සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දඹුල්ල ගල්කිරියාගම ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිළිබඳ පුරාවෘත්තය ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙයි. අනුරාධපුර

ජාතික නාමල් උයන

  • මුල් පිටුව
  • ජාතික නාමල් උයන

දඹුල්ල ගල්කිරියාගම ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිළිබඳ පුරාවෘත්තය ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙයි. අනුරාධපුර යුගයේ පෞරාණික නටඹුන් ‍රැසක් පවතින මෙහි බෝධිඝර, පෞරාණික ගල් පඩි හා ගල් කණු ආදියෙන් සමන්විතයි. වසර කෝටි 50 ක් පැරණි ශාක පොසිල රැසක් හා වසර 2000 ක් පමණ පැරණි ඉතිහාසයක් නාමල් උයන සතුය. ක්‍රිස්තු වර්ෂ 924 දී ශ්‍රී ලංකාවේ රජ කළ දප්පුල නම් රජු විසින් මිනිසුන් සඳහා වූ අභය භූමියක් ලෙස නාමල් උයන නම් කර ඇති බව නාමල් උයනට පිවිසෙන ආඩියාගල මාර්ගයේ ඇති සෙල් ලිපියේ සඳහන් වේ.

සිතියම
නා මල

අක්කර 760 කින් සමන්විත ජාතික නාමල් උයනේ පරිසර පද්ධති රැසක් දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ එකම ස්ථානයක වැඩිම නා ගස් ප්‍රමාණයක් ඇති ස්ථානය ද මෙය වේ. මෙහි ප්‍රමුඛතම ශාකය නා වන අතර බටු නා, දිය නා ආදි විශේෂයන්ද ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම් කළ නා ගසට අමතරව නාමල් උයන තුළ හල්මිල්ල, කළුවර, මිල්ල ආදි ශාක රැසක් ද දක්නට ලැබෙයි. අපේ රටට ආවේනික වූ හා ආවේනික නො වූ පක්ෂි වර්ග 18ක් ඇති බවත් ඖෂධීය ශාක විශේෂ 72 ක් හා කෘමි විශේෂ 75 ක් ඇති බවත් පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.

පුරා විද්‍යා රක්ෂිතයක් ද වන නාමල් උයන කරුණු 5ක් යටතේ පුරා විද්‍යාත්මක අතින් වැදගත් වේ. ජාතික නාමල් උයනේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50 ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරෙන රෝස තිරිවාන නිධියක් ද පවති.මෙය දකුණු ආසි‍යාවේ ඇති පැරණිතම හා විශාලතම රෝස තිරිවාන නිධිය ලෙස ද හැදින්වේ. තිරිවාන නිධිය තුළ "ආගනේය "නම් පාෂාණ විශේෂය ඇති බවත් පර්යේෂණ මගින් සනාථ ක‍රගෙන ඇත.

පුරා විද්‍යාගවේෂකයෙකු වන බන්දු වීර‍වර්ධන මහතා 2002 ජනවාරි මස දී වසර කෝටි 25 ක් පැරණි ශාක පොසිල ඇති බව ජාතික නාමල් උයන තුළ කළ පර්යේෂණ වලින් තහවුරු කර ගෙන ඇත. ඔහුගේ නිගමනයට අනුව මෙහි අක්කර 20 ක භුමි භාගයක පොසිල විසිර තිබේ. පුරා විද්‍යාත්මක, අධ්‍යාපනික හා පාරිසරික වටිනාකමකින් යුතු ජාතික නාමල් උයනේ සුවිශේෂ පස් වර්ග 3 ක් ද ඇති බව පර්යේෂණවලින් තහවුරු වී ඇත.

නාමල් උයනේ අසිරිය වැඩි කරනුයේ රෝස තිරිවාන නිධිය නිසාය. මෙය අක්කර 250 ක් පමණ පෙදෙසක විසිර ඇත. පුරා විද්‍යාත්මක පර්යේෂණවලට අනුව රෝස තිරිවාන වලින් නිපැයු පබළු හමුවී ඇති අතර මෝගල් අධිරාජ්‍යයාගේ පෙම්වතිය සිහිවීම සඳහා ඉදි කළ ටජ් මහල් මන්දිරයේ ජනේල අලංකාර කිරීමට ද රෝස තිරිවාන යොදා ගෙන ඇති බව සනාථ වී ඇත. පරිගණක අමතර කොටස් සඳහා හා වාහනවල වින්ඩිස්ක්‍රීන් සඳහාත් රෝස තිරිවාන යොදා ගැනේ.

සංරක්ෂිත වනාන්තරයක් වන ජාතික නාමල් උයන මේ වන විට ජනාධිපති පරිසර සම්මානලාභී වනවාසී රාහුල හිමියන්ගේ භාරකාරත්වයෙන් පවතී. උන්වහන්සේ නාමල් උයන සංරක්ෂණය කරවීමට දක්වන මෙහෙය පරිසර හිතකාමීන්ගේ ප්‍රශංසාවට ලක්වී ඇත.

මුලාශ්‍ර

(විජය පුවත්පත අනුග්‍රහයෙන් )

මේ අඩවියත් බලන්න

ශ්‍රි ලංකාවේ ජාතිකත්වය

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 25, 2026

    භගමණිය

  • අප්‍රේල් 03, 2026

    German language

  • අප්‍රේල් 04, 2026

    චෙක් ජනරජය

  • අප්‍රේල් 04, 2026

    Pacific Ocean

  • අප්‍රේල් 04, 2026

    බදුල්ල දිස්ත්‍රික්කය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට