සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කුයිපර් පටිය, සමහර අවතාවලදී මෙය එජ්වර්ත්-කුයිපර් පටිය ලෙසද හඳුන්වයි(තාරකා විද්‍යාඥයන් වූ කිනෙත් එජ්වර්ත් සහ ජෙරාර්ඩ් කුයිපර් අනුව).මෙය සූර්යය පද්ධතිය තුල ග්‍රහල

කූපර් පටිය

  • මුල් පිටුව
  • කූපර් පටිය

කුයිපර් පටිය, සමහර අවතාවලදී මෙය එජ්වර්ත්-කුයිපර් පටිය ලෙසද හඳුන්වයි(තාරකා විද්‍යාඥයන් වූ කිනෙත් එජ්වර්ත් සහ ජෙරාර්ඩ් කුයිපර් අනුව).මෙය සූර්යය පද්ධතිය තුල ග්‍රහලෝක වලින් එපිට වූ කලාපයක් වන අතර නෙප්චූන් ග්‍රහයාගේ කක්ෂයෙන් (නක්ෂත්‍ර ඒකක 30 AU)ඔබ්බට ආසන්න වශයෙන් සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 50ක් (AU) තරම් දුරට මෙය විහිදෙයි.කුයිපර් පටිය අප සෞරග්‍රහ මණ්ඩලය තුල ඇති ග්‍රාහක වළල්ලට සමාන වුවත් එයට වඩා පළලින් 20 ගුණයකටත් වඩා විශාල වන අතර 200 ගුණයක් තරම් අතිදැවැන්ත වේ.ග්‍රාහක වළල්ලේ මෙන් මෙම කුයිපර් පටියේ ප්‍රධාන වශයෙන් අන්තර්ගතවී ඇත්තේ ග්‍රාහක කැබලි වන අත‍ර සූර්ය පද්ධතිය නිර්මාණයේදී ඉතිරි වූ අවශේෂ කැබලිද ඇති බව විද්වතුන්ගේ මතයයි. මෙහි සමහර ග්‍රාහක කැබලි නිර්මාණයවී ඇත්තේ පාෂාණ වලින් හා ලෝහ වලින් වන අතර ප්‍රධාන වශයෙන් කුයිපර් පටියෙහි වූ ග්‍රාහක නිර්මාණයවී ඇත්තේ මෙතේන්, ඇමෝනියා ,ජලය වැනි මිදුණු රසායනික සංයෝග වලිනි.තවද වයස අවුරුදු දහස් ගණනකට හිමිකම් ඇති මෙම කුයිපර් පටිය ප්ලූටෝ, හෝමියා, සහ මේක්මේක් යන වාමන ග්‍රහලෝක කිහිපයකටද නිවහන වී ඇත.නෙප්චූන්ගේ ට්‍රිටෝන් චන්ද්‍රයාද සෙනසුරුගේ ෆීබී චන්ද්‍රයාද මෙම කුයිපර් පටිය කලාපයේ සම්භවයක් ඇති බව විශ්වාසයයි.

මයිනර් ප්ලැනට් සෙන්ටර් මගින් ලබා ගත් දත්ත අනුව කුයිපර් පටියේ හඳුනාගත් වස්තූන්.ප්‍රධාන පටියේ ඇති වස්තූන් කොළ වර්ණයෙන් ද විසුරුණු වස්තූන් තැබිලි වර්ණයෙන් ද දැක්වේ.පිටතින් පිහිටි ග්‍රහලෝක නිල් වර්ණයෙන් ද දැක්වේ.නෙප්චූන්ගේ චන්ද්‍රයන් කහ වර්ණයෙන් හා බ්‍රහස්පති ග්‍රහයා රෝස වර්ණයෙන් දැක්වේ.බ්‍රහස්පති ග්‍රහයාගේ කක්ෂය හා කුයිපර් පටිය අතර වූ වස්තූන් ධනු රාශියටද අයත් වේ.පරිමාණය නක්ෂත්‍ර ඒකක වලින් දැක්වේ.මෙයට පහලින් පැහැදිලිව පෙනෙන හිස් අවකාශයේ ඇත්තේ කිරි සයුරේ තලයයි,ගවේෂණය කිරීමේ පහසුව තකා මෙම ඡායාරූපයෙන් කිරි සයුර ඉවත්කර ඇත.

තාක්‍ෂණය තරමක් දුරට දියුණු වූ යුගයක එනම් 1992 වසරේදී මෙම පටිය සොයාගැනීම හේතුවෙන් හඳුනාගත් කුයිපර් වස්තූන් දහස් ගණනින් වැඩි වූ අතර විෂ්කම්භය කිලෝමීටර 100 කට වඩා වැඩි වස්තූන් 100,000 කට අධික ප්‍රමාණයක් මෙම කුයිපර් පටිය තුල පවතින බව විශ්වාසයයි.තවද අවුරුදු 200 කට වඩා අඩු කක්ෂීය කාලයක් හිමි වල්ගාතරු සඳහා ප්‍රධාන සුරක්ෂිතාගාරයක් ලෙසද මෙය හඳුනාගෙන ඇත.කෙසේවුවත් 90 දශකයේ මැද භාගයේ කරන ලද ගවේෂණ අනුව මෙම පටිය ගතිකමය වශයෙන් ස්ථාවර බවත් අවුරුදු බිලියන 4.5කට පෙර නෙප්චූන් ග්‍රහයාගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් නිර්මාණය වූ ගතිකමය වශයෙන් ක්‍රියාකාරී ප්‍රදේශයක් වූ (scattered disc) තුල මෙම වල්ගාතරු නිර්මාණය වන්නට ඇති බවත් සොයාගැනිණි.මෙම ක්‍රියාකාරී කලාපයේ සාමාජිකයකු වන එරිස් (වාමන ග්‍රහයා) හට ස්ථාවර වූ කක්ෂයක් නොමැති අතර සමහර අවස්ථාවලදී එය සූර්යයාගෙන් නක්ෂත්‍ර ඒකක 100ක් තරම් ඈතට ගමන් කරනා බව එම කාලයේදීම අනාවරණය කරගැනීමට සමත් විය.

මෙම කුයිපර් පටිය මෙයටත් වඩා දහස් ගුණයකටත් ඈතින් පිහිටි උපකල්පිත ඌට් වළාව හා පටලවා නොගතයුතුය.මන්දයත් කුයිපර් පටියේ පවතින වස්තූන් හා එනම් ස්කැටර්ඩ් ඩිස්ක් නම් සක්‍රිය ප්‍රදේශයේ ඇති වස්තූන් හා ඌට් වළාව තුල ඇති වස්තූන් එක්ව සලකා එම වස්තූන් ට්‍රාන්ස්-නේප්චූනියන් ඔබ්ජෙක්ට්ස් (TNOs) හඳුන්වන නිසාය.

TNO හි විශාලතම වස්තූන් දෙකෙන් එකක් වන ප්ලූටෝ කුයිපර් පටියෙහි විශාලතම වස්තුව වේ.2006 වසරේදී ප්ලූටෝ වාමන ග්‍රහයකු ලෙස ප්‍රකාශ වීමත් සමග එය කුයිපර් පටියෙහි සාමාජිකයකු බවට පත් විය.මෙයට හේතු වූයේ ප්ලූටෝ කුයිපර් පටියෙහි වූ අනෙකුත් වස්තූන්ට ආවේණික වූ ලක්ෂණ පැවතීමත් එහි කක්ෂීය පරිභ්‍රමණ කාලය කුයිපර් වස්තූන්ගේ අවේණික ලක්ෂණ පැවතීමත්ය.

ආශ්‍රිත

  1. ඇලන් ස්ටර්න්; Colwell, ජෝෂුවා ඊ. (1997). "කොලිෂනල් එර්ෂන් ඉන් ද ප්‍රිමෝඩයල් එජ්වර්ත් -කුයිපර් බෙල්ට් ඇන්ඩ් ද ජෙනරේෂන් ඔෆ් ද 30-50 AU කුයිපර් ගැප්". ද අස්ට්‍රොෆිසිකල් ජර්නල්. 490 (2): 879–882. Bibcode:1997ApJ...490..879S. doi:10.1086/304912.
  2. ඕඩ්‍රේ ඩෙල්සන්ටි ඇන්ඩ්ඩේවිඩ් ජෙවිට්. "ද සොලාර් සිස්ටම් බියොන්ඩ් ද ප්ලැනට්ස්" (PDF). ඉන්ස්ටිටියුට් ෆොර් ඇස්ට්‍රොනොමි ,යුනිවර්සිටි හවාඊ. සැප්තැම්බර් 25, 2007 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 9, 2007.
  3. Krasinsky, G. A. (ජූලි 2002). "හිඩ්න් මෑස් ඉන් ද අස්ට්‍රොයිඩ් බෙල්ට්". Icarus. 158 (1): 98–105. Bibcode:2002Icar..158...98K. doi:10.1006/icar.2002.6837. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  4. ජොන්සන්, ටොරන්ස් වී.; ඇන්ඩ් ලුනින්, ජොනතන් අයි.; සැටර්න්ස් මූන් ෆීබි ඇස් අ කැප්චර්ඩ් බොඩි ෆ්රොම් ද අවුටර් සොලාර් සිස්ටම්, Nature, Vol. 435, pp. 69–71
  5. ක්‍රේග් බි. ඇග්නර් ඇන්ඩ් ඩග්ලස් පි. හැමිල්ටන් (2006). "නේප්චුන්ස් කැප්චර් ඔෆ් ඉට්ස් මූන් ට්‍රිටෝන් ඉන් අ බයිනරි-ප්ලැනට් ග්‍රවිටේෂනල් එන්කවුන්ටර්" (PDF). නේචර්. ජුනි 21, 2007 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජුනි 20, 2006.
  6. NEW HORIZONS The PI's Perspective, http://pluto.jhuapl.edu/overview/piPerspective.php?page=piPerspective_08_24_2012, ප්‍රතිෂ්ඨාපනය 2014-04-15 
  7. Harold F. Levison, Luke Donnes (2007). "Comet Populations and Cometary Dynamics". In Lucy Ann Adams McFadden, Paul Robert Weissman, Torrence V. Johnson (ed.). Encyclopedia of the Solar System (2nd ed.). Amsterdam; Boston: Academic Press. pp. 575–588. ISBN 0-12-088589-1.{{cite book}}: CS1 maint: multiple names: editors list (link)
  8. Weissman and Johnson, 2007, Encyclopedia of the solar system, footnote p. 584
  9. IAU: Minor Planet Center (2011-01-03). "List Of Centaurs and Scattered-Disk Objects". Central Bureau for Astronomical Telegrams, Harvard-Smithsonian Center for Astrophysics. සම්ප්‍රවේශය 2011-01-03.
  10. Gérard FAURE (2004). "Description of the System of Asteroids as of May 20, 2004". May 29, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය June 1, 2007.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    කන්නඩ භාෂාව

  • මාර්තු 12, 2026

    ත්‍රිපිටකය

  • අප්‍රේල් 03, 2026

    ලතින් භාෂාව

  • මාර්තු 13, 2026

    ඇඩොල්ෆ් හිට්ලර්

  • මාර්තු 12, 2026

    ලන්දේසි ලංකාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට