සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සයිමන් නවගත්තේගම (1940-2005) යනු ශ්‍රී ලංකාවේ සිටි කෘතහස්ත සාහිත්‍යධරයෙකි. ඔහු ප්‍රවීණ කෙටිකතාකරුවෙක්, නවකතාකරුවෙක් සහ නාට්‍යකරුවෙක් ද වෙයි. මෙරට සාහිත්‍යයේ මාය

සයිමන් නවගත්තේගම

  • මුල් පිටුව
  • සයිමන් නවගත්තේගම

සයිමන් නවගත්තේගම (1940-2005) යනු ශ්‍රී ලංකාවේ සිටි කෘතහස්ත සාහිත්‍යධරයෙකි. ඔහු ප්‍රවීණ කෙටිකතාකරුවෙක්, නවකතාකරුවෙක් සහ නාට්‍යකරුවෙක් ද වෙයි. මෙරට සාහිත්‍යයේ මායායථාර්ථවාදයේ පුරෝගාමියා සයිමන් නවගත්තේගම වෙයි.. කේ. කේ. සමන් කුමාර තමන් විසින් සිංහල සාහිත්‍යයයේ නූතනවාදී ත්‍රිත්වය වශයෙන් සයිමන්, ටෙනිසන් පෙරේරා සහ අජිත් තිලකසේන ත්‍රිත්වය හදුනා ගනී. සයිමන් නවගත්තේගම සිය කෙටිකතා සහ සුද්දිලාගේ කතාව නම් නවකතාව තුළ යථාර්ථවාදී සාහිත්‍ය මාර්ගය අනුගමනය කළ ද[තහවුරු කර නොමැත] සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කෘතියේ සිට බෞද්ධ දාර්ශනික සංකල්පවලින් සහ පැරණි සිංහල පුරාකෘතික සංකල්පවලින් ආභාෂය ලැබූ මායායථාර්ථවාදී රීතියක් කරා යොමු විය.

සයිමන් නවගත්තේගම
උපතසැප්තැම්බර් 15, 1940(1940-09-15)
ශ්‍රි ලංකාව
මරණයනොවැම්බර් 9, 2005(2005-11-09) (වයස 65)
වෘත්තියsසිංහල නවකථා රචනය , තිරරචනය සහ රඟපෑම.
Spouseමල්ලිකා නවගත්තේගම
දරුවන්
  • සනී නවගත්තේගම,
  • මායා නවගත්තේගම,
  • කුමාර කාශ්‍යප නවගත්තේගම,
  • සුරනිමල සුදර්ශන නවගත්තේගම
  • අයේෂා නවගත්තේගම

පටුන

ජීවන තොරතුරු

සාහිත්‍ය ලක්ෂණ

සයිමන් නවගත්තේගම විසින් සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා, දඩයක්කාරයාගේ කතාව, සංසාරාණ්‍යයේ උරුමක්කාරයා, ක්ෂීර සාගරය කැළඹිණි, සාපේක්ෂණී, අර්ජුන කුමාරයාගේ කතාන්දරය, සංසාරාරණ්‍යය අසබඩ, ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා යන කෘති මගින් ප්‍රභවය දුන් සාහිත්‍යය මාර්ගය කේ. කේ සමන් කුමාර හදුනා ගන්නේ බෞද්ධ ප්‍රඥාමාර්ගික සාහිත්‍ය යනුවෙනි. මෙය ශ්‍රී ලංකාවට ම ආවේණික සාහිත්‍ය ප්‍රවර්ගයක් ලෙස හෙතෙම දක්වයි. දීප්ති කුමාර ගුණරත්න, සයිමන් නවගත්තේගමගේ සාංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කෘතිය හදුන්වා ඇත්තේ මෙරටට අනන්‍ය පශ්චාත් නූතනත්වයක් පෙන්නුම් කළ අවස්ථාවක් ලෙසිනි.

මහාවංශ ඉතිහාස විග්‍රහය ඉක්මවා යමින් රාවණ කතිකාව වැනි පුරාකෘතික ප්‍රවාද කරා යොමු වීම, මහායාන හා තන්ත්‍රයාන බෞද්ධ සංකල්ප ඇසුරු කිරීම, කාලය පිළිබද බටහිර දැක්මට වෙනස් ව කාලත්‍රය සැරිසැරීම පෙන්නුම් කිරීම සයිමන්ගේ කෘතිවල ලක්ෂණ වශයෙන් කේ. කේ. සමන් කුමාර දක්වයි. සයිමන් නවගත්තේගම බෞද්ධ දර්ශනය, මාක්ස්වාදය සහ ෆ්‍රොයීඩියානු මනෝවිශ්ලේෂණය සමග එක්තැන් කළ බවත් එහි දී ඔහු එරික් ෆ්‍රොම් විසින් ඉටු කළ දෙයට සමාන දාර්ශනික කාර්යයක් සිය සාහිත්‍ය භාවිතාව තුළ කර ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි. සයිමන්ගේ සාහිත්‍ය රීතිය බෞද්ධ බෝගේසියානු රීතියක් වශයෙන් ද හෙතෙම හදුන්වයි.

ප්‍රබන්ධ කෘති

  • ඔහුගේ කථාව,
  • සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා (කෙටි කථා එකතුව)
  • සාහිත්‍යය, සමාජවාදය සහ කලා විචාරය
  • සුද්දිලාගේ කථාව
  • සංසාර ආරණ්‍යයේ දඩයක්කාරය
  • සංසාර ආරණ්‍යයේ උරැමක්කාරයා
  • සංසාර ආරණ්‍යය අසබඩ
  • දඩයක්කාරයාගේ කතාව
  • සාංකාව
  • සාපේෂණී
  • ක්ෂීර සාගරය කැලඹිණ
  • ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා
  • වානරයා
  • හිමාලකන්ද තරණය කල අර්ජුන කුමාරයාගේ කතාව
  • බාවනාව

තිර රචනා

  • සුද්දිලාගේ කතාව
  • සිරි මැදුර
  • සෙයිලම
  • ක්ෂීර සාගරය කැලඹිණ
  • ආදර සිහිනය

ගුවන්විදුලි වැඩසටහන්

  • වානරයා

නාට්‍ය

  • ගංඟාවක් (ස්වත්‍රන්ත)
  • පුස් ලෝඩම් (ස්වත්‍රන්ත)
  • සුබ සහ යස
  • ස්ත්‍රි
  • සුදු සහ කළු
  • පණ්ඩුකාභය

ආශ්‍රිත නාමාවලිය

  1. සමන් කුමාර, කේ. කේ. (2014). සාහිත්‍ය ෂානර විමංසා. සයුර ප්‍රකාශන. pp. 9, 17. ISBN 978-955-4788-08-4.
  2. මිහිදුකුල, සුනිල්. මම ඉතිං ජීවත් වෙන්න මේසන් බාස්ලා වගෙ එක එක වැඩ කරනවා - කේ. කේ. සමන් කුමාර. විවරණ. 2017 ඔක්තෝම්බර් 5
  3. සමන් කුමාර, කේ. කේ. (2014). "බෞද්ධ ප‍්‍රඥා මාර්ගික සාහිත්‍යය". සාහිත්‍ය ෂානර විමංසා. සයුර ප්‍රකාශන. pp. 171–172. ISBN 978-955-4788-08-4.
  4. සමන් කුමාර, කේ. කේ. (2014). සාහිත්‍ය ෂානර විමංසා. සයුර ප්‍රකාශන. pp. 11, 12, 14. ISBN 978-955-4788-08-4.

මේවා ද බලන්න

  • මාර්ටින් වික්‍රමසිංහ
  • ජී. බී. සේනානායක
  • ටෙනිසන් පෙරේරා
  • මහගමසේකර

.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 06, 2026

    සුන්වොන් අගබිසව

  • මැයි 01, 2026

    ඉන්දියානු රජය

  • මැයි 15, 2026

    Pythagorean theorem

  • අප්‍රේල් 19, 2026

    මහානාම රජ

  • අප්‍රේල් 15, 2026

    සිරිල් පොන්නම්පෙරුම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට