සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දක්ෂිණ අර්ධගෝලය (ඉංග්‍රීසි:  Southern Hemisphere) යනු සමකයෙන් දකුණු දෙසට පිහිටි ලෝක ගෝලයේ අර්ධයයි. තවත් අයුරකින් හැඳින්වුවහොත් ඛගෝල සමකයට දකුණින් පිහිටන අර්ධ ඛග

Southern Hemisphere

  • මුල් පිටුව
  • Southern Hemisphere

දක්ෂිණ අර්ධගෝලය (ඉංග්‍රීසි:  Southern Hemisphere) යනු සමකයෙන් දකුණු දෙසට පිහිටි ලෝක ගෝලයේ අර්ධයයි. තවත් අයුරකින් හැඳින්වුවහොත් ඛගෝල සමකයට දකුණින් පිහිටන අර්ධ ඛගෝලිය කොටසයි. දක්ෂිණ අර්ධගෝලයේ මහද්වීප 4 ක් (ඇන්ටාටිකාව, ඕස්ට්‍රේලියාව, දකුණු ඇමරිකාවේ වැඩිකොටසක් හා අප්‍රිකාවේ සමහර කොටස්) පිහිටා ඇති අතර දකුණු අත්ලාන්තික්, ඉන්දියානු, දකුණු පැසිෆික් හා දක්ෂිණ යන සාගර 4 ද පිහිටා ඇත. ආසියා මහද්විපයෙන් දුරස්ව පිහිටි දූපත් කිහිපයක්ම දකුණු අර්ධගෝලය සේ පවතී. පෘථිවිය භ්‍රම‍ණයේදි එහි ඉලිප්සීය අක්ෂ තලයට ඇති ආතතිය හේතුකොට ගෙන වසන්ත සෘතුව දෙසැම්බර් 21 - මාර්තු 21 කාලයේ ද, ශීත සෘතුව ජුනි 21- සැප්තැම්බර් 21 කාලය තුළද ඇති වේ.

tiny globe
කහ වර්ණයෙන් දක්වා ඇත්තේ පෘථිවියේ දකුණු අර්ධ ගෝලයයි. (ඇන්ටාටිකාව දක්වා නොමැත.)
tiny globe
දකුණු අර්ධ ගෝලය දක්ෂිණ ද්‍රවයට ඉහළින් පෙනෙන ආකාරය.

දකුණු අර්ධගෝලයේ දේශගුණය සමස්තයක් වශයෙන් උතුරු අර්ධගෝලයට වඩා මදක් සෞම්‍ය වන නමුත් ඇන්ටාටිකාවේ දේශගුණය ආක්ටික් ප්‍රදේශයට වඩා වැඩි සීතලකින් යුක්තය.මීට‍හේතුව දකුණු අර්ධගෝලයේ ගොඩබිම් ප්‍රමාණයට වඩා සැළකිය යුතු ලෙස වැඩි සාගර ප්‍රමාණයක් පැවතීමයි. ජන ඝනත්වය 10% සිට 12% වැනි අඩු අගයකින් යුක්ත නිසා මෙම ප්‍රදේශයේ පරිසර දුෂණයද අවම වේ. තවද කාර්මීකරණය අඩු මට්ටමක පැවතීම, අඩු ගොඩබිම් ප්‍රමාණය (වායු තරංග බොහෝ විට ගමන් කරන්නේ බටහිර සිට නැගෙනහිර දෙසට බැවින් දූෂිත වායු පහසුවෙන් උතුරට හෝ දකුණට පැතිරී නොයයි.) යන කරුණුද මෙයට හේතු වේ.

දකුණු අර්ධ‍ගෝලයේ සූර්යයාගේ ගමන් මාර්ගය උතුරු දිශාව හරහා නැගෙනහිර සිට බටහිරට විහිදී ඇති නමුත් මකර නිවර්තනයට උතුරින් පිහිටි ප්‍රදේශවල සූර්යයා මධ්‍යාහ්නයේදී අහස මුදුනේ හෝ දකුණට බරව පිහිටයි. සූර්යයා උතුරු දිශාව හරහා ප්‍රමණයෙන් උතුරු අර්ධගෝලයේදී දක්නට ලැබෙන සූර්යයාගේ වටේ සිට දකුණට චලිතය වෙනුවට පැහැඳිලි ලෙස දකුණු - වම චලනයන් දක්වයි. දවස පුරා ඇතිවන සූර්ය සෙවනැලි වාමාවර්ත චලනයන් පෙන්නුම් කරයි. (සූර්ය තැටි Sun dial වල වේලාව දැක්වීමට පැය ගණන ලකුණු කර ඇත්තේ විරුද්ධ අතටය) කොරියෝලිස් ආචලනය හේතුවෙන් චණ්ඩමාරුත හා නිවර්තන කුණාටු දකුණු අර්ධගෝලයේදී දක්ෂිණාවර්තව භ්‍රමණය වේ. (උතරු අර්ධගෝලයේදී මෙම භ්‍රමණය සිදුවන්නේ වාමාවර්තවය)

සඳ නැග්ම දකුණු අර්ධගෝලයට දිස් වන්නේ උතුරු අර්ධගෝලයට ප්‍රතිවිරුද්ධ දිශාවටය.දකුණු අර්ධ ගෝලයේ කොටසක් වන දකුණු සෞම්‍ය කලාපය සමන්විත වන්නේ වැඩි භ්‍රමණයන් සාගර වලිනි. උරුගුවේ, ලෙසතෝ හා නවසීලන්තය සම්පූර්ණයෙන්ම මෙම කලාපයේ පිහිටා ඇත. චිලී හා ආර්ජන්ටිනාවේ විශාල කොටසක්, පැරගුවේ බ්‍රසීලය, නැම්බියාව, බොස්වානා, දකුණු අප්‍රිකාවේ වැඩි ප්‍රදේශයක්, මොසැම්බික්, මැඩගස්කර හා ඕස්ට්‍රේලියාව යන රටවල කොටසත් පමණක් මෙම කලාපයේ පිහිටයි. දක්ෂිණ ධ්‍රැවය ගැලැටික් කේන්ද්‍රය ( glanic center ) වෙතට නැඹුරු ව පිහිටීමත්, පැහැඳිලි අහසක් දක්නට ලැබීමත් හේතුවෙන් දක්ෂිණ අර්ධගෝලය තාරකා නිරීක්ෂණයට ඉතා සුදුසු වන අතර දීප්තියෙන් වැඩි තාරකා විශාල සංඛ්‍යාවක් එකී අහසේ පිහිටා ඇත.

පටුන

ආශ්‍රිත

  • ඇන්ටාක්ටිකාව
  • ඕස්ට්‍රේලියාව (මහාද්වීපය)
  • Geographical zone
  • Global North and Global South
  • Land and water hemispheres
  • උත්තර අර්ධ ගෝලය
  • දක්ෂිණ ධ්‍රැවය
  • Zealandia
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 01, 2026

    මහනුවර යුගයේ රාජාවලිය

  • මාර්තු 31, 2026

    බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි

  • අප්‍රේල් 04, 2026

    සිදුහත් කුමරු

  • අප්‍රේල් 06, 2026

    ජන නාට්‍ය

  • අප්‍රේල් 07, 2026

    South Africa

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට