සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර (ඔක්තෝබර් 13, 1884 - සැප්තැම්බර් 23, 1969) බ්‍රිතාන්‍ය ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා විය. ''නිදහස් අධ්‍යාපනයේ

සී.ඩබ්.ඩබ්. කන්නන්ගර

  • මුල් පිටුව
  • සී.ඩබ්.ඩබ්. කන්නන්ගර

ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර (ඔක්තෝබර් 13, 1884 - සැප්තැම්බර් 23, 1969) බ්‍රිතාන්‍ය ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා විය. ''නිදහස් අධ්‍යාපනයේ පියා'' ලෙස විරුදාවලිය ලබා ඇත. රැකියාවෙන් නීතිඥවරයෙකු විය. අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහුට යටත් විජිත ලංකාවේ අධ්‍යාපන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.යයයයයයය.

ගරු
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර
සී.ඩබ්.ඩබ් කන්නන්ගර
නිවාස හා පළාත්පාලන ඇමති
ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමති
පුද්ගලික තොරතුරු
උපතඔක්තොම්බර් 13, 1884
රන්දොඹේ, ශ්‍රී ලංකාව
විපතසැප්තැම්බර් 23, 1969
කොළඹ, ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයරිච්මන්ඩ් විද්‍යාලය
වෘත්තියනීතිඥයා

පටුන

මුල් දිවිය .

ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර, දකුණු ශ්‍රී ලංකාවේ බලපිටිය සහ අම්බලන්ගොඩ අතර පිහිටි ගම්මානයක් වූ රන්දොඹේහි උපත ලද්දේ 1884, ඔක්තොම්බර් 13 වන දිනදීය. ඔහුගේ පියා LLK ටිය උසාවියෙහි නියෝජ්‍ය පිස්කල් නිලධාරිවූ දොන් ඩැනියෙල් විජේකෝන් කන්නන්ගර, කළුතර දිස්ත්‍රිකයේ පස්දුන් කොරලයට අයත් ලූල්බද්දාවෙහි වැසියෙකි. මව එමිලි විජේසිංහ හික්කඩුවේ වෑවල වීබදු වලව්වේ උපත ලැබුවාය. සහොදර සහොදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා හෙතෙම තම ප්‍රාථමික අධ්‍යාපනය ලද්දේ රන්දොඹේහී වෙස්ලියානු මිෂනාරි පාසැලෙහිදීය.

 
තරුණ කන්නන්ගර අධ්‍යාපනය ලැබූයේ ශ්‍රී ලංකාවේ, ගාල්ලේ, රිච්මන්ඩ් විද්‍යාලයෙහිය.

ලමා වියෙහිදී කන්නන්ගර විසින් මහත්වූ අධ්‍යාපන හැකියාවක් ප්‍රදර්ශනය කල අතර, වෙස්ලියානු මිෂනාරි පාසැලෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ ගාල්ලේ රිච්මන්ඩ් විදුහලෙහි විදුහල්පති දේවගැති ජේ.එච්.ඩැරල් මහතා මොහුගේ දක්ෂතා මැනැවින් නිරික්ෂණය කල බව කියැවේ. ප්‍රදානය කල ත්‍යාග වලින් බොහෝමයක් කන්නන්ගර විසින් දිනාගත් බව දුටු හෙතෙම, “පුතා, මෙම තෑගි බෙදා දීමෙහි ඔබ ලද තෑගි ගෙදර රැගෙන යෑමට ඔබට ගොන් කරත්තයක් කුලියට ගැනීමට සිදුවේවි ”යැයි පැවසුවේලු. රිච්මන්ඩ් විද්‍යාල මූලාරම්භ විභාගයට පෙනීසිටීමේ වරමද ඩැරල් විසින් කන්නන්ගර වෙත ලබා දුනි. විභාගයෙහිදී ගණිතයෙන් මහත් කුසලතා පෙන්වමින්, හෙතෙම ශිෂ්‍යත්වය දිනාගත්තේ, රිච්මන්ඩ් විද්‍යාලයට නොමිලේ ඇතුළුවීම හා නවාතැන සඳහාද ප්‍රධානයක් ලබමිනි. ඔහුගේ ගමේ පාසැලෙහි ලබා දුන් අධ්‍යාපනයට වඩා ඉමහත් ඉහළ මට්ටමක පැවැති උගැන්වීමක්, එකල විශිෂ්ට ලෙස සැලකුනු පාසැලක ලැබීමට හේ එහිදී වරම් ලදි.

ගුණසමරු පදනම

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ ගුණ සිහි කිරීමත් ඔහු පිලිබදව වත්මන් හා අනාගත ප්‍රජාව දැනුවත් කිරීමත් පිණිස 2012 වසරේදී ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ගුණසමරු පදනම පිහිටුවා ඇත.කොට්ටේ ශ්‍රි කල්‍යණි සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනු නායක හිමියන්ගේ අනු ශාසකත්වයෙන් එම පදනම ක්‍රියාත්මයි.

ආශ්‍රිත

  1. "ද ග්‍රේට් රිෆෝමර් ඔෆ් එඩියුකේෂන්". ද සන්ඩේ ටයිම්ස්. 2006-10-08. http://www.sundaytimes.lk/061008/FunDay/heritage.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-10-07. 
  2. විජේනායක, වෝල්ටර් (2003-09-24). "සී.ඩබ්.ඩබ්. කන්නන්ගර: ෆාදර් ඔෆ් ෆ්‍රී එඩියුකේෂන්". ද ඩේලි නිවුස්. http://www.dailynews.lk/2003/09/24/fea09.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-10-08. 
  3. ඈපාසිංහ, ප්‍රේමසර (2006-09-06). "ෆාදරි ඔෆ් ෆ්‍රී එඩියුකේෂන් ඉන් සිලෝන්". ද ඩේලි මිරර්. http://www.dailymirror.lk/2006/09/20/feat/03.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-10-07.  [භින්න වූ සබැඳිය]
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 18, 2026

    බර්ටි ගුණතිලක

  • අප්‍රේල් 05, 2026

    ජෝන් ඩොයිලි

  • මාර්තු 23, 2026

    ශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ල

  • අප්‍රේල් 17, 2026

    ගම්පෙරළිය (චිත්‍රපටය)

  • මැයි 16, 2026

    Mount Narodnaya

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට