සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජීව විද්‍යාවෙහි, සෛල වාදය යනු, සජීවී ජීවීන් තැනී ඇත්තේ සෛල වෙතින් බවටද, මෙම සෛල යනු සමස්ත ජීවින්ගේ මූලික ව්‍යුහීය/ආයතනික ඒකකය බවටද, සහ පෙර-පැවති සෛල වෙතින් සියළ

සෙෙල වාදය

  • මුල් පිටුව
  • සෙෙල වාදය

ජීව විද්‍යාවෙහි, සෛල වාදය යනු, සජීවී ජීවීන් තැනී ඇත්තේ සෛල වෙතින් බවටද, මෙම සෛල යනු සමස්ත ජීවින්ගේ මූලික ව්‍යුහීය/ආයතනික ඒකකය බවටද, සහ පෙර-පැවති සෛල වෙතින් සියළු සෛල පැනනගින බවටද කියැවෙන, වර්තමානයෙහි සාර්වත්‍ර ලෙසින් පිළිගැනුමට ලක්ව ඇති, ඓතිහාසික විද්‍යාත්මක සිද්ධාන්තය වෙයි. සියළු ජීවින්ගේ මූලික ව්‍යුහාත්මක ඒකකය සෛල වන අතර ප්‍රජනනයෙහි මූලික ඒකකයද වෙයි. අණ්වීක්ෂ පිළිබඳ නිත්‍ය දියුණු කිරීම් හා සමගින් ඇතිවූ විශාලන තාක්ෂණයෙහි ප්‍රගතිය විසින් 17වන සියවසෙහිදී සෛල සොයා ගැනීමට හැකි විය. රොබට් හුක් වෙත ප්‍රධාන වශයෙන් උපලක්ෂණය කෙරෙන මෙම සොයාගැනීම විසින්, සෛල පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනය ඇරඹුනු අතර, එය සෛල ජීව විද්‍යාව ලෙසින්ද හැඳින්වෙයි. සියවසකට පමණ පසුව, විද්‍යාඥයින් අතර සෛල පිළිබඳ බොහෝ වාද විවාද පැන නැගුණි. මෙයින් බොහෝමයක් වාද විවාදවලට ප්‍රස්තූතය වූයේ සෛල ප්‍රතිජනනය වන ආකාරය සහ සෛලය ජීවයෙහි මූලික ඒකකය යන අදහසයි. අත්‍යන්තයෙහිදී සෛල වාදය 1839 වසරෙහිදී සුත්‍රකෘත කෙරිණි. මෙය සාමාන්‍යයෙන් ප්‍රතීත කෙරෙනුයේ මතියාස් ෂ්ලයිඩන් සහ තියඩෝර් ෂ්වාන් වෙතය. කෙසේවෙතත්, රුඩොල්ෆ් වර්ෂෝ වැනි වෙනත් බොහෝ විද්‍යාඥයින් මෙම සිද්ධාන්තයට දායකත්වය සපයන ලදි. ස්වයංසිද්ධ ජනනය වෙතින් බැහැරට ගමනය වීමෙහි වැදගත් පියවරක් ලෙසින් මෙය සලකන ලදි.

න්‍යෂ්ටි (විශේෂයෙන් ඩීඑන්ඒ) නිල් පැහැයෙන් වර්ණකාරක කල මිනිස් පිළිකා සෛල. මධ්‍යයෙහි සහ දකුණු පසෙහි ඇති සෛල අන්තර්කලාප අවස්ථාවෙහි පවතින බැවින් මුළු න්‍යෂ්ටියම සලකුණු කර ඇත. වම් පසෙහි ඇති සෛලය අනූනන අවස්ථාව තුල පවතින බැවින් එහි ඩීඑන්ඒ හැකිළී පවතියි.
මෙම ලිපිය හෝ ලිපි කොටස සෛල වාදය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) 2022 සැප්තැම්බර් සිට යෝජිතය.

සෛල වාදයෙහි මූල ප්‍රඥප්තීන් තුන පහත විස්තර කෙරෙයි:

  1. සියළු සජීවී ජීවීන් සමන්විත වන්නේ එක් සෛලයකින් හෝ බහු සෛල වලිනි.
  2. සෛල යනු සමස්ත ජීවින්ගේ මූලික ව්‍යුහීය/ආයතනික ඒකකය වෙයි.
  3. පෙර-පැවති සෛල වෙතින් සියළු සෛල පැනනගිති.

මෙම මූල ප්‍රඥප්ති අතරින් පළමුවැන්න මතවාදයට ලක්වන්නේ, වයිරස වැනි නිස්සෛලීය ස්ථිතීන් සමහරවිට ජීව රූප ලෙසින් සැලකෙන බැවිනි.

  1. විලාරල්, ලුවී පී. (අගෝස්තු 8, 2008) ආ වයිරසස් අලයිව්? සයන්ටිෆික් ඇමරිකන්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    හන්තානේ කතාව

  • අප්‍රේල් 21, 2026

    සෞන්දර්ය ලහරී

  • අප්‍රේල් 07, 2026

    කැළණිය විශ්වවිද්‍යාලය

  • අප්‍රේල් 24, 2026

    ගම්මඩුව ශාන්තිකර්මය

  • අප්‍රේල් 28, 2026

    නිහාල් සිල්වා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට