සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ස්ත්‍රීපුර උමග සංකීර්ණය යනු ඌවපරණගම ප්‍රදේශීය ලේකම් කොඨ්ඨාශය තුල පිහිටි උමං සංකීර්ණයක් වේ. රාම - සීතා පුරාවෘත්තයට අනුව රාමකුමරු සීතා දේවිය රාවණා රජු හා හනුමාන්

ස්ත්‍රීපුර උමග

  • මුල් පිටුව
  • ස්ත්‍රීපුර උමග

ස්ත්‍රීපුර උමග සංකීර්ණය යනු ඌවපරණගම ප්‍රදේශීය ලේකම් කොඨ්ඨාශය තුල පිහිටි උමං සංකීර්ණයක් වේ. රාම - සීතා පුරාවෘත්තයට අනුව රාමකුමරු සීතා දේවිය රාවණා රජු හා හනුමාන් චරිතවලට සම්බන්ධ වැදගත් ඓතිහාසික ස්ථාන රැසක් වැලිමඩ සානුව තුළ විවිධ ප්‍රදේශ තුලින් වාර්තා වේ.

රාවණා රජු විසින් ඉන්දියාවෙන් පැහැරගෙන එන ලදැයි කියනු ලබන සීතා දේවිය ආරක්ෂා සහිතව රඳවා තබන ලද්දේ ඌව පරණගම කිරවනාගම ප්‍රදේශයේ පිහිටි ස්ත්‍රීපුර කන්දේ ඇති බිංගෙයක බව පැවසේ.

පටුන

පිහිටීම

ස්ත්‍රීපුර යනු ඌව පරණගම පිහිටි විශාල කන්දකි. ඌවපරණගම, මූදනාව හා සපුගොල්ල යන ගම් ප්‍රදේශ 2න් ම මෙම කන්දට පිවිසිය හැක. මෙහි කදුමුදුනට ගමන් කිරීමේදී අඩි 8-10 ක පමණ විශ්කම්භයකින් යුත් වංගු සහිත විශාල බිංග 3ක් පොළව මතුපිටින් දැකගත හැක. ත්‍රිකෝණාකාරව පිහිටි මෙම බිංග 3න් 2ක් පස්වලින් වැසී පැවතීම නිසා ඇතුලුවීම තරමක් අපහසු වේ. නමුත් පැරැන්න් මෙම බිංග 3ම තරණය කර ඇත. ඇතුලු විය හැකි බිංගය තුල මචක් ගමන් කිරීමේදී දෙපසට ගමන් කරන ප්‍රධාන භූගත මාර්ග 2 ක් හා ඇතුලත විවිධ දිශාවන් ඔස්සේ වූ භූගත මාර්ග පවතී. මෙම බිංග තුලින් කිලෝමීටර ගනනක් දුරට පොලොව යටින් ගමන් කල හැකි වේ.

ඉතිහාසය

සීතා දේවිය ඇතුලු රාවණා රජුගේ අන්තඞපුර කාන්තාවන් 700ක් මේ බිංගෙයෙහි රඳවා සිටි බව පැවැසේ. සීතා දේවිය ස්නානය කළායි කියනු ලබන සුන්දර මනා දියඇල්ල ස්ත්‍රීපුර කන්දට කි.මී. 3 පමණ දකුණු දෙසින් ලුණුවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටා ඇත. මෙම උමගෙහි එක් අන්තයක් මනා දියඇල්ල වෙත ගමන් කරනබව ගම්මු සදහන් කරයි.

මෙම ස්ථානයේ පර්යේෂන කල බොහෝ දෙනා සදහන් කරන ආකාරයට රාම - සීතා පුරාවෘත්තයට නෑකම් කියන වලපනේ රාගල සහ බණ්ඩාරවෙල දෝව පන්සල තුල පිහිටා ඇති උමග මේ සමග සම්බන්ධ වෙන බව සදහන්වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    Titan (moon)

  • අප්‍රේල් 04, 2026

    මව් භාෂාව

  • අප්‍රේල් 03, 2026

    සත්මහල් ප්‍රාසාදය

  • අප්‍රේල් 05, 2026

    Carl Jung

  • අප්‍රේල් 05, 2026

    ඉස්ලාම් ආගම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට