සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 141

ලෝවැඩ සඟරාව

  • මුල් පිටුව
  • ලෝවැඩ සඟරාව

වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 1412 - 1467 කාල වකවානුවේදී ලෝවැඩ සඟරාව රචනා කර තිබේ.බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව උන් වහන්සෙ රචනා කර තිබේ. "පාලි ධර්මය නොදන්නා සාමාන්‍ය ගැමි ජනතාවට පින් සහ පව් වල විපාක මෙසේ යයි අවබෝධ කරලීම මූලික අරමුණු කරගෙන ලොවැඩ සඟරාව රචනා කළෙමි" යන්න "වෙසෙසින් පෙළදම් නොමදත් දනහටපවසම් කළ කම් පල දැන්හෙළුකොට" යනුවෙන් හා "නොදැනෙනුවන්හට පව්පින් නියම කොටබඳ ලෝවැඩ සඟරා පිණෙනි හැම විට" දක්වා තිබීමෙන් මනාව පැහැදිලි වේ. බුද්ධ වර්ෂ 2015 දී පමණ රචනා කරණ ලද ලෝවැඬ සඟරාව කියවීමෙන් මෙලොව පරලොව දෙලොවම සෙත සලසා ගත හැකි උපදෙස් අපට ලබා ගත හැක. මිනිසාගේ දෙලෝ අභිවෘද්ධියටම හේතු වන මහා අනර්ග ධර්ම අවවාද රාශියක් කැටිකොට ගොතන ලද කවි 140 ට උචිත ලෙස ලෝවැඩ සඟරාව නමින් මේ කෘතිය නම් කොට තිබේ.

ලෝවැඩ සඟරාව
කර්තෘවීදාගම මෛත්‍රීය හිමි
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල

එම්.කේ. සුසන්ත සේනාධිලංකාරගේ අසම්පූර්ණ සංස්කරණවලින් යටපත්වූ වීදාගම මෛත්‍රිය හිමිගේ ලෝවැඩසඟරාව නමැති ග්‍රන්ථයේ ලෝවැඩසඟරාවේ පද්‍ය 271ක් දක්වා තිබේ. මෙය විශිෂ්ට පර්යේෂණයකි. වීදාගම මෛත්‍රිය හිමි තරුණ හිමිනමකව සිටියදී ලෝවැඩසඟරාව රචනා කළ බවත්, උන්වහන්සේ මහනෙත්පාමුළ අධිපතිවීමෙන් පසුව ඒබව සඳහන් කරමින් ලෝවැඩසඟරාව නැවත සංස්කරණය කරන ලද බව සෙන්ධිලංකාරගේ පර්යේෂණයේ සඳහන්වෙයි.

භාව සන්න සහිත ලෝවැඩ සඟරාව

1

සෙත් සිරි දෙන මහ ගුණ

සත් හට වන බව දුකට

තිත් ගනඳුර දුරලන

සිත් සතොසින් නමදිමි

මුහුදාණන්

වෙදාණන්

දිනිදාණන්

මුනිදාණන්

නිර්වාන සැපත ගෙන දෙන ගුණ සාගරයක්වු, සංසාර දුක නැමැති රෝගය සුව කරන වෛද්‍යවරයකු බඳු වූ තීර්තක නැමැති මිත්‍යාදෘශ්ටි අන්ධකාරය නසන සූර්යයා බඳු වූ බුදුන් වහන්සේ සිත් සතුටින් වදිමි.


2

ඇම පමණින් පැවසු මුනි දැන

මෙම හැම දෙන බලවයි දැක්විය

තම තම නැණ පමණින් දැන ගත

මම නමදිම් සදහම් පහදා

යුතු

යුතු

යුතු

යුතු

ලෝකය පිළිබදව සියළු තතු අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ මෙම සියළුදෙනාගේ දැනුම පිණිස පෙන්වා දීය යුතු වූ. තම තම නුවනින් අවබෝධ කරගත යුතු ශ්‍රී සද්ධර්මය පැහැදුනු සිතින් නමස්කාර කරමි.


3

සිරිමත් බඹ සිරසෙහි පා

සැරියුත් මහ මුගලන්

පිළිවෙත් සරු මහ සඟගණ

මුදුනත් දී නමදිමි බැති

පිසිනා

පිළිවෙළිනා

සොබනා

පෙමිනා

ශ්‍රීමත් මහා බ්‍රග්මයාගෙන් පවා වැදුම් ලබන ( බ්‍රහ්මයාගෙ හිසෙහි තම පාද පිසදමන) මහා සැරියුත් මහා මුගලන් මහරහතුන්ගේ පිළිවෙලින් එන ප්‍රතිපත්තියෙන් සාර වු මහා සංඝරත්නය ආදර භක්තියෙන් දොහොත් මුදුන් දී වදිමි.

සම්පූර්ණ කාව්‍යය https://si.wikipedia.org/wiki/ලෝ_වැඩ_සඟරාව

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    චෝල රාජවංශය

  • මාර්තු 23, 2026

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව

  • මාර්තු 29, 2026

    කතරගම දෙවියෝ

  • මාර්තු 24, 2026

    මාතලේ කැරැල්ල

  • අප්‍රේල් 04, 2026

    Latin Church

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට