සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කළු මරණය යනු මිනිස් ඉතිහාසයේ දරුණුතම මහාවසංගත වලින් එකක් වූ අතර යර්සීනියා පෙස්ටිස් ලෙස හැඳින් වූ බැක්ටීරියාවකින් ඇති වූ බවට සැලකේ. නමුත් සමහරක් විට වර්තමානයේදී

Black Death

  • මුල් පිටුව
  • Black Death

කළු මරණය යනු මිනිස් ඉතිහාසයේ දරුණුතම මහාවසංගත වලින් එකක් වූ අතර යර්සීනියා පෙස්ටිස් ලෙස හැඳින් වූ බැක්ටීරියාවකින් ඇති වූ බවට සැලකේ. නමුත් සමහරක් විට වර්තමානයේදී අනෙකුත් රෝගවලටද එහි වගකීම පවරා දේ.

කළු මරණය. "The Chronicles of Gilles Li Muisis" (1272-1352), abbot of the monastery of St. Martin of the Righteous. Bibliothèque royale de Belgique, MS 13076-77, f. 24v.

එය මධ්‍යම ආසියාවේ හට ගෙන 1340 දශකයේ පසු භාගය වන විට යුරෝපයට පැතිරිණි. වසංගතය නිසා ලොව පුරා සිදු වූ මුළු මරණ සංඛ්‍යාව මිලියන 75 කට ආසන්න විය. යුරෝපයේ මරණ මිලියන 25 - 50 පමණ තක්සේරු විය. කළු මරණය මගින් යුරෝපානු ජනගහණය 30% - 60% ප්‍රමාණයක් මරා දමා තිබේ. මෙමගින් 1400 දී ලෝක ජනගහනය මිලියන 450 සිට මිලියන 350 ත් 375 ත් අතර ප්‍රමාණයක‍ට අඩු කර ඇත.

කුද්දැටි ඉදිමීමේ වසංගතය යුරෝපයේ සෑම පරම්පරාවකටම ප්‍රචණ්ඩ බව වෙනස් වෙමින් 1700 ශතවර්ෂය දක්වා පැමිණි බවට පිළිගැනේ. මෙම කාලය අතරතුරදී වාහක වසංගත 100 ට වඩා වැඩි ප්‍රමාණයක් යුරෝපය හරහා පැතිර ගියේය. 1603 දී එහි නැවත පැමිණීමේදී වසංගතය ලන්ඩන් වාසී 38000 ට වඩා මරා දැමීය. 17 වන සියවසේ වෙනත් සැළකිය යුතු වසංගත වූයේ 1629 – 1631 ඉතාලියානු වසංගතය , සෙවිල්හි මහා වසංගතය ( 1647 – 1652 ), ලන්ඩනයේ මහා වසංගතය (1665- 1666) , වියානාවේ මහා වසංගතය (1679 ) යි. රෝග කාරකය හඳුනා ගැනීම හරහා යම් මත භේදයක් තිබුනද 1720 – 1722හි මහා වසංගතයෙන් හා 1771 මොස්කව් වසංගතයෙන් පසු 19 වන සියවසේදී එය යුරෝපයෙන් නැති වී ගොස් ඇති බව පෙනේ.

14 වන සියවසේ කළු මරණය ව්‍යාප්ත වීම යුරෝපානු ජනගහනය මත බලවත් බලපෑමක් එල්ල කළ අතර යුරෝපයේ සමාජ ව්යු හය වෙනස් කරන ලදී. එය රෝමාණු කතෝලික පල්ලිවලට තදබල පහරක් වූ අතර යුදෙව්වන් , පිටරැටියන් , යාචකයන් හා ලාදුරු රෝගීන්, හා සුළුතරයන්ට පුළුල්ව වද හිංසා සිදු වීමට මෙය හේතු වේ. දෛනික ජීවත් වීමේ අස්ථිර බව රෝගාතුර බවේ සාමාන්‍යය ආකාර නිර්මාණය කළ අතර එමගින් ද ඩිකැමිරන් හි ගියොවනී බොක්කසියෝ හි නිරූපණය කර ඇති පරිදි මොහොතක් සඳහා ජීවත් වීමට පුද්ගලයන්ට බලපෑම් එල්ල විණි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    ඇසිටික් අම්ලය

  • අප්‍රේල් 06, 2026

    ඉන්දියාවේ අධිරාජයා

  • මාර්තු 14, 2026

    අනුරාධපුර පෞරාණික නගරය

  • අප්‍රේල් 08, 2026

    මැණික් කුරුකුලසූරිය

  • අප්‍රේල් 03, 2026

    නමුණුකුළ කන්ද

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට