සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජුදා ආගම යනු, යුදෙව් ජනයාගේ ආගම, දර්ශන වාදය සහ දිවි පිළිවෙත වෙයි. ජුදා ආගම, ඒකදේවවාදී ආගමක් වන අතර, එහි ප්‍රධාන අනභූතිය, (ටනාහ් යනුවෙන්ද හැඳින්වෙන) හෙබ්‍රෙව් බය

ජුදා ආගම

  • මුල් පිටුව
  • ජුදා ආගම

ජුදා ආගම යනු, යුදෙව් ජනයාගේ ආගම, දර්ශන වාදය සහ දිවි පිළිවෙත වෙයි. ජුදා ආගම, ඒකදේවවාදී ආගමක් වන අතර, එහි ප්‍රධාන අනභූතිය, (ටනාහ් යනුවෙන්ද හැඳින්වෙන) හෙබ්‍රෙව් බයිබලය මත පදනම්ව හෝ එහි අඩංගුව හෝ ඇති අතර, ටල්මූඩ් වැනි පසුකාලීන ග්‍රන්ථ පෙළ විසින් එය ගවේෂණය කර ඇත. ආගම් ලැදි යුදෙවුවන් විසින් ජුදා ආගම සැලකෙන්නේ, ඊශ්‍රායෙලයේ දරුවන් හා සමග දෙවියන්වහන්සේ ඇති කර ගත් ගිවිසුම් ප්‍රකාර සම්බන්ධතාවයක් ලෙසිනි.

ජුදා ආගම සජාතීය ආගමක් නොවන අතර, මත ප්‍රවාහ සහ අදහස් කිහිපයක් හා සමබර එකඟතාවයක් මත පිහිටයි. වර්තමානයේ, වඩාත් ප්‍රචලිත ප්‍රවාහය වන්නේ රෙබෙනික ජුදා ආගම වන අතර, එහිදී පිළිගැනෙන්නේ, ලිඛිත සහ වාචික ටෝරා යන දෙයාකාරයටම, සීනායී කන්දෙහිදී දෙවියන්වහන්සේ විසින්, උන්වහන්සේගේ නීති සහ පණත් මෝසෙස් වෙත හෙළිකල බවයි. ඓතිහාසික වශයෙන්, මෙම නිර්ධාරණය, දෙවන දේවමාලිගය යුගයේදී සද්දුසිවරු සහ හෙලනිස්තික ජුදා ආගම; මුල්කාලීන හා පසුකාලීන මධ්‍යතන යුගයන්හිදී කැරඅයිට්වරු සහ සබේෂන්වරු; සහ නූතන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයන්ගේ ඛණ්ඩයන් වැනි බොහෝ කණ්ඩායම් විසින් අභියෝගයට ලක් කරන ලදි. නූතන කාලයේ මානවවේදී ජුදා ආගම වැනි ලිබරල් ව්‍යාපාරයන්, අදේවවාදී විය හැක.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    සිංහල දවස

  • මාර්තු 12, 2026

    ධර්ම සංගායනා

  • අප්‍රේල් 08, 2026

    විලයන එන්තැල්පිය

  • අප්‍රේල් 27, 2026

    ඡන්ද විමසීම්

  • අප්‍රේල් 30, 2026

    හංගේරියා රාජධානිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට