සීක් අධිරාජ්‍යය වෙතින්, මෙම ලිපිය වෙතට ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) |
සිඛ් අධිරාජ්‍යය Sarkar-i-Khalsa امپراطوری سیک ਸਿੱਖ ਖਾਲਸਾ ਰਾਜ | |||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ක්‍රි.ව. 1799–ක්‍රි.ව. 1849 | |||||||||||||
ජාතික ගීය: Deg Tegh Fateh | |||||||||||||
![]() Ranjit Singh's Sikh Empire at its peak | |||||||||||||
| අගනුවර | Lahore | ||||||||||||
| පොදු භාෂාවන් | Persian (court) Punjabi Dogri Kashmiri Pashto | ||||||||||||
| ආගම | Sikhism | ||||||||||||
| රජය | Federal monarchy | ||||||||||||
| Maharaja | |||||||||||||
• 1801–1839 | Ranjit Singh | ||||||||||||
• 1839 | Kharak Singh | ||||||||||||
• 1839–1840 | Nau Nihal Singh | ||||||||||||
• 1840–1841 | Chand Kaur | ||||||||||||
• 1841–1843 | Sher Singh | ||||||||||||
• 1843–1849 | Duleep Singh | ||||||||||||
| Wazir | |||||||||||||
• 1799–1818 | Jamadar Khushal Singh | ||||||||||||
• 1818–1843 | Dhian Singh Dogra | ||||||||||||
• 1843–1844 | Hira Singh Dogra | ||||||||||||
• 1844–1845 | Jawahar Singh Aulakh | ||||||||||||
| ඓතිහාසික යුගය | Early modern period | ||||||||||||
• Capture of Lahore by Ranjit Singh | 7 July ක්‍රි.ව. 1799 | ||||||||||||
• End of Second Anglo-Sikh War | 29 March ක්‍රි.ව. 1849 | ||||||||||||
| වර්ග ප්‍රමාණය | |||||||||||||
| 491,464 km2 (189,755 sq mi) | |||||||||||||
| ජනගහණය | |||||||||||||
• ක්‍රි.ව. 1831 ඇස්තමේන්තුව | 3.5 million | ||||||||||||
| ව්‍යවහාර මුදල | Nanak Shahi Rupee | ||||||||||||
| |||||||||||||
| වර්තමානයේ මෙය අයත් වන්නේ | |||||||||||||

සික් අධිරාජ්‍යය පිහිටා තිබුණේ ඉන්දියානු උප මහද්වීපයේ (වර්තමාන ඉන්දියානු - පකිස්තාන) වයඹ කොටසේය. ඒ වර්ෂ 1799 ත් 1849 ත් අතර කාලයේ ය. එහි ප්‍රධාන වශයෙන් පන්ජාබ් ආගම මඟින් පාලනය වූ කොටසක් වන්නේ පන්ජාබ් මිස්ලස් අවංහලායන් ය.
රංජිත් සිං 1801 අප්‍රේල් 12 වැනි දින ඔටුනු පැළදීය. ගුරු නානක් දෙවිගෙන් පැවතෙන සහිබ් සිං බෙඩී විසින් රාජාභිශේකය සිදු කරන ලදී. ගුජ්රත්වල විසු ඔහු 1799 දී ගුජ්රාටය බෙදා වෙන් කළේය. 1802 දී ඔහු එම ධනය ලාහෝරයට හා අමිර්ස්සාර් මාරු කළේය. රංජිත් සිං කෙටි කාලයක් තුළ තනි සික් මිස්ලස්හි හොදින් බලය වර්ධනය කර ගත්තේය. අවසානයේ පන්ජාබයේ මහාරාජා බවටද පත් වුණි.
පිටරටින් පැමිණෙන ආක්‍රමණ වලට එරෙහිව අහමඩ් ෂා හා තමාර්ෂා විසින් දියත් කළ ශක්තිමත් සාමූහික හමුදාවක් එහි තිබුණේය. අමිර්ස්සාර් නගරයේ කිහිපවිටක් ම යුධ ගැටුම් පැවතිණි. තවමත් සික් ඉතිහාසයේ 'වික්‍රමාන්විත ශතවර්ෂයක් ' ලෙස එය සිහිකරනු ලබයි. එහි ප්‍රධාන වශයෙන් විස්තර වන්නේ පිබිදුණු සික් ජාතිකයන්ගේ දේශපාලන බලය වෙනස්වීම නිසා අත්විඳි වාසි අවාසිය පිළිබඳවයි. ඊට හේතු වන්නේ ප්රතිපක්ෂ ආගමික පරිසරය සික් ජාතිකයන්ට විරුද්ධ වීමත් ඉන් කුඩා සික් ජනගහනය අනෙක් දේශපාලන හා ආගමික කණ්ඩායම් සමඟ සැසඳීමත් ය.
සික් මිස්ල්ස් ( ප්‍රාන්ත )
වර්ෂ 1716 සිට 1799 දක්වා වූ කාලච්ඡේදය තුළදී පන්ජාබය දේශපාලනමය හා හමුදාමය වශයෙන් ඉමහත් ව්‍යාකූල තත්ත්වයකට පත්විය. එයට හේතු වූයේ මෝගල් අධිරාජ්‍යයේ පිරිහීමයි. එමඟින් නිර්මාණය වූ බල රික්තය 18 වන සියවසේ අග භාගයේ දී දේශීය මෝගල් අවශිෂ්ටයින් සහ එක්සත් රාජපුත්‍ර නායකයින්, ඇෆගන්වරුන් හා අනෙකුත් මුස්ලිම් බලවේග පක්ෂය ගත් සතුරු පන්ජාබ් මුස්ලිම්වරුන් පලවා හැරීමෙන් පුරවන ලදි.
අවසානයේ දී රංජිත් සිංග් විසින් සික් ජාතික හමුදා නායකයින් එක්සත් කරන ලදි. අනතුරුව ඔවුන්ගේ ම පාලක ප්‍රාන්ත පිහිටුවිණි.
ආරම්භය
සික් අධිරාජ්‍යය මහරාජා රංජිත් සිංග් විසින් පන්ජාබ් හමුදාව පාදක කොට ගෙන පිහිටුවන ලදි. (1801 - 1849) අධිරාජ්‍ය, බටහිරින් කයිබර් කපොල්ලටත්, උතුරින් කාශ්මීරයටත්, දකුණින් සින්ධිවලටත්, නැගෙනහිරින් ටිබෙටයත් ව්‍යාප්ත විය. අධිරාජ්‍යයාගේ ප්‍රධාන මධ්‍යස්ථානය වූයේ පන්ජාබයයි. සික් අධිරාජ්‍යයේ ආගමික ජන විකාශනය මුස්ලිම් (80%), සික් (10%) හා හින්දු (10%) ලෙස සමන්විත විය.
සික් අධිරාජ්‍යයේ ආරම්භය ඕරන්සැබ් ගේ මරණයෙන් හා මෝගල් අධිරාජ්‍යයයේ ඇදවැටීමෙන් අනතුරුව එළඹි වර්ෂ 1707 මුල් භාගයේ දී පන්ජාබ් හමුදා කාලය ලෙස හඳුනා ගැනේ. මෝගල් අධිරාජ්‍යයේ ඇදවැටීම මෝගල් වරුන් ට හා ඇෆ්ගන්වරුන්ට එරෙහිව “ඩල් ඔල්සා” ලෙස හැඳින්වූ හමුදාව වේගවත්ව මෙහෙයවීමට අවස්ථාව සලසා දෙන ලදී. මෙමඟින් වර්ධනය වූ හමුදාවේ, පසුව විවිධ පන්ජාබ් හමුදා කණ්ඩායම් වලට බෙදී පසුකාලීනව අර්ධ - නිදහස් ප්‍රාන්ත බවට පත් විය. මෙම සෑම උප හමුදාවක් ම “මිස්ල්ස්” සේ හැඳින්වුණු අතර (ප්‍රාන්ත) එක් එක් ප්‍රාන්තය මඟින් විවිධ පළාත් හා නගර පාලනය කෙරිණි. කෙසේ වුවද වර්ෂ 1762 - 1799 කාලය තුළ සික් පාලකයින් තම ප්‍රාන්ත තමාටම අනන්‍ය ප්‍රාන්ත සේ සකසා ගන්නා ලදී. සික් අධිරාජ්‍යයේ විධිමත් ආරම්භය වර්ෂ 1801 දී රාජාභිෂේකයත් සමඟ “පන්ජාබ් හමුදාව” විසුරුවා හරිමින් ආරම්භ වුයේ එක්සත් දේශපාලන රාජ්‍යය නිර්මාණය කරමිනි. හමුදාවට අනුබද්ධ වූ සියලුම ප්‍රාන්ත පාලකයින් දීර්ඝ කාලීන ගෞරවාන්විත පවුල් ඉතිහාසයක් සමඟ පන්ජාබ් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වයට පත්විය.
අධිරාජ්‍යයේ අවසානය
අධිරාජ්‍යයාගේ මරණයෙන් පසු අභ්යඇන්තර බෙදීම් හා දේශපාලන වශයෙන්වූ අවිධාමත් කළමනාකරණය නිසා රාජ්‍ය බොහෝ දුර්වල විය. මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගන්නා ලද බ්‍රිතාන්‍ය අධිරාජ්යයය ඇන්ග්ලෝ-සීක් යුද්ධයේ පළමු පියවර දියත් කරන ලදී. 1849 දෙවන ඇන්ග්ලෝ-සීක් යුදුධයෙන් පසු බ්රි තාන්යො අධිරාජ්යළය විසින් අන්තිමේදී සීක් අධිරාජ්ය්ය අල්ලා ගන්න ලදී.
බාහිර සැබැදි
- Article on Coins of the Sikh Empire
- Sikh Confederacy සංරක්ෂණය කළ පිටපත 2018-08-01 at the Wayback Machine
- Confederacy of Punjab සංරක්ෂණය කළ පිටපත 2009-01-05 at the Wayback Machine
- Sikh Kingdom of Ranjit Singh සංරක්ෂණය කළ පිටපත 2009-01-05 at the Wayback Machine
- Battle of Jamrud සංරක්ෂණය කළ පිටපත 2010-06-08 at the Wayback Machine
- The Sikh Misl සංරක්ෂණය කළ පිටපත 2011-02-08 at the Wayback Machine
| Sikh_Empire |
- සංරක්ෂිත පිටපත, http://www.global.ucsb.edu/punjab/14.1_Rahman.pdf, ප්‍රතිෂ්ඨාපනය 2016-09-10
- Grewal, J.S. (1990). The Sikhs of the Punjab. Cambridge University Press. p. 107. ISBN 0 521 63764 3. සම්ප්‍රවේශය 15 April 2014.
- 1849 disestablishments
- States and territories established in 1733
- Sikh history
- History of Punjab
- Sikh Empire
- Sikh politics
- Empires and kingdoms of India
- පෙර පැවති අධිරාජ්‍ය
- ආසියාවේ පෙර තිබූ රටවල්