සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පිටසක්වල ජීවින් යනු පෘථිවිය හැර විශ්වයේ වෙනත් ස්ථානවල ජීවත් වෙතැයි සැළකෙන උපකල්පිත ජීව විශේෂයන්‍ ය. සරල ප්‍රාග් න්‍යෂ්ටික ජීවින්ගේ සිට මිනිසා තරම් හෝ ඊට වඩා බුද

පිටසක්වල ජීවීන්

  • මුල් පිටුව
  • පිටසක්වල ජීවීන්

පිටසක්වල ජීවින් යනු පෘථිවිය හැර විශ්වයේ වෙනත් ස්ථානවල ජීවත් වෙතැයි සැළකෙන උපකල්පිත ජීව විශේෂයන්‍ ය. සරල ප්‍රාග් න්‍යෂ්ටික ජීවින්ගේ සිට මිනිසා තරම් හෝ ඊට වඩා බුද්ධිමත් ජීවින් විශ්වය තුල සිටීමට ඉඩ ඇත. ක්ෂීරපථය තුල ජීවත්වන බුද්ධිමත් ජීව විශේෂයන් ගණන තක්සේරු කිරීම සඳහා ඩ්‍රේක් සමීකරණය යොදාගැනේ. පිටසක්වල ජීවය ගැන සොයන විද්‍යාව තාරකා ජීව විද්‍යාව ලෙස හැඳින්වේ.

20 වන ශත වර්ෂයේ මැද භාගයේ සිටම පිටසක්වල ජීවය ඇත්දැයි සෙවීම සඳහා සක්‍රීයව පර්‍යේෂන සිදු කෙරුනි. පිටසක්වල ජීවින් (විශේෂයෙන්ම පිටසක්වල බුද්ධිය) ගැන සංකල්පය මිනිසාගේ සංස්කෘතියට විශාල බලපෑමක් එල්ල කර ඇත. වසර ගණනාවක් පුරා විද්‍යා ප්‍රබන්ධ මගින් පිටසක්වල ජීවීන් විවිධාකාරයෙන් දක්වා ඇත. පිටසක්වල ජීවය සමග සන්නිවේදනය කිරීමට උත්සාහ කිරීම ප්‍රඥාවන්ත ක්‍රියාවක්ද යන්න දැඩි ලෙස විවාදයට ලක්වන කරුණකි. එක් පාර්ශවයක් පිටසක්වල ජීවින් සමග කෙසේ හෝ සම්බන්ධයක් ඇති කර ගත යුතු යැයි පවසන අතර අනෙක් පාර්ශවය තර්ක කරනුයේ පිටසක්වල ජිවින්ගේ අවධානය පෘථිවියට ලබාගැනීම අනතුරුදායක විය හැකි බවයි. තාක්ෂණිකව දියුණු මිනිස් සමාජයන් වීසින් නොදියුණු සමාජයන් විනාශයට පත් කළ ආකාරයටම, දියුණු පිටසක්වල ශිෂ්ඨාචාරයක් ද මිනිසුන්ට සළකනු ඇතැයි ඔවුන් හේතු දක්වති.

පිටසක්වල ජීවීන් සෙවීමට කරන ලද ව්‍යාපෘති

සෙටී ව්‍යාපෘතිය (SETI- Search for Extraterrestrial Intelligence)

ප්‍රධාන ලිපිය: සෙටී

මෙය 1961 දී තාරකා විද්‍යාඥයන් හා රේඩියෝ ඉන්ජිනේරුවන් පිරිසක් විසින් පිටසක්වල බුද්ධිමත් ජීවීන් සෙවීම අරමුණු කොටගෙන පැවැත්වූ සමුලුවක ප්‍රතිඵලයකි. ෆ්රෑන්ක් ඩ්රේක් නම් විද්‍යාඥයා තම පිටසක්වල ජීවීන් සෙවීමේ සමීකරණය ප්‍රථම වරට ඉදිරිපත් කළේ මෙම සමුලුවේදීය.

ප්‍රධාන ශාඛා

  • ෆීනික්ස් (PHEONIX)
  • බෙටා (BETA-Billion channel Extra Terrestrial Assay)
  • මෙටා (META-Million channel Extra Terrestrial Assay)
  • සෙරන්ඩිප් (SERENDIP-Search for Extraterrestrial Radio Emissions from Near by Developed Inteligent Populations)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 15, 2026

    ඩිලාන් පෙරේරා

  • මාර්තු 31, 2026

    රූපවාහිනිය

  • අප්‍රේල් 07, 2026

    Harmonic oscillator

  • අප්‍රේල් 22, 2026

    තිස්ස රජ

  • අප්‍රේල් 19, 2026

    Narendra Modi

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට