩි කැපවීම හේතුවෙන් ඔහු පෝනි ටේලයක් සහ සම් ඇඳුමක් (ළය පටියක් සහ පාවහන්) පැළඳි අග්නිදිග ආසියානු (චීන හෝ ජපන්) රණකාමියුක මෙන් පෙනේ. නර්තන ජවනිකාවල දී ඔහු විස්මිත ය. සටන් සඳහා ද ඔහු දක්ෂ ය." මෙම චිත්‍රපටය මධ්‍යස්ථාන 187ක දින 50 කඩඉම සම්පූර්ණ කළේ ය.

බද්‍රිනාත්ට පසුව අර්ජුන් ජුලයි නැමැති 2012 චිත්‍රපටයට දායක විය. ඔහු මෙහි දී නිරූපණය කළේ දැවැන්ත බැංකු මංකොල්ලයක් සියැසින් දැකීම හේතුවෙන් සිය දිවිය වෙනස්වන රවීන්ද්‍ර නාරායණ් නැමැති වීදි තරුණයකුගේ චරිතයකි. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත රචනා කළේ "අල්ලු අර්ජුන් ප්‍රේමනීය දාමරිකයකු ලෙස විශ්වාසයේන රංගනයෙහි යෙදෙයි. මෙම චරිතය ඔහු විසින් නිරූපණය කරන්නේ චරිතයේ ගුණාංග ආරෝපණය කර ගනිමිනි. ඔහු සිය නර්තනයෙන් තිරය ආලෝකවත් කරන්නේ ඇතැම් අලංකාර නර්තන චිත්‍රපට පවා පරදවමිනි." ඔහු හොඳම නළුවා සඳහා SIIMA සම්මානය සඳහා ද නිර්දේශ විය. පසුව ඔහු පූරි ජගන්නාධ්ගේ ප්‍රේමනීය චිත්‍රපටයක් වූ ඉඩ්ඩාරම්මයිලතෝ චිත්‍රපටයේ සංජු රෙඩ්ඩි නම් ප්‍රධාන චරිතය නිරූපණය කළේ ය. මෙය අඳුරු පසුබිමක් සහිත ගිටාර් වාදකයකුගේ චරිතයකි‍. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත රචනා කොට තිබුණේ "ඔහුගේ ‘ජේත්තුකාර නළුවා’ යන සන්නාමයට අවංක වෙමින් අල්ලු අර්ජුන් පෙරටත් වඩා වඩාත් ජේත්තුකාර වී ඇති සෙයකි. බාසිලෝනාහි වීදි ගිටාර් වාදකයකු ලෙස ඔහුගේ චරිතය ඔහුගේ පෙර චිත්‍රපටවලට වඩා බෙහෙවින් වෙනස් ය. ඔහු නැවත වරක් තමන් හොඳ නළුවකු බව ඔප්පු කරන්නට සමත්ව ඇත්තේ ක්‍රියාදාම අධ්‍යක්ෂකවරයාගේ සූක්ෂ්ම සැලසුම්කරණය හේතුවෙනි. ඔහු සියලු සටන් ජවනිකාවල පරිපූර්ණ නිරූපණයන් සිදු කරයි."

2014-වර්තමානය

2014දී, ඔහු වම්සි පෛඩිපල්ලිගේ යෙවඩු චිත්‍රපටයේ පසුබිම් රංගනයක් සිදුකළේ ය.ද හින්දු පුවත්පත රචනාකොට තිබුණේ "කෙටි චරිතයක දී පවා නළුවකුට කළ හැක්කේ කුමක්ද යන් අල්ලු අර්ජුන් අපට පෙන්වයි. මිනිත්තු කිහිපයක්ඇතුළත ඔහු සිය අත්දැකීම් සියල්ල එක්තැන් කරමින් චරිතය ග්‍රහණය කරගන්නා අතර, ඔහුට සිය අනන්‍යතාව අහිමි වුව ද ඔහු විස්මයජනක අයුරින් චිත්‍රපටයෙන් නික්ම යයි." ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ සුරේන්දර් රෙඩ්ඩිගේ රේස් ගුරාම් චිත්‍රපටයයි. මෙහි ඔහු නිදහස් තරුණයකුගේ චරිතය නිරූපණය කළේ ය.ඩෙකෑන් ක්‍රෝනිකල් පුවත්පත රචනාකොට තිබුණේ "අල්ලු අර්ජුන් සැබැවින්ම සිය ජවයෙන් පිරි රංගනය මගින් දර්ශනය සොරකම් කරයි. ඔහු ප්‍රහසන ජවනිකාවලට දක්ෂ අතර, නළුවකු ලෙස වඩාත් සංවර්ධනය වී ඇත. ඔහු සැබැවින්ම චිත්‍රපටය සිය දෙඋරෙහි දරා සිටියි. ඔහුගේ නර්තන දක්ෂතාවන් ද විශිෂ්ට ය." මේ චිත්‍රපටය වෙනුවෙන් ඔහු තෙවන වරටත් ෆිල්ම්ෆෙයාර් හොඳම තෙලිඟු නළුවා සම්මානය හිමි කරගත්තේ ය.

අර්ජුන් I Am That Change (2014) නැමැති කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කොට රංගනයෙහි යෙදුණේ පෞද්ගලික සමාජ වගකීම පිළිබඳ දැනුවත් කිරීමටයි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ සුකුමාර් විසිනි. මෙය ආන්ධ්‍රා ප්‍රදේශ් සහ තෙලංගානා ප්‍රදේශවල 2014 අගෝස්තු 15 සිට ප්‍රදර්ශනය කෙරණි. ඔහු රංගනයෙන් දායක වූ ත්‍රීවික්‍රම් ශ්‍රීනිවාස්ගේ එස්/ඕ සත්‍යමූර්ති චිත්‍රපටය 2015 අප්‍රේල් 9 දින මුදාහැරිණි. පසුව ඔහු ගුණසේඛර්ගේ රුද්‍රමාදේවි චිත්‍රපටයට දායක විය. මෙය පළමු ඉන්දියානු 3D ඓතිහාසික චිත්‍රපටය වේ.රුද්‍රමාදේවි වෙනුවෙන් ඔහු හොඳම නළුවා සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - තෙලිඟු හිමි කරගත් අතර, ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම තෙලිඟු නළුවා සහ හොඳම සහාය තෙලිඟු නළුවා යන සම්මාන ද්විත්වයම හිමි කරගත් එකම නළුවා ද ඔහුයි. පසුව ඔහු බෝයාපති ශ්‍රීනු අධ්‍යක්ෂණය කළ සරෛනෝඩු චිත්‍රපටයට දායක විය. 2016දී ඔහු නිෂ්පාදක දිල් රාජු සමග කටයුතු කළ අතර, එය දුව්වාද ජගන්නාධම් සමග කටයුතු කළ තෙවන අවස්ථාව විය.

වෙනත් තොරතුරු

ෆේස්බුක් ගිණුමෙහි කෝටි 1ක අනුගාමිකයන් පිරිසක් සහිත එකම දකුණු ඉන්දියානු නළුවා අල්ලු අර්ජුන් ය.ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අල්ලු අර්ජුන්ව අගය කරමින් පැවසූයේ ඔහු ටොලිවුඩයෙහි පමණක් නොව ඉන්දියාවේම දක්ෂතම නර්තන ශිල්පියා බවයි. ප්‍රකට මලයාලම් රූපවාහිනී නාළිකාවක් වන ඒෂියානෙට් නාළිකාව විසින් ඔහුට "ප්‍රවාසි රත්න පුරස්කාරම්"(PRP) නැමැති ගෞරව සම්මානය ප්‍රදානය කරන ලදී. සේවය වෙනුවෙන් යාබද චිත්‍රපට කර්මාන්තයෙන් සම්මානයක් ලද පළමු නව පරපුරේ තෙලිඟු නළුවා ද ඔහු ය. මෙම සම්මානය හේතුවෙන් බනී චිත්‍රපටය ටොලිවුඩ් කර්මාන්තයේ නව වාර්තාවක් තැබී ය. 2016 වර්ෂයේ ගූගල් ඔස්සේ වඩාත්ම සෙවුමට ලක්වූ තෙලිඟු තරුව ද අල්ලු අර්ජුන් ය. 2014දී ෆෝර්බ්ස් ඉන්දියා ජනප්‍රිය පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවේ අල්ලු අර්ජුන්ට 80වන ස්ථානය හිමි විය. 2015දී 42වන ස්ථානයේත්, 2016දී ඉපැයීම් අතින් 43වන ස්ථානයේත්, ජනප්‍රියත්වය අතින් 59වන ස්ථානයේත් ඔහුගේ නාමය සටහන් විය. සියලු තෙලිඟු නළුවන් අතර ජනප්‍රියත්වය අතින් ඉහළම ස්ථානය ඔහුට හිමි විය.

චිත්‍රපට නාමාවලිය

ප්‍රධාන ලිපිය: අල්ලු අර්ජුන් චිත්‍රපට නාමාවලිය

සම්මාන සහ නිර්දේශ

ප්‍රධාන ලිපිය: අල්ලු අර්ජුන් ලද සම්මාන සහ නිර්දේශ ලැයිස්තුව
වර්ෂය සම්මානය ප්‍රවර්ගය චිත්‍රපටය ප්‍රතිඵලය ප්‍රභවය
2004 සිනේමා සම්මාන හොඳම ආධුනික නළුවා සඳහා සිනේමා සම්මානය ගංගෝට්රි දිනාගති
2004 සිනේමා සම්මාන හොඳම නළුවා සඳහා සිනේමා සම්මානය (ජූරියේ) ආර්යා දිනාගති
2004 ජෙමිනි ටීවී සම්මාන 2004 හොඳම නළුවා ආර්යා දිනාගති
2005 සන්තෝෂම් චිත්‍රපට සම්මාන සන්තෝෂම් හොඳම යොවුන් රංගන ශිල්පීන් සම්මානය ආර්යා දිනාගති
2005 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා - තෙලිඟු Arya| නිර්දේශිත
2005 නන්දි සම්මාන විශේෂ ජූරි සම්මානය ආර්යා දිනාගති
2006 සන්තෝෂම් චිත්‍රපට සම්මාන සන්තෝෂම් හොඳම යොවුන් රංගන ශිල්පීන් සම්මානය බනී දිනාගති
2008 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා - තෙලිඟු දේසමුඩුරු නිර්දේශිත
2008 සිනේමා සම්මාන හොඳම නළුවා සඳහා සිනේමා සම්මානය දේසමුඩුරු නිර්දේශිත
2009 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා - තෙලිඟු පරුගු දිනාගති
2009 නන්දි සම්මාන නන්දි විශේෂ ජූරියේ සම්මානය පරුගු දිනාගති
2010 සිනේමා සම්මාන හොඳම නළුවා සඳහා සිනේමා සම්මානය ආර්යා 2 නිර්දේශිත
2010 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා - තෙලිඟු ආර්යා 2 නිර්දේශිත
2011 සිනේමා සම්මාන හොඳම නළුවා වේඩම් නිර්දේශිත
2011 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා - තෙලිඟු වේඩම් දිනාගති
2012 සිනේමා සම්මාන හොඳම නළුවා බද්‍රිනාත් නිර්දේශිත
2012 TSR - TV9 ජාතික චිත්‍රපට සම්මාන හොඳම වීරයා බද්‍රිනාත් දිනාගති
2013 සිනේමා සම්මාන හොඳම නළුවා ජුලයි නිර්දේශිත
2013 2වන දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන හොඳම නළුවා සඳහා දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මානය ජුලයි නිර්දේශිත
2014 TSR - TV9 ජාතික චිත්‍රපට සම්මාන ප්‍රියතම වීරයා ඉඩ්ඩාරම්මයිලතෝ දිනාගති
2015 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා - තෙලිඟු රේස් ගුරාම් දිනාගති
2015 සිනේමා සම්මාන හොඳම නළුවා රේස් ගුරාම් දිනාගති
2014 TSR - TV9 ජාතික චිත්‍රපට සම්මාන හොඳම වීරයා රේස් ගුරාම් දිනාගති
2015 4වන දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන හොඳම නළුවා සඳහා දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මානය රේස් ගුරාම් නිර්දේශිත
2015 4වන දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන වසරේ හොඳම ජේත්තුකාර තරුව සඳහා දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මානය රේස් ගුරාම් දිනාගති
2015 මිර්චි මියුසික් අවෝඩ්ස් හොඳම නළුවා රේස් ගුරාම් දිනාගති
2015 අන්තර්ජාතික ඉන්දියානු චිත්‍රපට ඇකඩමි සම්මාන හොඳම තෙලිඟු නළුවා එස්/ඕ සත්‍යමුර්ති නිර්දේශිත
2016 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා - තෙලිඟු එස්/ඕ සත්‍යමූර්ති නිර්දේශිත
2016 සිනේමා සම්මාන හොඳම නළුවා එස්/ඕ සත්‍යමූර්ති නිර්දේශිත
2017 TSR - TV9 ජාතික චිත්‍රපට සම්මාන හොඳම වීරයා එස්/ඕ සත්‍යමූර්ති දිනාගති
2016 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම සහාය නළුවා සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - තෙලිඟු රුද්‍රමාදේවි දිනාගති
2016 සිනේමා සම්මාන හොඳම නළුවා සඳහා සිනේමා සම්මානය (ජූරියේ) රුද්‍රමාදේවි දිනාගති
2016 5වන දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන හොඳම නළුවා සඳහා දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මානය රුද්‍රමාදේවි නිර්දේශිත
2016 5වන දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන හොඳම නළුවා සඳහා දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මානය (විචාරක) රුද්‍රමාදේවි දිනාගති
2017 2වන IIFA උත්සවම් සහාය චරිතයක ප්‍රතිභාව - පිරිමි රුද්‍රමාදේවි දිනාගති
2017 TSR - TV9 ජාතික චිත්‍රපට සම්මාන හොඳම කැපීපෙනෙන ප්‍රතිභාව සම්මානය රුද්‍රමාදේවි දිනාගති
2017 ප්‍රවාසි රත්න පුරස්කාරම් ජනප්‍රිය ඉන්දියානු නළුවා දිනාගති
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    අයන් (යකඩ)

  • අප්‍රේල් 16, 2026

    ජුදා ආගම

  • අප්‍රේල් 06, 2026

    ගැලලියෝ ගැලලී

  • අප්‍රේල් 03, 2026

    තම්බපණ්ණි රාජධානිය

  • මාර්තු 16, 2026

    වාරියපොල ශ්‍රී සුමංගල හිමි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට