සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

භාරතදේශයේ(ඉන්දියාව) ජීවත් වූ ඔහු ශාක්‍ය වංශිකයින්ගේ නායකයාය. සුද්ධෝදනගේ පියා වූයේ ‘සිංහහනු’ රජතුමයි.කපිලවස්තුවේ ජයසේන රජුගේ පුතු වූ සිංහහනු කුමාරයා කච්චනා කුමරි

සුද්ධෝදන රජ

  • මුල් පිටුව
  • සුද්ධෝදන රජ

පසු කලෙක බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ ගෞතමයන්ගේ පියා සුද්ධෝදන රජතුමා ය.

සුද්ධෝදන රජ
සුද්ධෝදන රජ
Predecessorසිංහානු
උපතකපිලවස්තු ශාක්‍ය ජනපදය
මරණයකපිලවස්තු ශාක්‍ය ජනපදය
දේවියමහාමායා දේවිය. ප්‍රජාපතී ගෝතමී
දරුවන්සිද්ධාර්ථ ගෞතම, සුන්දරී නන්දා, නන්ද
වංශයශාක්‍ය
පියාසිංහානු
මවකච්චානා
Śuddhodana
පරිවර්තන
පාලිSuddhōdana
සංස්කෘතशुद्धोधन
බුරුමသုဒ္ဓေါဒန
(IPA: [θoʊʔdɔ́dəna̰])
ඛෙමර්សុទ្ធោទនៈ
සිංහලසුද්ධෝදන
(Sudhdhodana)
තායිสุทโธทนะ
බුදු දහම ශබ්ද මාලාව

පටුන

උපත හා යොවුන් විය

භාරතදේශයේ(ඉන්දියාව) ජීවත් වූ ඔහු ශාක්‍ය වංශිකයින්ගේ නායකයාය. සුද්ධෝදනගේ පියා වූයේ ‘සිංහහනු’ රජතුමයි.කපිලවස්තුවේ ජයසේන රජුගේ පුතු වූ සිංහහනු කුමාරයා කච්චනා කුමරිය විවාහ කරගෙන පියාගේ ඇවෑමනේ පසු රජකම ලබා ගන්නා ලදී.කෝලිය රටේ දේවදහ ශාක්‍යාගේ දියණිය කච්චනා කුමරිය වේ. සිංහහනු කාංචනා යුවලට "සුද්ධෝදන, ධෝතෝදන, සුක්කෝදන, අමිතෝදන හා මිතෝදන" යනුවෙන් පුතුන් පස් දෙනෙකු සහ අමිතා,ප්‍රමිතා යනුවෙන් දූවරු දෙදෙනෙක් සිට ඇත. මෙයින් සුද්ධෝදන රජු වැඩිමල් පුතු වේ.

කාලදේවල හෙවත් අසිත නමින් හැදින්වුණු ෂඩ් අභිඥාලාභී මහඝෘෂිවරයා මෙතුමාගේ ගුරුවරයා විය.

සුද්ධෝදන කුමරු කුඩා කළ සිටම අභියෝගයන්ට නොබියව මුහුණ දුන් අයෙකි. දිනක් සිංහහනු රජුට පසල් දනව්වේ යුද්ධයක් සදහා යාමට සිදුවිය. එහිදී තම දරුවන් පස්දෙනා යවා කැරැල්ල මැඩ පැවැත්වීමට සිතූ රජතෙම තම පුතුන්ට පසැල් දනව්වට යන ලෙස පැවසීය. බාල කුමාරවරු පසු බසිද්දී සුදොවුන් කුමරු සේනා සමග ගොස් නිර්භයව කැරැල්ල මැඩ පවත්වන ලදී. එය අසා සතුටු වූ සිංහහනු රජ විසින් සුදොවුන් කුමරුට කැමති වරයක් ඉල්ලන ලෙස පැවසීය. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සුදොවුන් කුමරු විසින් විශේෂ අවසරයක් ලෙස අංජන රජුගේ සුරූපී දියණිවරුන් දෙදෙනාම (මහාමායා දේවිය සහ ප්‍රජාපතී ගෝතමී දේවිය) තමාට විවාහ කර දෙන ලෙස ඉල්ලන ලදී.

එනමුත් ශාක්‍ය වංශිකයින් විසින් බහු භාර්යා සේවනය සිදු නොකරන බැවින් ඒ සදහා රාජ සභාවේ විශේෂ අවසරයක් ලබාගත යුතු විය. එහිදී නිමිත්ත පාඨකයින් විසින් මහාමායා, ප්‍රජාපති කුමරියන්ට පින්වත් සක්විති රජවීමට වාසනාවන්ත වූ දරුවන් ලැබේයැයි පැවසූ නිසා සියළු කරුණු කාරණා සලකා බලා අවසානයේ කුමරුගේ ඉල්ලීම ඉටුවිය.ඒ අනුව සුදොවුන් කුමරු ශාක්‍ය වංශික රජවරු අතරින් බිසෝවරු දෙදෙනෙක් සිටි රජු වශයෙන් විශේෂ වේ.

රාජ්‍යත්වය

සිංහනු රජුගේ අවෑමයෙන් සුදොවුන් රජු රජ විය.ශක්‍ය ජනපදය සමූහාණ්ඩුවකි. එහි පැවතියේ ගණ තන්ත්‍ර පාලන ක්‍රමයකි. එහි ප්‍රධානියා සුදොවුන් රජු විය.

 
සුද්ධෝදන රජතුමා සහ මාළිගාව.

දරුවන්

සුද්ධෝදන රජුට මහාමායා බිසවට දාව සිදුහත් කුමරු ලැබීය. මහා ප්‍රජාපතී ගෝතමී බිසවට දාව සුන්දරී නන්දා හා නන්ද යන දරුවන් දෙදෙනෙකු ලැබීය.

සිද්ධාර්ථයන් චක්‍රවර්තී රජකු කිරීමට දැරූ වෑයම

සිද්ධාර්ථයන් මතු දිනෙක චක්‍රවර්ති රජ කෙනෙකු හෝ බුදු කෙනෙකු වන බවට අනාවැකි කියා තිබුනේය. එහෙත් ඔහු කිසියම් විදියකින් සතර පෙර නිමිති; එනම්, මහල්ලෙක්, ලෙඩෙක්, මල මිනියක් සහ භික්ෂුවක් දුටුවේ නම් මහා මුනිවරයෙකු වන්නේ යයි අනාවැකි කියා තිබුනේය. මෙය ඇසීමෙන් පසු සුද්ධෝදන රජු එවැනි නිමිති දැකීමෙන් තම පුත්‍රයා වළක්වනු පිණිස සිද්ධාර්ථයන් පිටස්තර ලෝකයෙන් ඈත් කර තැබුවේය. එසේම සුද්ධෝදන රජු විසින් තම පුතුට රම්‍ය, සුරම්‍ය, සුභ යන නමින් බොහෝ සැප සම්පත් ඇති මාළිගා තුනක් තනා දෙන ලදී. එසේ වූ විට නියත වශයෙන්ම ඔහු සක්විති රජෙකු වේ ය යනුවෙන් ඔහු අදහස් කළේය.සුද්ධෝදන රජතුමා තම පුතුට සිය නැගණිය වූ අමිතා දේවියගේ දියණිය වූ

දෙමාපියන්ගේ කදුළු වගුරවමින් පැවිදි වූ තම පුතු පිළිබදව මෙම සෙනෙහබෙර පියතුමා කිසිවිටකත් වෛර නූපදවන ලදී. ඔහු වරින් වර දූතයන් යවමින් සිදුහත් තාපසතුමන්ගේ දුෂ්කර ක්‍රියා සමය පිළිබදව නිරන්තරව සොයා බලා ඇත. වරෙක දේවතාවන් පැමිණ සුද්ධෝදන රජතුමන්හට "සිදුහත් තාපසතුමා මිය ගියේයැ"යි පැවසූවිට "මගේ පුතු බුදු වී මිය නොයන්නේ යැ"යි ස්ථීරව පැවසීමෙන් සුද්ධෝදන රජතුමන් හට තම පුතු පිළිබදව බලවත් විශ්වාසයක් තිබූ බව පිළිබිඹු වේ.

මාර්ගඵල ලබා ගැනීම

අවුරුදු ගණනාවකට පසු සිද්ධාර්ථ තාපසයන් බුදු පදවිය ලබා ගත් බව සුද්ධෝදන රජුට අසන්නට ලැබුනේය. ඔහු දහදාහක පරිවාර පිරිසක් සමග පණිවුඩකරුවෙකු බුදුන් වහන්සේ මුණ ගැසීමට යවා උපන් බිමට නොහොත් ශාක්‍ය දේශයට වඩින ලෙස ඉල්ලා සිටියේය. බුදුන් වහන්සේ එම පිරිසට ධර්ම දේශනා කළ අතර ඔවුන් සියලු දෙනාම සඟ සසුනට ඇතුළත් වූහ. කිසිවෙක් ආපසු නොපැමිණියේය. අනතුරුව සුද්ධෝදන කළේ සිද්ධාර්ථයන්ගේ කුලුපග මිතුරෙකු වූ කාලුදායි බුදුන් වහන්සේ වෙත යවා ශාක්‍ය දේශයට වඩින ලෙස ඉල්ලීමක් කිරීමයි. කාලුදායිද භික්ෂුවක් විය යුතු යයි කල්පනා කළේය. එහෙත් ඔහු රජුට වූ පොරොන්දුව කඩ නොකළේය. ඔහු බුදුන්ට තමන් පැමිණි කාරණය පවසා සිටියේය. බුදුන් වහන්සේ පියාගේ ඉල්ලීම පිළිගෙන මැදින් පුන් පොහෝ දිනෙක කිඹුල්වත් පුරයට වැඩීමේ ගමන අරඹන උන්වහන්සේ බුද්ධත්වයෙන් පසුව එළැඹි දෙවන වර්ෂයේ උදාවූ වෙසක් පුන් පොහෝ දිනයේ තමන් උපන් ප්‍රදේශය කරා වැඩියේය.මෙම දෙමාසය මුළුල්ලේම තම පුතුට රාජ භෝජන යැවූ සුද්ධෝදන රජු විසින් බුදු පියාණන් වහන්සේගේ වාසයට නිග්‍රෝධරාමය පිළියෙල කරන ලදී. මෙම ගමනේදී උන්වහන්සේ සුද්ධෝදන රජුට දහම් දේශනා කළේය.

වෙසක් පෑලවියදා සුදොවුන් රජුට තම පුත් නුවර පිඩු සිගා වඩින බව අසන්නට ලැබිනි. එය අසා කලබල වූ සුදොවුන් රජු විසින් සළුව හදිමින් පොරවමින්ම මාර්ගයේ බුදුන් වහන්සේ සොයා යන ලදී. ඉන්පසු බුදුන් වහන්සේ හමු වී මෙසේ සිගමන් යමින් තමාට අපහාස නොකරන ලෙස ඉල්ලා සිටින ලදී. එවිට බුදුන් වහන්සේ විසින් තම බුද්ධ වංශයේ සිරිත විදහා දක්වමින් සුද්ධෝදන රජතුමන් හට ධර්මය දේශනා කරන ලදී. එම දෙසූ බණ ඇසූ සුද්ධෝදන රජතෙම සෝවාන් ඵලයෙහි පිහිටන ලදී. මහමගදී සදහම් අවබෝධ කළ අයෙකු ලෙසද සුද්ධෝදන රජු විශේෂ වේ. බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා මාලිගයට වැඩමවාගෙන පැමිණි සුද්ධෝදන රජ විසින් දන් දී අවසානයේ දෙසූ ධර්මය අසා සකෘදාගාමී ඵලයට පත්විය.

බුදුහිමිට කළ ආයාචනය

බුදුරදුන් වැඩම කර තුන්වන දවසේ සුද්ධෝදන රජුගේ පුත් නන්ද කුමරුද පැවිදි විය. එසේම ඉන්පසුව රාහුල කුමරුන්ද පැවිදි විය. මෙය සුද්ධෝදන රජතුමන්හට බලවත් ශෝකයක් ඇති කළ හෙයින් රජු විසින් බුදුන් වහන්සේ මුනගැසී 'මවුපියන්ගේ අවසරයක් නොමැතිව දරුවන් මහණ නොකරන ලෙස' ශික්ෂා පදයක් පනවන ලෙස බුදුන් වහන්සේට ආරාධනා කරන ලදී. මෙහදී සුදොවුන් රජ "භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පැවිදි වූ කල්හි මට මහත් දුකක් ඇතිවිය. නන්ද කුමරු පැවිදි වූ කල්හිද එසේම විය. රාහුල කුමරු පැවිදි වූ කල්හි එය ඉතා දැඩි විය. පුත්‍ර ප්‍රේමය සිරුරෙහි සිවිය සිදියි. චර්මය සිද මස් සිදියි. මස් සිද නහර සිදියි. නහර සිද ඇටද ඇට මිදුලුද සිදියි." සුද්ධෝදන රජතුමන් විසින් සිදු කළ මෙම‍ ප්‍රකාශය මගින් පිය සෙනෙහෙසක මහිමය මැනවින් පිළිඹිබු වේ.

ජීවිතයේ අවසාන සමය

බුද්ධත්වයෙන් පස්වන වසරේ වස් කාලයේදී සුද්ධෝදන රජතුමා දැඩි සේ ගිලන් විය.සුද්ධෝදන රජු මරණාසන්නව සිටින බව ඇසූ බුදුන් වහන්සේ නැවතත් තමන් උපන් දේශයට වැඩම කළේය. උන් වහන්සේ මරණාසන්නව සිටි සුද්ධෝදන රජතුමන් හට ධර්මය දේශනා කළ අතර සුද්ධෝදන රජු සේසත් දරා සිටියදීම අරිහත් ඵලයට පැමිණියේය. ගිහි බවින්ම රහත් වූ එතුමා රජ පිරිසට අනුශාසනා කරමින් සත් දිනක් විමුක්ති සුව විද පිරිණිවන් පෑ බව කියැවේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    රිචඩ් පතිරණ

  • අප්‍රේල් 05, 2026

    අයිබීරියානු අර්ධද්වීපය

  • අප්‍රේල් 05, 2026

    කළු කුහරය

  • අප්‍රේල් 12, 2026

    ඒ.ටී. ආරියරත්න

  • අප්‍රේල් 03, 2026

    නමුණුකුළ කන්ද

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට