සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බුද්ධිසේන දයාරත්න වික්‍රම (දෙමළ: புத்தி விக்கிரம, ඉංග්‍රීසි: Buddhi Wickrama ; 19 ජනවාරි 1939 - 5 ජනවාරි 2023) සාමාන්‍ය වශයෙන් බුද්ධි වික්‍රම ලෙසින් හැඳින්වෙන,

බුද්ධි වික්‍රම

  • මුල් පිටුව
  • බුද්ධි වික්‍රම

බුද්ධිසේන දයාරත්න වික්‍රම (දෙමළ: புத்தி விக்கிரம, ඉංග්‍රීසි: Buddhi Wickrama ; 19 ජනවාරි 1939 - 5 ජනවාරි 2023) සාමාන්‍ය වශයෙන් බුද්ධි වික්‍රම ලෙසින් හැඳින්වෙන, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් විය. ඔහු වඩාත් කැපී පෙනෙන්නේ "තාරාදේවි", "දූ දරුවෝ" "සුසීමා" සහ "අඹ යහළුවෝ" රූපවාහිනී නාට්‍යවල රඟපෑ චරිත සඳහා ය.

බුද්ධි වික්‍රම
Buddhi Wickrama
උපත
බුද්ධිසේන දයාරත්න වික්‍රම

19 ජනවාරි 1939(1939-01-19)
ගාල්ල, ශ්‍රී ලංකාව
මරණය5 ජනවාරි 2023 (වයස 83)
හෝමාගම, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයහීනටිගල සාරිපුත්‍ර විද්‍යාලය
ගාල්ල මහින්ද විද්‍යාලය
වෘත්තියනළුවා
සක්‍රීය වසර1962–2016
Spouseඅයිරාංගනී වන්නකුකෝරාල (m. 1975)
දරුවන්කුෂ්ලානි වික්‍රම

පටුන

පෞද්ගලික ජීවිතය

ඔහු 1939 ජනවාරි 19 වන දින ශ්‍රී ලංකාවේ ගාල්ලේ හීනටිගලදී පවුලේ දෙවැනි දරුවා ලෙස උපත ලැබීය. ඔහුගේ පියා තැපැල් දෙපාර්තමේන්තුව සේවය කළේය. ඔහු හීනටිගල සාරිපුත්‍ර විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සහ මහින්ද විද්‍යාලය වෙතින් ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළේය. ඔහුට වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරියන් දෙදෙනෙක් සිටී. ඔංචිල්ලා පැද්දීමේදී එයින් ඇදවැටීමෙන් බුද්ධිගේ නළලෙන් ලේ එනවා දු‍ටු ඔහුගේ පියා එයින් ඇතිවූ හෘදයාබාධයකින් මිය ගියේය.

ඇය 1975 වසරේ සිට අයිරාංගනී වන්නකුකෝරාල සමඟ විවාහ වී සිටින අතර මෙම යුවළට කුෂ්ලානි නම් එක් දියණියක් සිටී. ඔහුට අයිරාංගනී මුණගැසෙන්නේ ඔවුන් දෙදෙනාම පිඟන් භාණ්ඩ සංස්ථාවේ සේවය කරන අතරතුරය.

2014 දී ඔහු බයිපාස් සැත්කමකට භාජනය විය. ඊට පස්සේ 2016 නාට්‍යයෙන් අයින් වුණා.ඊට පස්සේ තුවාලය සනීප වෙලා සෑහෙන කාලයක් බෙහෙත් කළා. නහර ගැට ගැසීම නිසා කකුල අවහිර වී ඔහු නැවත අසනීප වීමට පටන් ගත්තේය. ඔහුගේ දෙපා හිරිවැටුණු තැන වසර පහක පමණ කාලයක සිට මේ තත්ත්වය කෙමෙන් කෙමෙන් වර්ධනය වෙමින් පැවතුනු අතර වසර තුනහමාරක් පමණ කාලයක් වික්‍රම රෝද පුටුවකට සීමා විය. දිනක් ඔහු රෝද පුටුවට නැඟීමට යාමේදී බිත්තියක හැපීම නිසා උකුල් සන්ධිය විස්ථාපනය වූ අතර දැනට මාස හතරක පමණ කාලයක සිට ඔහු සම්පූර්ණයෙන්ම ඇඳට සීමා වී ඇත. ඒ වැටීමත් සමග කතා කිරීමත් අපැහැදිලි විය.

මේ අතර 2017 දී ඔහුට පාකින්සන් රෝගය වැළඳී ඇති බව හඳුනා ගන්නා ලදී.

වෘත්තීය ජීවිතය

ඔහු පාසල් කාලයේ විනී විතාරණ නිෂ්පාදනය කළ ‘‘අවුරුද්ද’’ වේදිකා නාට්‍යයේ රඟපෑවේය. ඉන්පසුව, ඔහු 1959 දී මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිර්මාණකරුවෙකු ලෙස සේවය කළ අතර එහිදී ඔහුට සහෝදර නළුවන් වූ ධම්ම ජාගොඩ, සැන්ටින් ගුණවර්ධන, ෂෙල්ටන් ද සිල්වා සහ මර්වින් ජයතුංග මුණ ගැසුණි. මේ කාලය තුළ ජී.ඩී.එල්. පෙරේරා ආරම්භ කළ "කලා පෙළ" නාට්‍ය කණ්ඩායම සමගද එක්වෙන ලදි. 1962 දී ඔහු ජී.ඩී.එල්. ගේ "මඟුල් මතේ" නාට්‍යයේන් වේදිකා නාට්‍යය ජීවිතය ආරම්භ කරන ලදි. ඉන්පසුව අන්දරේ, පරස්තාව, කාමරේ පොරේ, ජනේලය, තොටුපල, මෙහෙව් ලෝකයක්, කොන්තරේ, මනරංජන වැඩ වර්ජන, හොටබරි යුද්දේ, අපායේ අවුරුදු, සහ ශ්‍රී වික්‍රම වැනි වේදිකා නාට්‍ය රැසක ඔහු රඟ පෑවේය.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් අස්වී බුද්ධි පිඟන් භාණ්ඩ සංස්ථාවට බැඳුණි. ඔහුගේ අවසන් අවසන් වරට වේදිකාවේ රගපෑවේ ආර්. ආර් සමරකෝන්ගේ දූවිලි වේදිකා නාට්‍යයයි.

1964 දී ජී.ඩී.එල්. පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරන ලද "සාම" චිත්‍රපටයෙන් ඔහු සිය මංගල සිනමා රංගනයට පිවිසියේය. ඉන්පසුව 1967 දී ‘‘සැඩොල් කඳුළු’’ චිත්‍රපටයේ රඟපාන ලදි. මේ අතර, ඔහු විලේජ් බයි ද සී, වෝටර්, ගුඩ් මැරේජස් හා ද ග්‍රේටස්ට් ගිෆ්ට් වැනි විචාරාත්මක පැසසුම් ලද විදේශීය චිත්‍රපට සහ කතාමාලාවල ද රඟපෑවේ ය. ‘‘වැලිකතර’’ චිත්‍රපටයේ ගෝරින් මුදලාලිගේ මිතුරෙකු ලෙසත්, හාරලක්‍ෂය චිත්‍රපටයේ මංකොල්ලකාරයකු ලෙසත් ජනප්‍රිය චරිත ‍රැසක් ඔහු රඟපෑවේය.

1998 වසරේ ලුෂන් බුලත්සිංහල විසින් අධ්‍යක්ෂණය කරන ලද එක මවකගේ දරුවෝ කතාමාලාව හරහා ඔහුගේ ප්‍රථම රූපවාහිනී දර්ශනය විය. ඉන්පසු ඔහු දශක දෙකක් තුළ 'ගම් පෙරළිය', 'සුසීමා', සහ 'බව තරණ' වැනි රූපවාහිනී කතාමාලා 40 කට වැඩි ගණනකට පෙනී සිටියේය. ඔහුගේ අවසන් රූපවාහිනී දර්ශනය ලෙස 2012 දී ඔහු 'බව තරණ' ටෙලිනාට්‍යයේ රගපෑවේය. ඒ අතර “දූ දරුවෝ” ටෙලිනාට්‍යයේ පුන්සිරිගේ පියා ලෙස ඔහු කළ චරිතයත්, “අඹ යහළුවෝ” යොවුන් කතා මාලාවේ ‘කැඳලන්ද’ චරිතයත් විචාරක පැසසුමට හා ජනප්‍රියත්වයට පාත්‍ර විය.

මරණය

2023 ජනවාරි 5 වන දින වික්‍රම වයස අවුරුදු 73 දී අභාවප්‍රාප්ත වූ අතර මීට පෙර හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 17, 2026

    ගම්පෙරළිය (චිත්‍රපටය)

  • අප්‍රේල් 05, 2026

    මුටසීව රජු

  • අප්‍රේල් 08, 2026

    ඉබ්න බතූතා

  • අප්‍රේල් 09, 2026

    සාකච්ඡාව:වළි කුකුළා

  • අප්‍රේල් 20, 2026

    සාකච්ඡාව:මධ්‍යම ප්‍රතිපදාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට