සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ආනන්ද සමරකෝන් මහතා (1911–1962) ශ්‍රී ලාංකික දක්ෂ රචකයෙක් හා සංගීතඥයෙක් වෙයි. ශ්‍රී ලංකාවේ ජාතික ගීය වන "ශ්‍රී ලංකා මාතා" නිර්මාණය කැරුණේ මෙතුමන් විසිනි.

ආනන්ද සමරකෝන්

  • මුල් පිටුව
  • ආනන්ද සමරකෝන්

ආනන්ද සමරකෝන් මහතා (1911–1962) ශ්‍රී ලාංකික දක්ෂ රචකයෙක් හා සංගීතඥයෙක් වෙයි. ශ්‍රී ලංකාවේ ජාතික ගීය වන "ශ්‍රී ලංකා මාතා" නිර්මාණය කැරුණේ මෙතුමන් විසිනි.

ආනන්ද සමරකෝන්
පසුබිම් තොරතුරු
උපත් නාමයඑගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන්
මෙලෙසින් ද හැඳින්වේආනන්ද සමරකෝන්
සම්භවයශ්‍රී ලංකාව
විපතඅප්‍රේල් 5, 1962(1962-04-05) (වයස 51)
ප්‍රභේදශ්‍රී ලාංකීය සංගීතය
වෘත්තියගායක-ගීතරචක
ගුරු වෘත්තිය
සක්‍රීය වර්ෂ1938–1962

පටුන

පෞද්ගලික ජීවිතය

මුල් කාලය

සමරකෝන් මහතා එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන් නමින් ක්‍රිස්තියානි පවුලකට දා වැ පාදුක්ක නම් ගමේ දී 1911 ජනවාරි 13 වන දා උපනි. හේ කොට්ටේ ක්‍රිස්තියන් විද්‍යාලයෙන් (වර්තමානයේ කොට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය නමින් හැඳින්වෙන) ප්‍රාථමික හා ද්වීතීක අධ්‍යාපනය ලබාගති. පණ්ඩිත් ඩී.සී.පී. ගම්ලත්ගේ ඔහු ගේ සිංහල ගුරුවරයා විය. පසුව ඔහු ඉන්දියාවේ සන්ටිනිකෙටන් ප්‍රදේශයට ගොස් කලාව හා සංගීතය හැදැරී ය. මාස හයකට පසු උගැන්ම අතරමඟ නවතා නැවැත ලංකාවට පැමිණි හේ සිය නම ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කර බුදු දහම වැලඳ ගති. හේ 1938 සිට 1942 දක්වා ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සේවය කළේ ය. ඉන්දියාවේ සිටින කාලය තුළ හේ බොහෝ සෙයින් රබින්ද්‍රනාත් තාගෝර් තුමා ගේ ආභාශය ලබාගති. මෙවැනි ශ්‍රේෂ්ඨ ඉන්දීය සංගීතඥයකු අනුගමනය කිරීම ඔහු ගේ අපේක්ෂාව වූ පරිදි ශ්‍රී ලාංකික මිනිසුනට උචිත සංගීත සම්ප්‍රදායක් නිර්මාණය කිරීමට මහඟු පිටුවහලක් වූ බව කිව යුතු යි.

රචකයෙකි

1937 දී, උතුරු ඉන්දියාවේ රාගධාරී සංගීතය මෙ රට ජනප්‍රියතම සිංහල ගීවල අඩංගු වී තිබිණි. මෙම ගීවල පදමාලා තේරුම් රහිත වූ අතර කිසිදු සාහිත්‍ය රසයකින් යුක්ත වුයේ නැත. 1940 දී සමරකෝන් මහතා ශ්‍රී ලංකාවට ආවේනික වු සංගීතමය ආකෘතියක් "එන්ඩද මැණිකේ" ගීය එළිදක්වමින් ඉදිරිපත් කළේ ය. 1940 දී හේ "නමෝ නමෝ මාතා" ගීය රචනා කළේ ය. පසුව මේ ගීය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් තෝරාගැනිණි. ආදරය තේමාකරගත් ගීයක් වන "එන්ඩද මැණිකේ" ගමක තරුණ ගැහැනු ළමයකු හා පිරිමි ළමයකු හා අතර ඇතිවන දෙබසක් විදිහට දිගහැරේ. එය සාර්ථක වීමත් සමග ම සාර්ථක නිර්මාණ රාශියක් ඔහු විසින් එළිදැක්විණි. 1940 කාලය ඔහු ගේ ස්වර්ණමය කාලපරිච්ඡේදය යි. ඔහු ගේ විශිෂ්ඨ නිර්මාණ අතුරින්:

  • පොඩිමල් එතනෝ
  • විලේ මලක් පිපිලා
  • පොසොන් පොහොදා
  • අහසේ මැදුර
  • සුනිලා ගුවනේ
  • පුන්චි සුදා
  • නිල්වලා ගගේ
  • සුමනෝ
  • පුදමු කුසුම්
  • සිරි සරුසාර කෙතේ විශේෂ තැනක් ගනී.........................

චිත්‍ර ශිල්පියා

1945 දී සමරකෝන් මහතා ගේ එකම පුතු වයස 5 දී මිය ගිය අතර ශෝකයට පත් සමරකෝන් මහතා ඉන්දියාවට ගියේ ය. එහි දී චිත්‍ර ඇඳීමේ කටයුතු දිගටම කරගෙන ගිය හේ චිත්‍ර ප්‍රදර්ශන එකොළහක් පැවැත්වී ය. එහි දී ඔහු ගේ චිත්‍ර මහත් ඉහළ පිළිගැනීමකට ලක් විය. පසුව නැවැත ලංකාවට පැමිණි සමරකෝන් මහතා 1951 දි නැවත සංගිතය කෙරෙහි යොමු විය.

ජාතික ගීය

1952 දී සමරකෝන් මහතාගේ එක් මුල් නිර්මාණයක් වන "නමෝ නමෝ මාතා"' (රචනා කරන ලද්දේ 1940, පටිගත කරන ලද්දේ 1946) ගීය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් නම් කැරිණි. "නමෝ නමෝ මාතා" ගීය ජාතික ගීය ලෙස පිළිගැනීම එ තරම් සුමට කාර්යයක් නොවිණි. ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂි ද මැවෙන්න‍ට විය. මේ ගීය ඔහු විසින් රචනා කරන ලද්දේ "නමෝ නමෝ නමෝ මාතා....." යනුවෙනි. පසුව එය " ශ්‍රී ලංකා මාතා" යනුවෙන් වෙනස් කැරිණි.

 
[[:File:Sri Lanka Matha.ogg|]]

මෙම ගොනුවට සවන්දීමේ ගැටලුවක්ද? මාධ්‍ය උදව් වෙතට යොමු වන්න.

මරණය

1962 අප්‍රේල් 5 වන දින අවුරුදු 51 දී, නිසිප්‍රමාණයට වැඩියෙන් නිදි පෙති ගෙන සියදිවි හානිකරගනීමෙන් මරණය සිදුවිය. ඔහු මරණයට පත්වුවත් එතුමගේ උරුමයන් වන ඔහුගේ ගීත සහ ඔහු නිර්මාණය කළ සංගීත ශෛලිය අමරණීයවේ .

වෙනත් ක්‍රියාකාරී තැන්

  • Discover Sri Lanka - Page

වෙනත් සම්භන්ධතා

  • Ananda Samarakoon සංරක්ෂණය කළ පිටපත 2010-12-03 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    කක්ෂීය කාලාවර්තය

  • මාර්තු 23, 2026

    ශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ල

  • මාර්තු 23, 2026

    ගිනි කඳු

  • මාර්තු 16, 2026

    ශ්‍රී දළදා මාළිගාව

  • අප්‍රේල් 04, 2026

    එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට