සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

යකඩයා චිත්‍රපටිය යනු සැබෑ පුද්ගලයෙකුගේ ජීවිත කතාව අලලා නීල් රූපසිංහ විසින් අධ්‍යක්‍ෂණය කෙරුණු චිත්‍රපටියකි. මෙහි ඇති සිදුවීම් අසත්‍යද වේ.

යකඩයා (චිත්‍රපටිය)

විකිපීඩියා වෙතින්
යකඩයා
අධ්‍යක්‍ෂණයනීල් රූපසිංහ
රචනයජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තිර රචනයජෝර්ජ් ලෙස්ලි රණසිංහ
කතාවස්තුවජෝර්ජ් ලෙස්ලි රණසිංහ
නිශ්පාදනයරත්නපාල මරවනාගොඩ(එම්.පී.එස්.චිත්‍රපට)
රංගන ශිල්පීන්ගාමිණී ෆොන්සේකා රවින්ද්‍ර රන්දෙණිය
සිනෙමාරූපණයඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණයඩබ්ලිව්.ඩී.කේ. රූබන්
සංගීතයසරත් දසනායක
නිෂ්පාදන
සමාගම
විජය චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • දෙසැම්බර් 9, 1977 (1977-12-09) (ලිබර්ටි)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

සම්පුර්ණ ජීවිත කතාව යකඩයා


යකඩයා චිත්‍රපටිය යනු සැබෑ පුද්ගලයෙකුගේ ජීවිත කතාව අලලා නීල් රූපසිංහ විසින් අධ්‍යක්‍ෂණය කෙරුණු චිත්‍රපටියකි. මෙහි ඇති සිදුවීම් අසත්‍යද වේ.

රංගනය

ගීතයන්

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර / ධර්මසිරි ගමගේ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

  1. සිතු දේ පැතු දේ ඉටු වී යයි – එච්.ආර්. ජෝතිපාල / සුජාතා අත්තනායක
  2. මලින් මලට බඹරුන් ඉගිලේ - ලතා වල්පොල (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
  3. යන විට පාරේ උකුල නටන තාලේ - එම්. එස්. ප්‍රනාන්දු / එච්.ආර්. ජෝතිපාල
  4. ආශා රැලී දෑසේ වෙලී – එච්.ආර්. ජෝතිපාල / සුජාතා අත්තනායක

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන ගීත තැටි - සරස්වතී

විශේෂතාව

  • සත්‍ය කතාවක් ඇසුරින් නිෂ්පාදිත මෙම චිත්‍රපටය පරීක්ෂණ මණ්ඩලය මඟින් හතර වරක් නැරැඹීමෙන් අනතුරුව ද ‘වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි’ යන ලේබලය යටතේ ප්‍රදර්ශනයට අනුමැතිය ලැබිණ.
  • සත්‍ය සිද්ධියක් ඇසුරින් තැනූ චිත්‍රපටයක ගාමිණී ෆොන්සේකා රඟපෑ ප්‍රථම අවස්ථාව.

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
  • වේශ නිරූපණය - කේ. සුබ්බයියා
  • කලා අධ්‍යක්ෂණය - ධර්මසේන හේමපාල
  • සටන් අධ්‍යක්ෂණය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
  • ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
  • රසායනාගාර පාලක - එස්. තිරනාවුකරසු
  • නිශ්චල ඡායාරූප - සිවසුබ‍්‍රමනියම්
  • නිෂ්පාදන කළමනාකරු - කරුණාදාස පෙරේරා
  • නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

ප්‍රදර්ශනය

  • මංගල දර්ශනය – පළාත් පාලන නිවාස හා ඉදිරි කිරීම් ඇමැති ආර්. ප්‍රේමදාස මහතා සහ එම මහත්මියත් ගො. ද්‍ර. ස. සභාපති අජන්තා විජේසේන මහතාගේත් ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 09 සවස 6.00 ට ලිබර්ටි සිනමා ශාලාවේ.
  • ප්‍රදර්ශනනය ලිබර්ටි, රිට්ස්, අශෝකා ඇතුළු තුන්වන මණ්ඩලයේ ප්‍රදර්ශනය අරඹන ලදී.
  • ප්‍රදර්ශන කාලය – මුල් සිනමා ශාලා 9 යක දින පනහ පිරුණු අතර රිට්ස් හි දින 68 ක් පෙන්වන ලදී.
ඉහළට