| Hypnale zara | |
|---|---|
![]() | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| අධිරාජධානිය: | Eukaryota |
| රාජධානිය: | අනිමාලියා |
| වර්ගය: | Reptilia |
| ගෝත්‍රය: | Squamata |
| උපගෝත්‍රය: | Serpentes |
| කුලය: | Viperidae |
| ගණය: | Hypnale |
| විශේෂය: | ''H. zara'' |
| ද්වීපද නාමය | |
| Hypnale zara ග්‍රේ, 1849 | |
| පර්යාය නාම | |
| |
- පොදු නම්: පහතරට මූකලන් තෙලිස්සා; Lowlands hump-nosed pit viper.
Hypnale zara යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික විෂැති තෙලිස්සන් විශේෂයකි. මෙම විශේෂය විවිධ වර්ණවලින් යුත් සිරුර සහ අඩුවෙන් ඉහළට නැවුණු හොඹුව හේතුවෙන් Hypnale nepaගෙන් වෙන්කර හඳුනාගත හැක. මෙතෙක් මෙහි කිසිදු උපවිශේෂයක් හඳුනාගෙන නැත.
ව්‍යාප්තිය
ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත් කලාපයේ පාදක කඳුවල පහතරට වැසි වනාන්තරවල සිට සිට මධ්‍ය උස්බිම් දක්වා හමුවේ.
පරිසරය
නිශාචර සර්පයෙකි.
විස්තරය
ගැටිති වැනි නෙරීම්වලින් ඇතිවන කුඩා කොරපොතු 10-19ක් පමණ හොඹුවේ අයිනේ දැකගත හැක. අන්තර්නාසා සිහ පූර්වලලාට පෙදෙස දක්වා විෂමජාතීය කුඩා කොරපොතු 18-39 පමණ දැකගත හැක. ඇසවටා කොරළ 6කි. තොල්වලට ඉහළින් 7-8කි. ඇලපතෙහි නෞතලාකාර කොරල ඇත. උදරීයව කොරපොතු 134-157 පමණ සංඛ්‍යාවක් හමුවේ. උපපෞච්ඡ පෙදෙසේ 34-51 පමණ පැවතිය හැක.
පෘෂ්ඨයේ වර්ණය කහපැහැ දුඹුරු සිට අඳුරු දුඹුරු පැහැය දක්වා විචලනය විය හැක. ඇතැම්විට තද රතු පැහැති ය. අර්ධ-ඕවලාකාර හෝ අර්ධ-ත්‍රිකෝණාකාර පැල්ලම් පේළි දෙකක් කශේරුක ප්‍රදේශයේ දී මුණගැසේ. ඇස සහ කොපුල හරහා අඳුරු රේඛාවක් විහිදේ. බඳ පෘෂ්ඨීය පෙදෙසට වඩා ලා පැහැති ය. ඇතැම්විට දීප්තිමත් අළු පැහැ විය හැක.
ප්‍රජනනය
අණ්ඩුජලාබුජ ය.
මේවාත් බලන්න
- ක්‍රොටැලයින් විශේෂ සහ උපවිශේෂ ලැයිස්තුව
- පොදු නාමය අනුව ක්‍රොටැලිනේ
- වර්ගීකරණ පර්යාය නාම අනුව ක්‍රොටැලිනේ
- දර්ප දෂ්ටනය
- 2025 ඔක්තෝබර් සිට ගැනෙන භින්න වූ භාහිර සබැඳි සහිත ලිපි
- Hypnale
- ශ්‍රී ලංකාවේ උරගයින්
