සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කළු ජනතාව හෝ කළු ජාතිකයන් යනු බොහෝවිට මධ්‍යම හෝ තද දුඹුරු පැහැති සමක් ඇති පුද්ගලයින් හැඳින්වීමට භාවිත කෙරෙන ජනවාර්ගික වර්ගීකරණයකි. "කළු" යැයි සැළකෙන සෑම පුද්ගලය

කළු ජනතාව

  • මුල් පිටුව
  • කළු ජනතාව

කළු ජනතාව හෝ කළු ජාතිකයන් යනු බොහෝවිට මධ්‍යම හෝ තද දුඹුරු පැහැති සමක් ඇති පුද්ගලයින් හැඳින්වීමට භාවිත කෙරෙන ජනවාර්ගික වර්ගීකරණයකි. "කළු" යැයි සැළකෙන සෑම පුද්ගලයෙක්ටම තද පැහැ සමක් නොමැති අතර, ඇතැම් රටවල, විශේෂයෙන්ම බටහිර ලෝකයේ, "කළු ජාතිකයෙක්" යැයි සළකනු ලැබෙන්නේ අනෙක් ජන කණ්ඩායම් වලට වඩා තද පැහැ සමක් ඇතැයි සැළකෙන පුද්ගලයන් ය. මෙම යෙදුම බහුලව භාවිතා වන්නේ උප-සහරානු අප්‍රිකානු ජනයා සහ ඕෂියානා කලාපයේ ජිවත්වන ආදිවාසී ජනයා සහ ඔවුන්ගෙන් පැවතගෙන එන්නා වූ අය සඳහා වුවද, වෙනත් සන්දර්භයන්හිදී වෙනත් ජන කණ්ඩායම් හැඳින්වීම සඳහා ද භාවිත කෙරී ඇත. බටහිර සංස්කෘතීන්ගෙන් ලැබුනු බලපෑම් නිසා හැරුනු විට, අප්‍රිකානු ආදිවාසී සමාජයන්හී "කළු" යන යෙදුම ජනවාර්ගික අනන්‍යතාව හැඳින්වීමට භාවිත නොකෙරුනි. ඇතැම් අප්‍රිකානු රටවල, විශේෂයෙන්ම යටත්විජිතවාදීන්ගේ වාර්ගික වෙන්කිරීම් වලට ලක් නොවූ රටවල, "කළු" යන යෙදුම පරිභවාත්මක හෝ යල් පැනගිය ලේබලයක් ලෙස සැළකේ.

නූතන මානවවිද්‍යාඥයන් සහ වෙනත් විද්‍යාඥයන් මිනිස් ජනගහණ අතර ජෛවවිද්‍යාත්මක වෙනස්කම් ඇති බව පිළිගන්නා නමුත්, එක්සත් "කළු ජාතිය" ක් යන සංකල්පය හුදෙක් සමාජය විසින් නිර්මිත සංකල්පයක් මිස විද්‍යාත්මක සංකල්පයක් නොවේ යැයි පිළිගනියි. "කළු ජනයා" ලෙස සැළකෙන්නේ කවුද යන්න තීරණය කිරීමට විවිධ සමාජයන් විවිධ නිර්ණායක යොදාගන්නා අතර, මෙම සමාජ නිර්මිතීන් කාලයත් සමග වෙනස්වීම් වලට ද භාජණය වී ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    Set theory

  • මැයි 28, 2026

    Capillary action

  • මැයි 27, 2026

    Red giant

  • මැයි 24, 2026

    Fault (geology)

  • ජූනි 04, 2026

    William McKinley

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට