සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

චතුරංගුලි හූනා (Gehyra mutilata, එමෙන්ම four-clawed gecko, stump-toed gecko, tender-skinned house gecko, sugar lizard, හෝ Pacific gecko, හෝ butiki යන නම්වලින් ද

Gehyra mutilata

විකිපීඩියා වෙතින්

චතුරංගුලි හූනා
විද්‍යාත්මක වර්ගීකරණය edit
Missing taxonomy template (fix): Gehyra
විශේෂය: Template:Taxonomy/GehyraG. mutilata''
ද්වීපද නාමය
Template:Taxonomy/GehyraGehyra mutilata

චතුරංගුලි හූනා (Gehyra mutilata, එමෙන්ම four-clawed gecko, stump-toed gecko, tender-skinned house gecko, sugar lizard, හෝ Pacific gecko, හෝ butiki යන නම්වලින් ද හඳුන්වයි) යනුවෙන් හැඳින්වෙන්නේ බොහෝදුරට අග්නිදිග ආසියාවට ආවේණික පුළුල් ව්‍යාප්තියක් පෙන්වන හූනන් විශේෂයකි. මෙම විශේෂය ලොව පුරා ශ්‍රී ලංකාව, ඉන්දු චීනය, සහ එ.ජ. පැසිෆික් දූපත් වල ද ව්‍යාප්ත වී ඇත. මෙම හූනා තරමක් තරබාරු අතර, සියුම් සමක් ඇත. සාමාන්‍යයෙන් සමේ පැහැය මෘදු දම්/රෝස පැහැයට හුරු අළු පැහැති අතර, ලාබාල නිදර්ශකවල රන් පැහැ ලහ දැකගත හැක. මෙම ලප පරිණත වීමේ දී ක්‍රමයෙන් මැකී යයි.

විස්තරය

හිස දිගටි ය. හොඹුව ඇස් සහ කන් විවර අතර දුරට වඩා දිගටි ය. මෙය අක්ෂි කූපයේ විෂ්කම්භය මෙන් 1.3 ගුළණයක් පමණ වේ. නළලේ මධ්‍ය ඇලියක් සහිත ය. කර්ණ විවරය තරමක් විශාල අතර, මන්දාණ්ඩාකාර ය. සිරුර සහ ගාත්‍රා ද තරමක් දිගටි අතර, අපරව පසු ගාත්‍රා මායිම් කරමින් සමෙහි නැමුමක් පවතියි. ඇඟිලි කෙටි අතර, පාදමේ ජාලාකාර ස්වභාවය අඩු හෝ වැඩි විය හැක. අධර තැල්ල කෝණික අතර, එය මධ්‍ය ඇලියක් ඔස්සේ බෙදී ඇත. ඉහළ පෘෂ්ඨය සහ ගෙල කුඩා කණිකාකාර කොරපොතුවලින් ආවරණය වී ඇති අතර, පිටෙහි ඒවා විශාලතම සහ පැතලි ස්වභාවයක් ගනියි. උදරීය කොරපොතු මධ්‍යස්ථ ප්‍රමාණයේ වේ. තුණ්ඩය චතුරස්‍රාකාර, පළල් එකක් වන අතර, ඉහළින් මධ්‍ය බෙත්මක් ඇත. නාසා විවර තුණ්ඩය, පළමු අධරය සහ නාසික ත්‍රිත්වය අතරින් සිදුරු වී ඇත. ඉහළ පෙදෙස මඳක් විශාල ය. වල්ගය අවපාතනය වූ, සාමාන්‍යයෙන් තියුණු, කුඩා පාර්ශ්වික දන්තුර සහිත ය. එහි ඉහළ පෘෂ්ඨය ඉතා කුඩා පැතලි ශල්කවලින් ආවරණය වී ඇත. එහි පහළ පෘෂ්ඨය සාමාන්‍යයෙන් විශාල තීර්යක් පළල් වූ ශල්කවලින් අවාරණය වී ඇත.

හොඹුවේ සිට ජම්බාලිය තෙක් දිග අඟල් 2.25කි. වල්ගය අඟල් 2.25කි.

ව්‍යාප්තිය

චතුරංගුලි හූනාගේ සමීප දසුනක්

මෙම විශේෂය ශ්‍රී ලංකාව, බුරුමය, මැලේසියාව, පිලීපනය, ඉන්දුනීසියාව, නිව් ගිනියාව, ප්‍රංශ පොලිනීසියාව, මැස්කැරෙනස් සහ සීෂෙල්ස්, බටහිර මෙක්සිකෝව, මෝයි, හවායි වැනි ප්‍රදේශ ගණනාවක පුළුල්ව ව්‍යාප්ත වී ඇත.

චර්යාව

සෙසු බොහෝ හූනන් මෙන්, සාමාන්‍යයෙන් වන බිම්, ගල් සහිත ප්‍රදේශ, සහ මානව ජනාවාසවල දිවි ගෙවීමට ප්‍රිය කළ ද මෙම විශේෂය ද අවට පරිසරයට බෙහෙවින් අනුවර්තනය වී ඇත. හවායිහි වැලි සහිත වෙරළ තීරයන්හි ඉතා සුලබ මෙම හූනන් විශේෂය ආක්‍රමණික විශේෂයක් යැයි සැලකේ. මානව නිවෙස් තුළ වසන මෙම හූනන් මිනිසුන්ට එතරම් බියක් නොපෙන්වයි. මිනිසුන් ද මෙම විශේෂය පිළිබඳ එතරම් අවධානයක් යොමු නොකරන්නේ මොවුන් නිශාචර ක්‍රියාකාරී විශේෂයක් වීම සහ බිත්ති සහ සිවිලිම් වැනි උස් ස්ථානවල වැඩි වේලාවක් ගත කිරීමත් නිසායි. මොවුන් කරදරකාරී විශේෂයක් ලෙස නොසැලකෙන්නේ නිවෙස්වල කෘමීන් මර්දනයට මොවුන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන හෙයිනි.

මෙම විශේෂය තරමක් විශාල හූනන් විශේෂයක් වන අතර දිග 12 cm පමණ වේ. මොවුන්ගේ වලිගය සිරුරේ දිගට ආසන්න දිගක් තෙක් වර්ධනය විය හැක.

බොහෝ හූනන් මෙන් මෙම විශේෂය ද අණ්ඩජ, එනම් ප්‍රජනනය සිදු කරන්නේ බිත්තර මගිනි.

චතුරංගුලි හූනන් සාමාන්‍යයෙන් ටොකේ හූනන් සමග සහයෝගයෙන් දිවි ගෙවයි. මෙය හූනන් අතර අසාමාන්‍ය චර්යාවකි.

ඉහළට