සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

භාරතී බ්‍රේල් /ˈbɑrətiː/ BAR-ə-tee, හෝ භාරතීය බ්‍රේල් (හින්දි: भारती ब्रेल bhāratī brēl IPA: [bʱaːɾət̪iː bɾɛːl] "ඉන්දියානු බ්‍රේල්") යනු, ඉන්දියාවෙහි භාෂා ලිවීම

භාරතී බ්‍රේල්

  • මුල් පිටුව
  • භාරතී බ්‍රේල්

භාරතී බ්‍රේල් /ˈbɑrətiː/ BAR-ə-tee, හෝ භාරතීය බ්‍රේල් (හින්දි: भारती ब्रेल bhāratī brēl IPA: [bʱaːɾət̪iː bɾɛːl] "ඉන්දියානු බ්‍රේල්") යනු, ඉන්දියාවෙහි භාෂා ලිවීම සඳහා භාවිතා වන බෙහෙවින් ඒකාබද්ධිත බ්‍රේල් අක්ෂර මාලාවකි. ඉන්දියාව නිදහස ලබත්ම, රටෙහි විවිධ පළාත්වල හා විවිධ භාෂාවන් සඳහා බ්‍රේල් නිරූපණ ක්‍රම එකොළසක් භාවිතා කරමින් පැවතිණි. By 1951 වසර වන විට, භාරතී බ්‍රේල් නමින් තනි ජාතිත ප්‍රමිතියක් වෙක එළඹ ඇති අතර, ඉන්පසුව එය ශ්‍රී ලංකාව,නේපාලය සහ, බංග්ලාදේශය විසින් අපත්‍යිකරණය කෙරිණි.ඉන්දියාවේ හා නේපාලයෙහි භාවිතා වන නේපාල භාෂාවෙහි සහ ඉන්දියාවෙහි සහ ශ්‍රී ලංකාවෙහි භාවිතා වන දෙමළ භාෂාවෙහි අක්ෂර වින්‍යාසයන් පිළිබඳ සුළු වෙනස් කම් ඇත. ඉන්දියාවෙහි සහ බංග්ලාදේශයෙහි භාවිතා වන බෙංගාලි බ්‍රේල් ක්‍රමවල සැලකිය යුතු වෙනසක් ඇති අතර, අක්ෂර කිහිපයක් වෙනස් බවක් දක්වයි. පකිස්තානය විසින් භාරතී බ්‍රේල් අපත්‍යීකරණය නොකරන ලද අතර, එබැවින් ඉන්දියාවෙහි භාවිතා වන උර්දු බ්‍රේල් ක්‍රමයෙන් සම්පූර්ණයෙන් වෙනස් හෝඩියක් පකිස්තානයේ භාවිතා කෙරෙන උර්දු බ්‍රේල් ක්‍රමය විසින් භාවිතා කරනු ලබන අතර, ඒවා අතර පොදු ලක්ෂණ පවතින්නේ ඉංග්‍රීසි හෝ ජාත්‍යන්තර බ්‍රේල් වෙතින් පොදු උරුමයක් පවතින බැවිනි. සිංහල බ්‍රේල් බොහෝ ලෙසින් භාරතී බ්‍රේල් හා අනුකූල වූවද, හෝඩියෙහි කෙළවරට වන්නට සැලකිය යුතු තරමට වෙනස් වන අතර එය පිළිබඳව වන ලිපියෙහි විස්තර සඳහන් කර ඇත.

භාරතී බ්‍රේල්
⠘⠜⠗⠀⠞⠔⠀⠈⠃⠗⠑⠇
වර්ගය
line-height:1.25em
භාෂාවිවිධ
පීතෘක ක්‍රම
රාත්‍රි ලේඛන ක්‍රමය
  • බ්‍රේල්
    • ඉංග්‍රීසි බ්‍රේල්
      • භාරතී බ්‍රේල්
දාරක ක්‍රම
  • බෙංගාලි බ්‍රේල්
  • දෙවනගිරි බ්‍රේල්
  • ගුජරාටි බ්‍රේල්
  • කණ්ණඩ බ්‍රේල්
  • මලයාලම් බ්‍රේල්
  • ඕරියා බ්‍රේල්
  • පංජාබි බ්‍රේල්
  • සිංහල බ්‍රේල්
  • තෙලුගු බ්‍රේල්
  • දෙමළ බ්‍රේල්
  • ඉන්දියානු උර්දු බ්‍රේල්

ආශ්‍රිත

  1. සිංහලයෙහි දේශීය-නොවන ශබ්ද කිහිපයක් පිළිබඳ නොගැළපීම් කිහිපයක් සමගින්
  2. "බ්‍රේල් චැප්ටර් VI" (PDF). සම්ප්‍රවේශය 2012-08-30.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    බටහිර ආසියාව

  • අප්‍රේල් 11, 2026

    ගාල්ල දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 07, 2026

    ජනිත් ඉද්දමල්ගොඩ

  • අප්‍රේල් 13, 2026

    Mount Fuji

  • අප්‍රේල් 05, 2026

    උපත් පාලනය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට