සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නවීන විද්‍යාත්මක ක්‍රමය (හෙවත් විද්‍යාත්මක ක්‍රමය) යනු පවතින දැනුමක් නිවැරදි කිරීම, පවතින දැනුම ඒකාබද්ධ කිරීම හෝ නව දැනුම නිර්මාණය කිරීම පිණිස යම් සංසිද්ධියක් ව

විද්‍යාත්මක ක්‍රමය

  • මුල් පිටුව
  • විද්‍යාත්මක ක්‍රමය

නවීන විද්‍යාත්මක ක්‍රමය (හෙවත් විද්‍යාත්මක ක්‍රමය) යනු පවතින දැනුමක් නිවැරදි කිරීම, පවතින දැනුම ඒකාබද්ධ කිරීම හෝ නව දැනුම නිර්මාණය කිරීම පිණිස යම් සංසිද්ධියක් විමර්ෂණය කිරීම පිණිස යොදාගන්නා නවීන විද්‍යාත්මක ශිල්පක්‍රම වල එකතුවයි. ගැටළුව හොඳින් සොයා බලා නිසි පදනමක් ඇතිව, තාර්කිකව පිළිතුරක් ලබාගන්න ක්‍රමයකි. බොහොමයක් විද්‍යාත්මක පරීක්ෂණ වලට භාවිතා කරනු ලබන්නේ මේ ක්‍රමයයි. විද්‍යාත්මක ක්‍රමය යම් ගැටළුවක් තාර්කිකව විසඳා ගැනීමටත් නිරවද්‍යතාවයෙන් ඉහළ පිළිතුරු ලබාගැනීමටත් ඉතා හොඳ දර්ශකයකි. ගැටළුව විසඳා ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග විද්‍යාත්මක ක්‍රමය මගින් පියවරින් පියවර සපයනු ලැබේ.

විද්‍යාත්මක ක්‍රමයේ පියවර පෙන්වන රූප සටහනක්. The scientific method is often represented as an ongoing process. This diagram represents one variant, and there are many others.
රසායන විද්‍යා ක්ෂේත්‍රයේ මුල් අත්හදා බැලීම පිළිබඳ 18 වැනි සියවසේ නිරූපනයක්

පටුන

විද්‍යාත්මක ක්‍රමයේ ඉතිහාසය

වසර සිය ගණනක් පුරාවට විද්‍යාත්මක දැනුම සඳහා කල විශ්ලේෂණ රාශියක ප්‍රතිපලයක් ලෙස විද්‍යාත්මක ක්‍රමය ලොවට හෙලිදරව් විය. වාර්ථා වී ඇති අන්දමට 1627-1697 කාලයේ ජීවත් වු ඉතාලි ජාතික භෞතිකඥයකු වු ෆ්‍රැන්සිස්කෝ රේඩි නැමැත්තා තමයි මුලින්ම විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරමින් පරීක්ෂණයක් සැලසුම් කරන ලද්දේ. ඔහු විද්‍යඥයෙක් ලෙස මෙන්ම වෛද්‍යවරයෙක්, කවියෙක් හා රචකයකු ලෙසද කටයුතු කර තිබෙනවා. රේඩි විසින් පරීක්ෂණ සැලසුම් කරන ලද්දේ ස්වයංසිද්ධ ජනන වාදය ට එරෙහිවයි. පුරාණයේ වසර සිය ගණනක් පුරා මිනිසුන් ව්ශ්වාස කලේ අජීවී ද්‍රව්‍ය වලින් ඕනෑම අවස්ථාවක ජීවීන් හට ගත හැකි බවයි. ස්වයංසිද්ධ ජනන වාදය ලෙස හැඳින්වෙන්නේ මෙම විශ්වාසයයි. උදාහරණයක් විදිහට ගතහොත් දිරාපත් වන රෙදිපිළි, පිදුරැ වැනි දේ වලින් මීයන් කැරපොත්තන් වැනි ජීවීන් බිහිවන බවයි. මේ මතය බිඳ හෙලීමට හැකි වුනේ රේඩි විසින් අරඹන ලද විද්‍යාත්මක පරීක්ෂණ වැඩිදුරටත් දියුණු කිරීමෙනි.

රේඩි පරීක්ෂණ මෙහෙයවුයේ දිරාපත්වන රෙදි කෑලි ඇසුරෙන් නම් නොවේ. කුණු වන මස් වලින් පණුවන් බිහිවන බවට තිබූ මතය බිඳහෙලීමටයි ඔහු පරීක්ෂණ සැලසුම් කලේ. ඔහු ගොඩනැගු කල්පිතය තමා වටපිටාවේ සිටින මැස්සන් කුණු වන මස් මත බිත්තර දැමීමෙන් පණුවන් ඇතිවේ යන්න.

එය පරීක්ෂා කිරීමට බඳුන් දෙකකට කුණු වන මස් දමා එකක් වාතයට විවෘතවත් අනෙක මුද්‍රා තබාත් දින කීපයක් තිබෙන්නට හරින ලදී. එවිට විවෘත බඳුනේ පමණක් පණුවන් හටගෙන ඇතිබව නිරීක්ෂණය කිරීමෙන් ඔහුගේ මතය සනාථ විය. ගැටළු විසඳාගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රමය භාවිත කිරීම එදා සිට අද දක්වාම විවිධ කෙෂ්ත්‍රයන්හි භාවිතයට ගනු ලබයි.

විද්‍යාත්මක ක්‍රමයේ මුලික පියවර

විද්‍යාත්මක ක්‍රමයේ මුලික පියවර පහක් ඇත.

  • ගැටළුව හඳුනා ගැනීම.
  • ගැටළුව විශ්ලේෂණය කිරීම.
  • කල්පිතය ගොඩනැගීම.
  • පරීක්ෂණය පැවැත්වීම.
  • අවසාන නිගමනයකට එලඹීම.

අදාළ

  1. Goldhaber & Nieto 2010, p. 940 harvnb error: no target: CITEREFGoldhaberNieto2010 (help)
  2. "[4] Rules for the study of natural philosophy", Newton transl 1999, pp. 794–6 harvnb error: no target: CITEREFNewton_transl1999 (help), after Book 3, The System of the World.
  3. Oxford English Dictionary – entry for scientific.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    සිරි ගුණසිංහ

  • අප්‍රේල් 04, 2026

    ගජබා රෙජිමේන්තුව

  • අප්‍රේල් 08, 2026

    පාලි ත්‍රිපිටකය

  • අප්‍රේල් 04, 2026

    අඩ-මහා අක්ෂය

  • අප්‍රේල් 06, 2026

    මවු බස

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට