සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී ලංකාවේ පුරාණ පොළොන්නරුව නගරයේ දළදා මළුවෙහි පිහිටි ගල් පොත ශිලා ලේඛනය මෙරට විශාලතම සෙල් ලිපිය සේ සැළකේ. එය නිශ්ශංක මල්ල රජු (1187-1196) විසින් කරවන ලද්දකි.

ගල් පොත

  • මුල් පිටුව
  • ගල් පොත

ශ්‍රී ලංකාවේ පුරාණ පොළොන්නරුව නගරයේ දළදා මළුවෙහි පිහිටි ගල් පොත ශිලා ලේඛනය මෙරට විශාලතම සෙල් ලිපිය සේ සැළකේ. එය නිශ්ශංක මල්ල රජු (1187-1196) විසින් කරවන ලද්දකි.මෙය පොළොන්නරු යුගයට අයත් වේ.

ගල් පොත

ශිලා ලිපිය දිගින් මීටර 8.2 ක් පමණ වන අතර මීටර 1.4 ක පමණ පළලකින් සමන්විත වේ. මීට අමතරව එය අඩි 2 ක පමණ ඝණකමකින්ද යුක්තය. පේලි 72 කින් සමන්විත වන එහි අක්ෂර 4300ක් පමණ වන බව ප්‍රකාශ වේ. සෙල්ලිපියේ ආරක්ෂාවට පියස්සක් තිබී ඇත. පසෙකින් කැටයම් කොට ඇති ඇතුන් දෙදෙනෙකු පිරිවරාගත් ස්ත්‍රී රූපයෙන් ගජ ලක්ෂ්මී දෙවඟන නිරූපණය කොට තිබේ.

ගල් පොත කැටයම් (ඇතුන් දෙදෙනා මධ්‍යයේ වූ කාන්තා රුව ගජ ලක්ෂ්මී දෙවඟනගේ යැයි සැළකේ

අන්තර්ගතය

නිශ්ශංක මල්ල රජුගේ පරපුර, වීරක්‍රියා හා පිං කටයුතු අදිය පිළිබඳව මෙම ගල් පොත ලිපියේ විස්තර කොට තිබේ. මෙය නිර්මාණය කිරීමට යොදා ගත් විශාල ගල් කුට්ටිය, කිලෝ මීටර සිය ගණනක් දුරින් පිහිටි සෑගිරිය හෙවත් මිහින්තලේ සිට මෙහි රැගෙන ආවක් බැව් මෙම ලිපියේම සඳහන් කොට තිබේ. මීට අමතරව මෙහි වූ අකුරු සඳහා ලෝහමය දියරයක් පුරවා තිබූ බවටද සාධක වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    තනි තරුව

  • අප්‍රේල් 04, 2026

    මහානාග රජ

  • මැයි 27, 2026

    යතුරු පුවරුව

  • මැයි 28, 2026

    බෙක්ජේහි කිරුළ

  • අප්‍රේල් 09, 2026

    සොමී රත්නායක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට