සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචිය (ග්‍රීක: Εὐαγγέλιον κατὰ Λουκᾶν) යනු, ධර්ම සංහිතානුකූල සුභාරංචි සතරෙන් තුන්වෙනිය වෙයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වංශාවලිය, උපත,

ශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචිය

  • මුල් පිටුව
  • ශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචිය

ශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචිය (ග්‍රීක: Εὐαγγέλιον κατὰ Λουκᾶν) යනු, ධර්ම සංහිතානුකූල සුභාරංචි සතරෙන් තුන්වෙනිය වෙයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වංශාවලිය, උපත, ධර්ම ප්‍රචාරය, මරණය, උත්ථානය සහ, ස්වර්ගාරෝහණය එය විසින් විස්තර කරයි.

ලූක්ගේ සුවිශේෂය

ශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචිය යනු, සුභාරංචි සතරෙන් දිගුම එක වන අතර නව ගිවිසුමෙහි දිගුම පොත වෙයි; ප්‍රේරිතයන්ගේ ක්‍රියා පොත හා සමග සැලකූ කල, ලූක්–ක්‍රියා නමින් හැඳින්වෙන, එකම කතුවරයාගේ වෙළුම් දෙකක කෘතියක් එය තනයි. ලූක්–ක්‍රියා කෘතියෙහි දේව ධර්ම ශාස්ත්‍රයෙහි ප්‍රධාන ප්‍රතිෂ්ඨාව නම් "ගැලවීමෙහි ඉතිහාසය" වෙයි, එනම් එතුමා දැනටමත් ක්‍රියා කර ඇති ආකාරය තුලින් සහ ඉතිහාසය තුල එතුමන් ක්‍රියා කරනු ලබන්නාවූ ආකාරය තුලින් දෙවියන්වහන්සේගේ අභිප්‍රාය පෙන්නුම් කරන බවට කතුවරයා විසින් අවබෝධ කර ගැනුමයි. එය විසින් පළමුවන සියවසෙහිදී ක්‍රිස්තියානි ධර්මයෙහි ඉතිහාසය අවදි තුනකට බෙදා වෙන් කල අතර, සුභාරංචිය වෙතින් මෙයින් පළමු අවදි දෙක විස්තර කෙරිණි – ගැලවුම් කරුවාණන් වූ ජේසුස් වහන්සේ මනුෂ්‍යයන් අතරට පැමිණීම, එතුමන්ගේ උපතෙහි සිට ස්නාවක ජුවාම් තුමා හමුවීම වෙතින් උන්වහන්සේගේ මෙළොව මෙහෙයය ඇරඹුමෙන් පසුව එතුමන්ගේ මෙළොව ධර්ම ප්‍රචාරය, දුක්ප්‍රාප්තිය, මරණය, සහ උත්ථානය (සුභාරංචි කතාන්තරය එලෙසින්ම අවසන් කරමින්) යනුවෙනි. ශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියෙහි කතුවරයා විසින්, ක්‍රිස්තුස් වහන්සේගේ මෙළොව ජීවිතය පිළිබඳ විස්තරය සඳහා මූලාශ්‍රයක් ලෙසින් ශුද්ධවූ මාක් තුමාගේ සුභාරංචිය භාවිතා කර ඇති අතර, ජේසුස් වහන්සේගේ උගැන්වීම් සඳහා Q මූලාශ්‍රය නමැති මනඃකල්පිත කියමන් එකතුවක් භාවිතා කලේ යැයි සිතනු ලැබේ. අනෙකුත් සුභාරංචි තුල දක්නට නොලැබෙන කරුණු, ශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියෙහි අඩංගු වන අතර, බොහෝ විට හැඳින්වෙන්නේ L (ලූක් සඳහා) මූලාශ්‍රය ලෙසිනි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 22, 2026

    Vladimir Putin

  • මැයි 21, 2026

    මහා ශිරා

  • අප්‍රේල් 06, 2026

    අවධිය (පදාර්ථය)

  • ජූනි 05, 2026

    ජොසොන් රාජවංශය

  • ජූනි 16, 2026

    Fair use

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට