ජෝර්ජ් වොෂිංටන් (පෙබරවාරි 22, 1732 – දෙසැම්බර් 14, 1799) යනු ඇමරිකානු එක්සත් ජනපදයෙහි පීතෘමූලිකයන් අතුරින් එක් අයෙකු වන අතර, දේශයෙහි පළමුවන ජනාධිපතිවරයා (1789–1797) වශයෙන් සේවය කළේය. නව දේශයෙහි පැවැත්මට අතිශයින් වැදගත් වූ ඇමරිකානු විප්ලවීය යුද්ධයෙහිදී දේශමාමක බලකායන්ට ආඥාපතිත්වය සැපයූ ඔහු, බ්‍රිතාන්‍යයන් පරදවමින් ජයග්‍රහණය වෙත එය මෙහෙයවීය. ඇමරිකානු නිදහස ගෙන ඒමේ කාර්යභාරය නිසා ඔහු ජාතියේ පියා ලෙස හැඳින්වේ. නව ෆෙඩරල් රජය ස්ථාපනය කිරීමට ඉවහල් වූ, 1787 වර්ෂයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මේලනයෙහි මූලාසනයද ඔහු විසින් හෙබවීණි.
ජෝර්ජ් වොෂිංටන් | |
|---|---|
![]() | |
| එක්සත් ජනපදයෙහි පළමුවන ජනාධිපති | |
| තනතුර දරමින් අප්‍රේල් 30, 1789 – මාර්තු 4, 1797 | |
| උප ජනාධිපතිවරයා | ජෝන් ඇඩම්ස් |
| පූර්වප්‍රාප්තිකයා | තනතුර අළුතින් පිහිටුවන ලද්දකි |
| අනුප්‍රාප්තිකයා | ජෝන් ඇඩම්ස් |
| යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි | |
| තනතුර දරමින් ජූලි 13, 1798 – දෙසැම්බර් 14, 1799 | |
| Appointed by | ජෝන් ඇඩම්ස් |
| පූර්වප්‍රාප්තිකයා | ජේම්ස් විල්කින්සන් |
| අනුප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් |
| කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාවෙහි ආඥාපති | |
| තනතුර දරමින් ජූනි 15, 1775 – දෙසැම්බර් 23, 1783 | |
| Appointed by | කොන්ටිනෙන්ටල් කොංග්‍රස් මණ්ඩලය |
| පූර්වප්‍රාප්තිකයා | තනතුර අළුතින් පිහිටුවන ලද්දකි |
| අනුප්‍රාප්තිකයා | හෙන්රි නොක්ස් (යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි) |
| වර්ජිනියා වෙතින් දෙවන කොන්ටිනෙන්ටල් කොංග්‍රස් මණ්ඩලය වෙත අභිනියෝජිතයා | |
| තනතුර දරමින් මැයි 10, 1775 – ජූනි 15, 1775 | |
| පූර්වප්‍රාප්තිකයා | තනතුර අළුතින් පිහිටුවන ලද්දකි |
| අනුප්‍රාප්තිකයා | තෝමස් ජෙෆර්සන් |
| වර්ජිනියා වෙතින් පළමුවන කොන්ටිනෙන්ටල් කොංග්‍රස් මණ්ඩලය වෙත අභිනියෝජිතයා | |
| තනතුර දරමින් සැප්තැම්බර් 5, 1774 – ඔක්තොම්බර් 26, 1774 | |
| පූර්වප්‍රාප්තිකයා | තනතුර අළුතින් පිහිටුවන ලද්දකි |
| අනුප්‍රාප්තිකයා | තනතුර අවලංගු කරන ලදි |
| විලියම් හා මේරි ශාස්ත්‍රාලයෙහි 14වන කුලපති | |
| තනතුර දරමින් 1788–1799 | |
| පූර්වප්‍රාප්තිකයා | රිචර්ඩ් ටෙරික් |
| අනුප්‍රාප්තිකයා | ජෝන් ටයිලර් |
| පුද්ගලික තොරතුරු | |
| උපත | පෙබරවාරි 22, 1732 වෙස්ට්මෝලන්ඩ්, වර්ජිනියා , බ්‍රිතාන්‍ය ඇමරිකාව |
| විපත | දෙසැම්බර් 14, 1799 (වයස 67) මවුන්ට් වර්නන්, වර්ජිනියා, එ.ජ. |
| Resting place | වොෂිංටන් පවුලේ සොහොන්ගෙය මවුන්ට් වර්නන්, වර්ජිනියා |
| දේශපාලන පක්ෂය | ස්වාධීන |
| කලත්‍රයා | මාර්තා ඩැන්ඩ්‍රිජ් කස්ටිස් |
| වෘත්තිය | වැවිලිකරු හමුදා නිලධාරියා |
| සම්මාන | කොංග්‍රස් රන් පදක්කම තෑන්ක්ස් ඔෆ් කොංග්‍රස් |
| අත්සන | |
| Military service | |
| පක්ෂපාතීත්වය | |
| ශාඛාව/සේවාව | වර්ජීනියා ප්‍රත්‍යන්ත ක්ෂාත්‍රකායය කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව එක්සත් ජනපද යුද්ධ හමුදාව |
| සේවා කාලය | ක්ෂාත්‍රකායය: 1752–1758 කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව: 1775–1783 යුද්ධ හමුදාව: 1798–1799 |
| නිලය | සන්නද්ධ හමුදාවන්හී ජනරාල් (මරණාපර: 1976) |
| විධාන | වර්ජිනියා ජනපදයේ රෙජිමේන්තුව කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව එක්සත් ජනපද යුද්ධ හමුදාව |
| සටන්/ යුද්ධ | ප්‍රංශ සහ ඉන්දියානු යුද්ධය • ජුමොන්විලා ග්ලෙන් සටන • ෆෝට් නෙසෙසිටි සටන • බ්‍රැඩක් ගවේෂණය • මොනාන්ගහේලා සටන • ෆෝබ්ස් ගවේෂණය ඇමරිකානු විප්ලවීය යුද්ධය • බොස්ටන් මෙහෙයුම • නිව්යෝර්ක් සහ නිව් ජර්සි මෙහෙයුම • ෆිලඩෙල්ෆියා මෙහෙයුම • යෝර්ක්ටවුන් මෙහෙයුම |
| ^ පළමු ජනාධිපති ධූර කාලයේ නිල ඇරඹුම මාර්තු 4 වෙයි.කොංග්‍රසය විසින් මැතිවරණමය පර්ෂද ඡන්ද ගණන් කොට ජනාධිපතිවරයෙක් සහතික කොට ප්‍රකාශ කලේ අප්‍රේල් 6 දිනදී වෙයි. වොෂිංටන් දිවුරුම් දුන්නේ අප්‍රේල් 30 දිනදීය. | |
1788දි වරකයන් 69 දෙනෙකුගේ ඒකමතික මනාපය ලෙසින් වොෂිංටන් තෝරා පත් කර ගන්නා ලද අතර ඔහු විසින් ධූර වාර දෙකක් එම තනතුර දරන ලදි.
ආශ්‍රිත
- එන්සයික්ලොෆීඩියා ඔෆ් දි එන්ලයිට්මන්ට් එලන් ජූඩි විල්සන්, පීටර් හැන්ස් රීල් – 2004 පිටුව 148, සම්ප්‍රවේශනය 2012-04-26
- චර්නොව්, රොන් (ඔක්තොම්බර් 18, 2010) (MP3). රොන් චර්නොව් ඔන් ජෝර්ජ් වොෂිංටන් (Podcast). Philadelphia, Pa: National Constitution Center. http://feedproxy.google.com/~r/NCCPrograms/~3/gI-rJ7T46_o/ron_chernow_10-18-10_(64).mp3. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-12-29.
- Engber 2006.
උපුටාදැක්වීම් දෝෂය: "Note" නම් කණ්ඩායම සඳහා ටැග පැවතුණත්, ඊට අදාළ ටැග සොයාගත නොහැකි විය.
