සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සැන් මරීනෝ හෙවත් සන්සුන් සැන් මරීනෝ ජනරජය යනු, වර්ග කිලෝමීටර් 61ක් පමණ කුඩා රටක් වන අතර එය ඉතාලිය තුළ පිහිටා ඇති ස්වාධීන රාජ්‍යයකි, එය ඉතාලියටත් වඩා පැරණි රටකි

සැන් මරිනෝ

  • මුල් පිටුව
  • සැන් මරිනෝ

සැන් මරීනෝ හෙවත් සන්සුන් සැන් මරීනෝ ජනරජය යනු, වර්ග කිලෝමීටර් 61ක් පමණ කුඩා රටක් වන අතර එය ඉතාලිය තුළ පිහිටා ඇති ස්වාධීන රාජ්‍යයකි, එය ඉතාලියටත් වඩා පැරණි රටකි එය හතර වටෙන්ම වට වූ භූමියෙන් වට වූ රටවල් එකකි, එවන් රටවල් පවතින්නේ ලෝකෙට තුනක් පමණි අනිත් දෙක නම් වතිකානුව සහ ලෙසොතෝ ය.

මෙම රට වර්ග කිලෝමීටර් 61.19 පමණ කුඩා ය. නමුත් මේ කුඩා ජනරජය ලෝක ඉතිහාසය වඩාත් ගෞරවාදරයට පත් වූ රාජ්‍යයක්, මෙහි ජනගහනය 34,132 ක් වන අතර මෙය ලෝකයේ පස් වෙනියට කුඩාම රාජ්‍යයයි මෙම රටෙහි අගනුවර මීටර් 739 ක් උස කඳුකරයක් උඩ පිහිටා ඇති අතර අගනුවරත් සැන් මරීනෝ නුවර ලෙස හදුන්වයි, මෙම කුඩා රට කැස්ටිල නම් පාලන ප්‍රදේශ නවයකට කැඩී ඇති අතර රාජ්‍ය නායකයෝ කපිතාන් රීජන්ට් වරු වේ මෙම කුඩා රටේ ව්‍යවස්ථාදායකයෙහි ආසනය මහා ජෙනරල් කවුන්සිලය ලෙස හඳුන්වන අතර එය ජනරජයේ පාර්ලිමේන්තුවයි එහි ආසන ගණන හැටකි මේ රටෙහි ජනගහනය වැඩිම නගර ලෙස දොගානා හා සෙරාවිලේ හැඳින්විය හැකිය. වර්ෂ 301 දී මැරිනස් නම් කතෝලික පූජකයෙක්, ක්‍රේෂියාවේ ඩැල්මේෂියා නම් ප්‍රදේශයකින් රිමිනි වෙත පැමිණ අතර ඒ වකවානුව ඩයක්ලේෂන් රෝම අධිරාජ්‍යයා විසින් කතෝලිකයන් මර්ධනය කරන යුගයකි. පසුව මෙම ශාන්තුවරයා ටිටානෝ කන්ද මත කුඩා ගමක් සංවිධානය කළ අතර, ටික කාලයකින් ඔහු මිය යාමෙන් ඔහු ශාන්තුවරයට ඔසවන අතර මෙම කුඩා ගම්මානයට සැන් මරීනෝ ලෙස නම් ලැබේ මුලදී මෙම කුඩා නගරය පාලනයට එහි සිටි සියලූම පවුල්වල ප්‍රධානීන්ගෙන් යුත් නායකයකු නොමැති ඇරෙන්ගෝ නම් සභාවක් තිබූ අතර එය මහා කවුන්සිලය ආරම්භයයි, 1243 දී ප්‍රථම වරට මෙම කුඩා නගරයට නායකයන් දෙදෙනෙකු පත් කරන ලද අතර ඔවුන්ට කපිතාන් රීජන්ට් වරු ලෙස හඳුන්වන අද ජනරජයේ රාජ්‍ය නායකයන්ගේ ආරම්භයයි ඒත් ප්‍රථම දෙදෙනාගේ නම් නම්, ෆිලිප්පෝ ඩා ස්ටර්පේටෝ, ඔඩෝන් ඩී ස්කරීටෝ වේ.

ඔවුන් 1243 දෙසැම්බර් 12 වන දින පත් වූ අතර ඔවුන්ගේ දූර කාලය මාස හයකි අදටත් මෙය ක්‍රියාත්මක වන අතර ලොව රාජ්‍ය නායකයෙකුට හිමි අඩුම ධූරාවලිය හිමි රට ලෙස මේ කුඩා ජනරජය හැදින්විය හැකිය,

මුලදී මේ කුඩා ජනරජයේ භුමිය කුඩා ප්‍රදේශයක පැතිර තිබුණද පසුව 1243 දෙසැම්බර් 19 වන දින guaido di sereto බදු එකතු කිරීම හා බොහෝ වරප්‍රසාද සඳහා Acquaviva නම් භූමිය මෙම නව ජනරජයට විකිණීය, එයින් ජනරජය ටිකක් විශාල විය,

පසුව 1320 පෙබරවාරි 10 වන දින Chiesanuova ප්‍රදේශය ස්වේච්ඡාවෙන් මෙම නව රටට එකතු විය, 12 වන සියවසේ මෙම කුඩා පුංචි ජනරජයට වෙළඳපොලක් අවශ්‍ය වූ බැවින් ඔවුන් මුලින් මර්කටේල් නම් ප්‍රදේශය පිහිටුවීය 1291 දී පාප රාජ්‍යය හතරවන නිකලස් පාප් වහන්සේ විසින් සැන් මරීනෝහි පලමු නිදහස සඳහා වූ පිළිගැනීම ලබා දිය,

1463 දී මෙම කුඩා ජනරජයට විශාල තර්ජනයක් වූ රිමිනි හී මැලෙස්ටා වංශයේ තාඩන පීඩනවලින් බේරී ඔවුන්ව යුද්ධයකින් පරාජය කොට Serravalle, domagnano, faetano montegiardino fiorentino ප්‍රදේශ ඔවුන් දිනා ගත්තේය, එදා සිට අද දක්වා එම භූමියේ කිසිදු වෙනසක් සිදුවී නොමැත, ඔවුන් 1502 සිසාරේ බෝරූජියා ආක්‍රමණය, 1739 කාදිනල් ඇල්බරෝනිගේ ආක්‍රමණය වගේ ආක්‍රමණ රැසක් සිදුවුවද කිසිදු ලෙසකින්වත් මේ කුඩා ජනරජයේ නිදහස විනාශ කිරීමට හැකි නොවිණි 1600 දී පොත් හයකින් යුත් ඔවුන්ගේ පළමු ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළේය මහා නැපෝලියන් අධිරාජයා 1797 දී ඉතාලිය ආක්‍රමණය කළ විට මෙම කුඩා ජනරජයේ අඛන්ඩතාවය පිළිබඳව මහත් පුදුමයකට පත් වූ අතර, 1797 පෙබරවාරි 12 වනදා මෙම කුඩා ජනරජය සමඟ සම්බන්ධතා ආරම්භ කරන ලදී 1797 සිට 1814 දක්වා නැපෝලියන් ආක්‍රමණ සමයේ උතුරු ඉතාලියේ පැවති එකම රට සැන් මරීනෝ පමණි. 1849 දී ගුසෙප් ගරිබාල්ඩි නම් ඉතාලියේ ජාතික වීරයා ඉතාලිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී එවක ඉතාලියේ අල්ලාගෙන සිටි විදේශීය බලවතුන්ගෙන් පසු බැස ජූලි 28 වන දා මෙහි රැකවරණය පතා ආවේය, එහි ප්‍රතිඵලයක් ලෙස ඉතාලිය එක්සත් වුවද කිසිදු ලෙසකින්වත් මේ ජනරජය ඈඳාගන්නා නොලදී, 1861 දී දෙවන වික්ටර් එමානුවෙල් රජු ඉතාලියේ පළමු රජු බවට පත්වූ අතර, මේ කුඩා ජනරජයටද ගෞරව කරන ලදී, වසර 300 ක් පමණ වංශාධිපතියන්ගේ ජනරජ ක්‍රමයක් මෙහි පැවති අතර 1906 දී ජනතා ඡන්දයකින් වසර තුන්සීයක් ඇන හිටියේ තිබු ජනරජ භාවය නැවත ස්ථාපිත කළේය පළමු ලෝක යුද්ධ සමයේදී ඔවුන් කුඩා රටක් ලෙස ඉතාලි රාජධානියට වෛද්‍ය ආධාර ලබා දුන් අතර, 1921-1943 දක්වා ජනරජ පාලනය කරේ ෆැසිස්ට්වාදී පක්ෂයකි. දෙවන ලෝක යුධ සමයේ සරණාගතයන් ලක්ෂයකට පමණ මේ කුඩා ජනරජය සරණාගත භාවය ලබා දෙන ලදි, පැසිස්ට්වාදී රජය බිඳ වැටීමෙන් අනතුරුව මේ ජනරජයේ රජය භාරගත්තේ කොමියුනිස්ට් ජනරජයක් 1945 -1957 අතර කාලයේදී යුරෝපයේ එකම කොමියුනිස් රාජ්‍ය ලෙස මේ කුඩා ජනරජය පැවතුණි, නමුත් සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස රොවෙරේටා නගරය වෙනම ආණ්ඩුවක් පිහිට වූ අතර ඔවුන්ට ධනවාදී ඉතාලියෙන් සහ ඇමරිකාවෙන් සහාය ලැබුණි, 1957 දී කැරැල්ලකින් පසුව ජනරජය ධනවාදී කඳවුරට එක් විය, 1974 ජූලි 8 වන දා ජනරජය ඔවුන්ගේ ව්‍යවස්ථාව ව්‍යවස්ථාව තුළ පුරවැසිය අයිතිවාසිකම් පද්ධතිය ස්ථාපිත කළේය 1992 දී ඔවුන් එක්සත් ජාතීන්ගේ සංගමයට ඇතුළත් වූ අතර ඔවුන් යුරෝපා සංගමය නිල නොලත් සාමාජිකයෙකි ඉතාලි ) රිපොබ්ලිකා ඩි සැන් මැරීන් ( රොමැග්නෝල් )

ආදර්ශ පාඨය: ලිබර්ටාස් ( ලතින් ) "නිදහස" ගීය: " නිදහස් දේශය " (ඉංග්‍රීසි: "නිදහසේ දේශය" ) කාල සීමාව: මිනිත්තු 1 යි තත්පර 35 යි

අගනුවර සැන් මැරිනෝ නගරය

විශාලතම නගරය Dogana

නිල භාෂා ඉතාලි වෙනත් භාෂා රොමැග්නෝල් ආගම 90.3% කතෝලික (2022) 7.5% ආගමක් නැත 1.1% අනෙකුත් ක්‍රිස්තියානි නිකායන් (2022) 0.1% යුදෙව් ආගම 0.46% ඉස්ලාම් (2015) 0.34% වෙනත් ජාතිය හඳුන්වන නම සමරිනීස් රජය ඒකීය පාර්ලිමේන්තු ද්විආර්කි අධ්‍යක්ෂක ජනරජය • කපිතාන් රීජන්ට් මැතිව් රොසි ලොරෙන්සෝ බග්ලි • විදේශ හා දේශපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ලූකා බෙකාරි ව්‍යවස්ථාදායකය මහා සහ මහා මණ්ඩලය නිදහස • රෝම අධිරාජ්‍යයෙන් 3 සැප්තැම්බර් 301 (සාම්ප්‍රදායික) • පාප්තුමාගේ රාජ්‍යයන්ගෙන් 1291 ආර්. • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1600 ඔක්තෝබර් 8 (ප්‍රඥප්ති) 1974 ජූලි 8 (පුරවැසි අයිතිවාසිකම් ප්‍රකාශනය) ප්රදේශය • මුළු 61.19 km 2 (වර්ග සැතපුම් 23.63) ( 191 වන ) • ජලය (%) 0.0059% ජනගහනය • 2025 ඇස්තමේන්තුව 34,132 ( 191 වන ) • ඝනත්වය 579/km 2 (1,499.6/වර්ග සැතපුම්) ( 24 වන ) දළ දේශීය නිෂ්පාදිතය ( PPP ) 2024 ඇස්තමේන්තුව • මුළු වැඩි කරන්නඩොලර් බිලියන 2.978 ( 176 වන ) • ඒක පුද්ගල වැඩි කරන්නඩොලර් 86,989 ( 12 වන ) දළ දේශීය නිෂ්පාදිතය (නාමික) 2024 ඇස්තමේන්තුව • මුළු වැඩි කරන්නඩොලර් බිලියන 2.034 ( 171 වන ) • ඒක පුද්ගල වැඩි කරන්නඩොලර් 59,405 ( 12 වන ) HDI (2023) වැඩි කරන්න 0.915 ඉතා ඉහළ ( 29 වන ) මුදල් යුරෝ ( € ) ( යුරෝ ) වේලා කලාපය UTC +01 ( CET ) • ගිම්හානය ( DST ) UTC +02 ( CEST ) ඇමතුම් කේතය +378 (+39 0549 ඉතාලිය හරහා ඇමතුම්) ISO 3166 කේතය එස් එම්

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    මහා පිපිරුම

  • මාර්තු 25, 2026

    දඬුමොණරය

  • අප්‍රේල් 04, 2026

    සිදුහත් කුමරු

  • මාර්තු 31, 2026

    දියවැඩියාවෙහි රෝග ලක්ෂණ

  • අප්‍රේල් 03, 2026

    ජේසුස් තුමා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට