සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විකිපීඩියා යනු ඕනෑම කෙනෙකුට සංස්කරණය කල හැකි සබැඳි විශ්වකෝෂයකි. 2001 ජනවාරි 15දී මෙහි සමාරම්භය සිදු විය. විශේෂඥයින් විසින්-රචිත, හ‍ා ඉංග්‍රීසි -භාෂාව පමණක් භාවි

විකිපීඩියාවේ ඉතිහාසය

  • මුල් පිටුව
  • විකිපීඩියාවේ ඉතිහාසය

විකිපීඩියා යනු ඕනෑම කෙනෙකුට සංස්කරණය කල හැකි සබැඳි විශ්වකෝෂයකි. 2001 ජනවාරි 15දී මෙහි සමාරම්භය සිදු විය. විශේෂඥයින් විසින්-රචිත, හ‍ා ඉංග්‍රීසි -භාෂාව පමණක් භාවිත කල, 'න්‍යූපීඩියා' නම් වූ විශ්වකෝෂ ව්‍යාපෘතිය සඳහා සහය වනු වස් හා එයට උපකාරී විය හැකි කෙටුම්පත් ලිපි හා ලිපි අදහස් ආදිය සපයන අමතර මූලයක් ලෙස පවතින, 'සැපයුම් මගක්'ලෙස භාවිතය, මෙහි ප්‍රාරම්භක අභිලාෂය විය. මෙය ඉතා කෙටි කලකින් න්‍යූපීඩියාව අභිබවා යෑමට සමත් වී, පුළුල් පරාසයක් තුල රැඳුනු අමතර සමුද්දේශ ව්‍යාපෘති සමූහයකට මුල පුරමින්, විසල් ගෝලීය ව්‍යාපෘතියක් බවට පත් විය. 2008 වන විට, විකිපීඩියාව, මිලියන ගණනක් රචකයන්ගේ නැණ පහසින් ඔප් නැංවුනු, ලෝක ව්‍යාප්ත භාෂා සිය ගණනකින් රචිත, නිදහසේ-භාවිත කල හැකි ලිපි මිලියන ගණනක සාඩම්බර හිමිකරු වී ඇත. එය ලොව ඉතා ජනප්‍රිය වෙබ් අඩවියක් හා ලොවපුරා අතිශයින් ප්‍රචලිත ආශ්‍රිත මූලයක් වේ.

ඉතිහාස සමාලෝචනය

පසුබිම

ලොව සියළු දැනුම එක් තැනක ගබඩා කෙරුමෙහි සංකල්පය පුරාතන ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලය සහ පර්ගමෝන් දක්වා දිවෙතත්, පොදු කාර්ය, පුළුල් ලෙස ව්‍යාප්ත, හා මුද්‍රිත විශ්වකෝෂය අපට හමුවන්නේ ඩෙනිස් ඩිඩරොට් සහ 18වන සියවසෙහි විශ්වකෝෂකරුවන් සමගිනි.

 
ජිමී වේල්ස් විසින් විකිපීඩියාවට මග පෑදූ න්‍යුපීඩියාව ආරම්භ කරන ලදි
 
ලැරී සැංගර්, න්‍යූපීඩියාවේ හිටපු ප්‍රධාන-කතෘ වූ මොහු විකිපීඩියාව පිළිබඳ මූලික අදහස ඉදිරිපත් කොට එහි අතිශය වැදගත් ප්‍රතිපත්තීන් ස්ථාපනය කළේය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    බටහිර බෙංගාලය

  • මාර්තු 22, 2026

    ශ්‍රී ලංකා ජාතික කොඩිය

  • අප්‍රේල් 05, 2026

    බෞද්ධ නිකාය

  • අප්‍රේල් 05, 2026

    මුඨසීව රජ

  • අප්‍රේල් 09, 2026

    නසීර් අහමඩ්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට