සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සාපෙක්ෂතාවාදයේදී, කාල විස්තාරණය යනුවෙන් හැඳින්වෙන්නේ ඔරලෝසු දෙකක ගත වී ඇති කාලය දැක්වීමේදි පෙන්වන කාල වෙනසයි. මෙය සිදුවන්නේ ඔරලෝසු දෙක අතර සාපේක්ෂ ප්‍රවේගයේ වෙන

කාල විස්තාරණය

  • මුල් පිටුව
  • කාල විස්තාරණය

සාපෙක්ෂතාවාදයේදී, කාල විස්තාරණය යනුවෙන් හැඳින්වෙන්නේ ඔරලෝසු දෙකක ගත වී ඇති කාලය දැක්වීමේදි පෙන්වන කාල වෙනසයි. මෙය සිදුවන්නේ ඔරලෝසු දෙක අතර සාපේක්ෂ ප්‍රවේගයේ වෙනස නිසා හෝ ඔරලෝසු දෙක පිහිටි ස්ථානයන් හි ඇති ගුරුත්ව විභවයේ වෙනස නිසායි.

වැඩ කරන ඔරලෝසු දෙකක් විවිධ ත්වරණයන්ගෙන් පසු විවිධ වේලාවන් වාර්තා කරන්නේ ඇයි දැයි කාල විස්තාරණය පැහැදිලි කරයි. නිදසුනක් වශයෙන්, ගත වූ සෑම පෘථිවි මාස 12 කටම තත්පර 0.01 ක් පසුගාමී වෙමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙ හි කාලය මන්දගාමී වේ. ජීපීඑස් චන්ද්‍රිකා වැඩ කිරීමට නම් පෘථිවියේ පද්ධති සමඟ නිසි ලෙස සම්බන්ධීකරණය කිරීම සඳහා අවකාශයේ කාලය නැවීම සැළකිල්ලට ගෙන ඒවා සකස් කළ යුතුය.

සංචලනය වෙන ඔරලෝසුවක් සහ නිරීක්ෂකයෙක් අතර වෙනස්වන දුර ප්‍රමාණය නිසා ඇතිවෙන සංඥා ප්‍රමාදයට හානිපූරණය කිරීමෙන් පසුව (ඩොප්ලර් ආචරණය), නිරීක්ෂකයාට පෙනෙන්නේ ගමන් කරන ඔරලෝසුවේ කාලය ගතවීම පෙන්වන්නේ, තමා ලඟ ඇති ඔරලෝසුවකට වඩා හෙමින් බවයි. මීට අමතරව, විශාල වස්තුවකට ආසන්නව (එනම් අඩු ගුරුත්ව විභවයක) පිහිටි ඔරලෝසුවක් 'ගතවූ කාලය' දක්වන්නේ, එම විශාල වස්තුවට ඈතින් තිබෙන ඔරලෝසුවකට වඩා අඩුවෙනුයි.

සාපේක්ෂතාවාදයට අදාල මෙම පුරෝකථිතයන් අත්හදා බැලීම මගින් නැවත නැවත ඔප්පු කර තිබේ. එමෙන්ම ඒවා GPS සහ Galileo වැනි චන්ද්‍රිකා යාත්‍රණයන් මෙහෙයවීමේදි ප්‍රායෝගිකව ද යොදා ගැනේ. කාල විස්තාරණය විද්‍යා ප්‍රබන්ධයන්ගේ ද නිතර දක්නට ලැබේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    මහනුවර දිස්ත්‍රික්කය

  • මාර්තු 25, 2026

    වියපත් වීම

  • අප්‍රේල් 06, 2026

    රවින්ද්‍ර රන්දෙණිය

  • අප්‍රේල් 11, 2026

    ප්‍රදීපා ධර්මදාස

  • අප්‍රේල් 07, 2026

    සැන් මරිනෝ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට