සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ථූපාරාම පිළිම ගෙය ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පෞරාණික නගරයේ පිහිටි පුරාණ බෞද්ධ විහාර මන්දිරයක් වේ. ථූපාරාමය ලෙස ව්‍යවහාරයේ යෙදෙන මෙම පිළිම ගෙයි පැරණි නාමය හා නිර්මා

ථූපාරාම පිළිමගෙය

  • මුල් පිටුව
  • ථූපාරාම පිළිමගෙය

ථූපාරාම පිළිම ගෙය ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පෞරාණික නගරයේ පිහිටි පුරාණ බෞද්ධ විහාර මන්දිරයක් වේ. ථූපාරාමය ලෙස ව්‍යවහාරයේ යෙදෙන මෙම පිළිම ගෙයි පැරණි නාමය හා නිර්මාණකරුවා කවුරුන්ද යන්න අවිනිශ්චිත වේ. කෙසේ නමුදු මෙම පිළිම ගෙය පරාක්‍රමබාහු රජුගේ ඇමතිවරයෙකු වූ මහින්ද අමාත්‍යවරයා හෝ පළමුවන විජයබාහු රජු විසින් ඉදිකරන්නට ඇතැයි මත පවතී. පොළොන්නරුව පැරණි නගරයේ පිහිටි ගොඩනැගිලි අතුරින් පියස්ස හොඳින්ම ආරක්ෂා වී ඇති ගොඩනැගිල්ල ලෙස මෙම පිළිම ගෙය සැලකේ.

ථූපාරාම පිළිම ගෙය

ගොඩනැගිල්ල හා බුද්ධ ප්‍රතිමා

 
පිළිම ගෙය තුල වූ බුද්ධ ප්‍රථිමා

ථූපාරාම පිළිම ගෙයහි පැති බිත්ති හා වහලය දැව නොයොදා ගඩොල් භාවිතයෙන් නිර්මාණය කොට ඇති හෙයින්, මෙය (ගෙඩිගේ) සම්ප්‍රදායට අයත් ගොඩනැගිල්ලක් සේ හඳුනාගැනේ. පිටත බිත්ති මත දැකගත හැකි ප්‍රථිමා සහ විමාන ආදිය දකුණු ඉන්දීය වාස්තු ලක්ෂණ නිරූපණය කරයි. ප්‍රථිමා ගෘහය තුල විශාල හිඳි බුද්ධ ප්‍රථිමාවක් තිබූ බවට සාධක තිබෙන අතර, වර්ථමානයේ දැකගත හැක්කේ එහි විශාල ආසනය පමණක් වේ.

මෙම බුදු පිළිමය පොලොන්නරුව යුගයේ ඇති පිළිම ගෙවල් තුළ තැන්පත් කර ඇති ගල් මාධ්‍යයෙන් තනන ලද විශිෂ්ඨතම ප්‍රතිමාවලින් එකකි. "අඩි 9යි අඟල් 9ක්" උස බුද්ධ ප්‍රතිමාව නිවැරදි  ප්‍රමානුපාත සහිතව පුෂ්ටිමත් අඟ පසඟ යොදා ඇත.මෙහි දකුණු අත කිහිල්ලට පහලින්ද,වමත වැලමිට අසළින්ද කැඩී ගොස් ඇත.පද්මාසනයක් මත ප්‍රතිමාව පිහි‍ටුවා ඇත.මුලදී ප්‍රතිමාවේ පාදය අසළින් කැඩී ගොස් තිබුණද වර්තමානයේ ප්‍රතිසංස්කරණය කර ඇත.

මෙහි ශෛලීය ලක්ෂණ විමසීමේදී "නන්දදේව විජේසේකර"(පැරණි සිංහල ප්‍රතිමා ශිල්පය) මෙය අනුරාධපුර ලක්ෂණවලට සමාන බව දක්වයි."චාල්ස් ගොඩකුඹුර" ද මෙය පොලොන්නරු යුගයට පෙර යුගයක තනන්නට ඇතැයි අදහස් දක්වා සිටියි.

මෙම ප්‍රතිමාවේ මුහුණේ ප්‍රකාශන ගුණය ඉතා උසස් ය.ඇස්,කන්,නාස ආදී අවයව නිවැරදි හැඩයෙන් යුතුව නිවැරදි ස්ථානයන්හි පිහි‍ටුවා ඇත.කරුණාබරිත මන්දස්මිතියකින් යුත් මුහුණේ නිකට පමණක් මදක් අනවශ්‍යලෙස ඉදිරියට නෙරා ආ බවක් පෙනේ.සිවුර ඒකාංශ කොට පොරවා ඇත.එහි එක් කොණක් වමතින් දරා සිටින අයුරක් පෙනේ.කැඩී ඇති දකුණතින් "අභය මුද්‍රාව" නිරූපිත බැව් පැහැදිලිය.සිවුර ශරීරයට ඇලී ඇති අයුරකින් තනා ඇත.යටිකයට අඳින ලද අඳනයෙන් ශරීරයේ මාංශපේෂී තද වී ඇති අයුරු ඉඟ පෙදෙසින් දක්වා ඇත.සිවුරේ ‍රැළි සමාන්තර රේඛා මඟින්  දක්වා තිබුනද ඒවා ගල් විහාරයේ ‍රැළි වලට වඩා අජීවී බවක් ප්‍රකට වේ.චීවරය ඇඟට ඇලී ඇති නිසා ශාරීරික හැඩයද ඉන් මතුවී ඇත.

ප්‍රතිමාව ස්ථානගත කර ඇති ගෘහ නිර්මාණ ආකෘතිය ද එහි විශිෂ්ඨත්වය තව දුරටත් උද්දීපනය වන සේ තනා ඇත.බුදු පිළිමයේ දෙනෙත් වල කුහර 2ක් ඇති අතර මුල් කාලයේදී ඒවායේ මැණික් ඔබ්බවා තිබූ බව කියැවේ.පිළිමගෙයි පිළිමයේ මුහුණතට ඉදිරිපසින් ආලෝකය ගලා ඒමට කවුළුවක් තනා තිබෙන අතර එමඟින් ගලන ආලෝකය නිසා බුදු පිළිමයේ දෙනෙත් මත ඔබ්බවා ඇති මැණික් යුගළ දිලිසෙමින් ථූපාරාම ගෘහය අලෝකමත් කළ බව පැවසේ.මුල් කාලයේ මෙය වර්ණ ගන්වා ඇතිබව තිබූ බවට සාක්ෂි පවතී.අවසාන වශයෙන් නිවැරදි අඟ පසඟ වලින් යුත් විශිෂ්ඨ ප්‍රතිමාවක් ලෙස"ථූපාරාම බුද්ධ ප්‍රතිමාව"හැඳිවිය හැකිය. 

මේවාද බලන්න

  • ලංකාතිලක පිළිම ගෙය
  • තිවංක පිළිම ගෙය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    යාපනය අර්ධද්වීපය

  • මාර්තු 29, 2026

    ගෞතම බුද්ධ පරිනිර්වාණය

  • අප්‍රේල් 15, 2026

    ඉංග්‍රීසි ජනයා

  • අප්‍රේල් 07, 2026

    Chinese language

  • අප්‍රේල් 03, 2026

    Capital city

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට