සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පුරාතන රෝමයේ භාවිතා කෙරුණු සංඛ්‍යා ක්‍රමය වූ රෝමානු සංඛ්‍යා යනු, අගයයන් විදහා පෑමට ලතින් හෝඩියේ අකුරු වල සංයෝජනයන් භාවිතා කල ක්‍රමයකි. . 1 සිට 10 දක්වා සංඛ්‍යා,

Roman numerals

  • මුල් පිටුව
  • Roman numerals

පුරාතන රෝමයේ භාවිතා කෙරුණු සංඛ්‍යා ක්‍රමය වූ රෝමානු සංඛ්‍යා යනු, අගයයන් විදහා පෑමට ලතින් හෝඩියේ අකුරු වල සංයෝජනයන් භාවිතා කල ක්‍රමයකි. . 1 සිට 10 දක්වා සංඛ්‍යා, රෝමානු සංඛ්‍යා විසින් දක්වන්නේ පහත ලෙසිනි:

කොලසියමයෙහි LII (52) කොටසට ඇතුළුවන දොරටුව, සංඛ්‍යා තවමත් දර්ශනය වෙයි
I, II, III, IV, V, VI, VII, VIII, IX, X.

රෝමානු සංඛ්‍යා ක්‍රමය, එට්‍රස්කානු සංඛ්‍යා වලට ඥාතිත්වයක් දක්වයි. රෝමානු අධිරාජ්‍යයෙහි අභාවයෙන් පසුව වුද රෝමානු සංඛ්‍යා භාවිතය දිගටම පැවතිණි. 14වන සියවසෙන් පසුව, රෝමානු සංඛ්‍යා වෙනුවට, වඩාත් පහසු හින්දු-අරාබි සංඛ්‍යා ආදේශ වීම ඇරඹිණි; කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය ක්‍රමයෙන් සිදුවූවක් වූ අතර, වර්තමානයේ වුවද සමහරක් සුළු නියැලුම්හී රෝමානු සංඛ්‍යා භාවිතය දක්නට ලැබේ.

රෝමානු සංඛ්‍යා කියැවීම

MMXXVI
"2026" රෝමානු සංඛ්‍යාවක් ලෙසින්

වර්තමානයේ භාවිතා කෙරෙන, රෝමානු සංඛ්‍යා පදනම්ව ඇත්තේ සංකේත හතක් මතය:

සංකේතය අගය
I 1
V 5
X 10
L 50
C 100
D 500
M 1,000

සංඛ්‍යා සදනු ලබන්නේ සංකේත සංයෝග කිරීමෙන් සහ අගයයන් එකතු කිරීමෙනි. මෙලෙස, II යනු එකේ ඒවා දෙකකි, එනම් 2 වෙන අතර, XIII යනු දහයේ එකක් සහ එකේ ඒවා තුනකි, එනම් 13 වෙයි. මෙම ක්‍රමයෙහි ශුන්‍ය නොමැති අතර, එබැවින් 207, නිදසුනක් ලෙසින්, CCVII වන්නේ, සියයේ ඒවා දෙකක්, පහේ එකක් හා එකේ ඒවා දෙකක් සඳහා සංකේත භාවිතයෙනි. 1066 යනු MLXVI, එක් දහස්, පනහ සහ දහය, පහක් සහ එකක් වෙයි.

ආශ්‍රිත

  1. 500,000 සඳහා Q භාවිතය වැනි වන්නාවූ, විශාල සංඛ්‍යා සඳහා හෝඩියේ අකුරු භාවිතයද විවිධ ප්‍රමිතිකරණයන්ට යටත්ව සිදු වෙයි.ගෝර්ඩන්, ආතර් ඊ. (1982). ඉලස්ට්‍රේටඩ් ඉන්ට්‍රඩක්ෂන් ටු ලැටින් එපිග්‍රෆි. බර්ක්ලි: කැලිෆෝනියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 0520050797.
  • මෙනින්ජර්, කාල් (1992). නම්බර් වර්ඩ්ස් ඇන්ඩ් නම්බර් සිම්බල්ස්: අ කල්චරල් හිස්ට්‍රි ඔෆ් නම්බර්ස්. ඩෝවර් ප්‍රකාශන. ISBN 978-0-486-27096-8.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 17, 2026

    පොළොන්නරුව වටදාගෙය

  • මැයි 20, 2026

    Scientific method

  • ජූනි 19, 2026

    ඉසිවර වෙදැදුරු

  • ජූනි 18, 2026

    Sniper rifle

  • මාර්තු 22, 2026

    ජාතික ජන බලවේගය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට