සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මහර බන්ධනාගාරය යනු ශ්‍රී ලංකාවේ තිබෙන විශාල හා උපරිම ආරක්ෂාවක් සහිත බන්ධනාගාරයකි. බස්නාහිර පළාතේ මහර පැරණි නගරයේ ඉදිකොට තිබෙන මෙම බන්ධනාගාරය, කොම්පඤ්ඤ වීදිය සිර

මහර බන්ධනාගාරය

විකිපීඩියා වෙතින්
මහර බන්ධනාගාරය
Mahara Prison
සාමාන්‍ය තොරතුරු
නගරයමහර
රටශ්‍රී ලංකාව
ඉදිකිරීම් ආරම්භ වූයේ1875
සමාප්තිය1875
අනුග්‍රාහකයාබ්‍රිතාන්‍ය රජය,
ශ්‍රී ලංකා රජය


මහර බන්ධනාගාරය යනු ශ්‍රී ලංකාවේ තිබෙන විශාල හා උපරිම ආරක්ෂාවක් සහිත බන්ධනාගාරයකි. බස්නාහිර පළාතේ මහර පැරණි නගරයේ ඉදිකොට තිබෙන මෙම බන්ධනාගාරය, කොම්පඤ්ඤ වීදිය සිරගෙදර තදබදය අවම කිරීම සඳහා 1875 වසරේදී බ්‍රිතාන්‍ය රජය විසින් ඉදිකොට තිබෙයි. බන්ධනාගාරයේ පරිපාලන කටයුතු ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සිදුකෙරේ.

බන්ධනාගාරයෙහි රඳවා සිටි ප්‍රසිද්ධ පුද්ගලයින් සමහරක්

  • උතුවන් කන්දේ සූර සරදියෙල්
  • මරදන්කඩවල යකඩයා
  • නවාරියන් නොහොත් ෆැන්සිස් ෆර්නැන්ඩො
  • කියුටෙක්ස් පියදාස
  • කෑරගල සිරිසේන නොහොත් චීනා
  • වටරැක ජයසුන්දර
  • ගම්පහ මුණිදාස
  • සචේන් තිලාංජන

සිදුවීම්

1902 බන්ධනාගාර රැඳවියන්ගේ පළායාම

මහර බන්ධනාගාරයෙහි පැරණි වාර්ථාවන් හී, එහි රැඳවියන් පිරිසකගේ පළායාමක් පිළිබඳව සඳහන් වෙයි. 1902 ජුනි 28 වන දින සවස 2.00 ට පමණ ගල්වලකදී ඇතිවූ රැඳවියන්ගේ කැරැල්ලකින් සිරකරුවන් 79 දෙනෙකු පළාගිය බව සඳහන් වෙයි. නමුත් පසුව නිළදාරීන් විසින් දියත් කරන ලද මෙහෙයුමක් මගින්, පළාගිය සිරකරුවන් 40 දෙනෙකු නැවත වතාවක් අත්අඩංගුවට ගත් බව පැවසෙයි. ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසය තුල, විශාල රැඳවියන් පිරිසක් එකවර පළාගිය පළමු සහ එකම අවස්ථාව ලෙස මෙම සිදුවීම හැඳින්වේ.

මේවාද බලන්න

ආශ්‍රිත

  • මහර බන්ධනාගාරය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සංරක්ෂණය කළ පිටපත 2009-05-14 at the Wayback Machine
ඉහළට