සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මානවම්ම (684-718) සිහසුන අත්පත් කර ගත්තේ පල්ලවවරුන්ගේ උදව්වෙනි. මානවම්ම හඳුන්වා දුන් පල්ලව අනුග්‍රහය ශත වර්ෂ තුනක් කල් පැවතුනේය. 9 වෙනි ශත වර්ෂය වන විට දකුණු ඉන

ලංකා ඉතිහාසය-ලම්බකන්න

විකිපීඩියා වෙතින්

මානවම්ම (684-718) සිහසුන අත්පත් කර ගත්තේ පල්ලවවරුන්ගේ උදව්වෙනි. මානවම්ම හඳුන්වා දුන් පල්ලව අනුග්‍රහය ශත වර්ෂ තුනක් කල් පැවතුනේය. 9 වෙනි ශත වර්ෂය වන විට දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍යයන්වරු නැගී සිටීමත් සමග අනුරාධපුරය පිරිහීමකට ලක් විය. කෙසේ වෙතත් සිංහලයන් තවත් පාණ්ඩ්‍යයන්ට සතුරු කුමාරයෙකුගේ උදව්වෙන් පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කොට මදුරෙයි නගරය කොල්ල කෑහ. පස්වෙනි මහින්ද (982-1029) අනුරාධපුරයේ රජ කළ අන්තිම සිංහල රජු විය. 1007 දි ඔහු රුහුණට පලා ගිය නමුත් සොලීන් විසින් ඔහු අත් අඩංගුවට ගෙන සිර කළේය. ඔහු ඉන්දියාවේදීම මිය ගියේය.

චෝල අධිරාජ්‍ය

1 වෙනි මහා රාජ රාජ චෝලන්ද ඔහුගේ පුතා වු 1වෙනි රාජෙන්ද්‍ර චෝලන්ද සිංහල රජවරු සහ ලංකාව පුරා වෙනත් රාජධානිවල සිට අනෙකුත් උප රජවරුන්ද පරදවා මුළු ලංකාවම දෙමළ රාජ්‍යයක් යටතට පත් කළේය. පස්වෙනි මහින්ද රජුද ඔහුගේ පවුල ද අත්අඩංගුවට ගෙන චෝල නාඩු වෙත යවන ලදහ. ඉන්පසු ගතවුනු අවුරුදු 140 ක කාලය දිවයින පාලනය කරන ලද්දේ දමිළයන් විසිනි.

පොළොන්නරුව පාලනය

1 වැනි විජයබාහු (1055-1110) නැවත මුළු දිවයිනේම බලය අල්ලා ගෙන පොළොන්නරුව අග නගරය ලෙස තෝරා ගත්තේය. විජයබාහු රජු කාලිංග (ඔරිස්සා) දේශයේ රාජකීය පවුලක කුමාරිකාවක් දෙවෙනි බිසව ලෙස සරණ පාවා ගත් අතර වික්‍රමබාහු නම් පුතෙක්ද, රත්නවල්ලි නම් දියණියක් ද ලැබුවේය. ඔහුගේ සොහොයුරිය වු මිත්තා පාණ්ඩ්‍ය කුමරෙකුට සරණ පාවා දුන් අතර පුතුන් තිදෙනකු ලැබුවාය. පළමුවැන්නා මානාභරණ විය. ඔහු රත්නවල්ලි සරණ කර ගත්තේය. ඔවුන් දෙපලගේ පුතා වුයේ 1 වැනි පරක්‍රමබාහු (1153-1186) රජුය. විජයබාහු රජුගේ මුණුබුරා මෙන්ම සිංහල, පාණ්ඩ්‍ය, කාලිංග උරුමයක් ඇති මානාභරණගේ සහ විජයබාහුගේ දියණිය වූ රත්නවල්ලි යන දෙපලගේ පුතා වූ පරාක්‍රමබාහු බලසම්පන්න රජෙකු විය. ඔහුගේ ඉංජිනේරුමය හැකියාව නාවික බලය, කලා ශිල්ප, සංස්කෘතික කටයුතු පිළිබඳ සටහන් විශාල සංඛ්‍යාවක් වු ලේඛනවල සහ කයිට්ස්හි තිබෙන දෙමළ ලියවිල්ලක පවා තිබේ. ධර්මකිර්ති විසින් චූලවංශය ලියන ලද්දේ පරාක්‍රමබාහු යුගය දක්වා තොරතුරු අඩංගු කිරිම සඳහා මහාවංශය දිගු කිරීමක් වශයෙනි. අනුරාධපුර යුගයෙන් පසු ඇති වූ ඉතා වටිනා මහා යුගයක් ලෙස පරාක්‍රමබාහු යුගය සැළකෙයි.



ඉහළට