තේබොං 태봉 (泰封) | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| 901–918 | |||||||||
![]() ක්‍රි.ව. 915 තේබොං එහි උච්චස්ථානයේ. | |||||||||
| අගනුවර | සොන්ගක් (901–905), චොල්වොන් (905–918) | ||||||||
| පොදු භාෂාවන් | කොරියානු | ||||||||
| ආගම | කොරියානු බුදු දහම, කොරියානු කොන්ෆියුසියානුවාදය, කොරියානු තාඕවාදය, කොරියානු ශාමන්වාදය | ||||||||
| රජය | රාජාණ්ඩුව | ||||||||
| රජ | |||||||||
• 901–918 | ගුං යේ | ||||||||
| ඉතිහාසය | |||||||||
• ස්ථාපනය | 901 | ||||||||
• බිඳවැටීම | 918 | ||||||||
| |||||||||
| වර්තමානයේ මෙය අයත් වන්නේ | |||||||||
| තේබොං | |
| හංගුල් | 고려 (901–904) 마진 (904–911) 태봉 (911–918) |
|---|---|
| හන්ජා | 高麗 (901–904) 摩震 (904–911) 泰封 (911–918) |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | ගොර්යෝ (901–904) මාජින් (904–911) තේබොං (911–918) |
| මැකූන්–රයිෂවර් | කොර්යෝ (901–904) මාජින් (904–911) තේබොං (911–918) |
| කොරියාවේ ඉතිහාසය | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||
| ප්රාග්ඓතිහාසික | ||||||||
| ||||||||
| ඓතිහාසික | ||||||||
| ||||||||
| ප්‍රාක්-තුන් රාජධානි | ||||||||
| ||||||||
| තුන් රාජධානි | ||||||||
| ||||||||
| උතුරු-දකුණු රාජ්‍ය | ||||||||
| ||||||||
| පසුකාලීන තුන් රාජධානි | ||||||||
| ||||||||
| ඒකීය රාජවංශ සමය | ||||||||
| ||||||||
| යටත්විජිත යුගය | ||||||||
| ||||||||
| කොරියාව බෙදීම | ||||||||
| ||||||||
| මාතෘකා අනුව | ||||||||
| ||||||||
| කාලරේඛාව | ||||||||
| | ||||||||
තේබොං (හංගුල්: 태봉;හන්ජා: 泰封; ප්‍ර.රෝ.: Tebong; කොරියානු උච්චාරණය: [tʰɛ.boŋ]) යනුවෙන් හැඳින්වෙන්නේ පසුකාලීන තුන් රාජධානි යුගයේ ක්‍රි.ව. 901දී ගුං යේ (හන්ජා: 弓裔) විසින් කොරියානු අර්ධද්වීපය තුළ පිහිටුවූ රාජ්‍යයකි.
නම
මෙම රාජ්‍යයේ මුල් නාමය ගොර්යෝ යන්නයි. එය ක්‍රි.ව. 5වන සියවසේ සිට මැංචූරියාවේ සහ උතුරුදිග කොරියානු අර්ධ්ද්වීපයේ පැතිර තිබූ ගොගුර්යෝ නැමැති රාජධානියේ නිල නාමය අනුව යෙදූවකි. 904දී ගුං යේ විසින් සිය රාජ්‍යයේ නම මාජින් ලෙස වෙනස් කරන ලදී අවසානයේ 911දී එය තේබොං ලෙස වෙනස් කරන ලදී. වං ගොන් විසින් ගුං යේව සිහසුනෙන් පහකොට ගොර්යෝහි තේජෝ ලෙස සිහසුනට පත්වූ අතර, ඔහු විසින් රාජ්‍යයේ මුල් නාමය වූ “ගොර්යෝ” යන්න යළි ස්ථාපනය කරන ලදී.
ගුං යේගේ රාජ්‍යය, වං ගොන්ගේ රාජ්‍යයෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා පසුකාලීන ඉතිහාසඥයින් විසින් මෙම රාජධානිය පසුකාලීන ගොගුර්යෝ (හුගොගුර්යෝ) හෝ එහි අවසන් නාමය වූ තේබොං ලෙස හඳුන්වනු ලබයි.
ඉතිහාසය
පුරාවෘත්ත අනුව, ගුං යේ යනු හොනාන් රජුගේ හෝ සිල්ලාහි ග්යොංමුන් රජුගේ පුත්‍රයෙකි. දෛවඥයකු විසින් මෙම අලුත උපන් දරුවා සිල්ලාවට විනාශය රැගෙන එන බවට අනාවැකි පලකළ හෙයින්, රජු මෙම දරුවා මරාදැමීමට සිය සේවකයින්ට අණ කරන ලදී. කෙසේනමුත් ඔහුගේ හෙදිය ගුං යේව සඟවා, රහසේම ඇති දැඩි කළා ය. 892දී ඔහු යැං ගිල්ගේ කැරලි හමුදාවට එකතු විය. මේ වනවිට සහස්‍රයකට ආසන්න කාලයක් මධ්‍යගත රාජධානියක්ව පැවති සිල්ලාව ක්‍රමයෙන් පරිහානියට පත් වන්නට පටන් ගෙන තිබිණි. ගුං යේ විසින් ඔහුගේම කැරැල්ලක් ආරම්භ කොට සොන්ගක්හි දී වං ගොන්ගේ හමුදාව යටත් කරගන්නා ලදී. 898දී ඔහු සොන්ගක් ප්‍රදේශයේ සිය අගනුවර පිහිටුවී ය. යැං ගිල් සහ මධ්‍යම කොරියාවේ විසූ සෙසු යුධ ප්‍රධානීන් ක්‍රමයෙන් පරාජය කළ ඔහු 901දී තමන්ව රජු ලෙස හඳුන්වා ගත්තේ ය.
905දී ගුං යේ සිය අගනුවර සොන්ගක් සිට චෝල්වොන් වෙත ගෙනගියේ ය. තේබොං රාජ්‍යය එහි උච්චස්ථානයට පත්ව සිටි සමයේ එයට වර්තමාන උතුරු සහ දකුණු හ්වංහේ, ග්යොංගි, ගංවොන්/කංවොන්, ප්යොංග්යෑං, උතුරු චුංචොං යන පළාත් සහ දකුණු ජොල්ලා පළාතේ දකුණු ප්‍රදේශය ද අයත්ව පැවතිණි.
සිය අවසන් දිනවල, ගුං යේ තමන් බුදුවරයකු බව ප්‍රකාශ කළ අතර, ඔහු කෲර පාලකයකු ලෙස කටයුතු කළේ ය. ඔහු තමන්ට විරුද්ධ ඕනෑම අයකු මරා දැමීමට පසුබට නොවී ය. ඔහු සිය භාර්යාව වූ ගං ආර්යාව පවා මරාදැමූයේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස 918දී ඔහුගේ සෙන්පතීන් සිව් දෙනකු වූ හොං යු (හන්ජා: 洪儒), බේ හ්යොන්-ග්යොං (හන්ජා: 裵玄慶), ෂින් සුං-ග්යොම් (හන්ජා: 申崇謙) සහ බොක් ජි-ග්යොම් (හන්ජා: 卜智謙) යන අය විසින් තේබොං රාජ්‍යය බලයෙන් පහකොට වං ගොන්ය සිහසුනට පත්කළේ තේජෝ රජ යන නාමයෙනි.
ඉන් මඳ කලකට පසු ගොර්යෝව ස්ථාපනය කෙරිණි. තේබොං රාජ්‍යය ගොර්යෝව සංස්කෘතිය කෙරෙහි බලපෑවේ ය. ගුං යේ මුලින් බෞද්ධ භික්ෂුවකව සිටි අයෙකි. ඔහු බුදු දහමට අනුග්‍රහ දැක්වූ අතර, ජාතික උත්සවවල මුහුණුවර බෞද්ධ මුහුණුවරක් ලැබෙන පරිදි වෙනස් කළේ ය. මේ අතරට පල්ග්වන්හොයි (팔관회, 八關會) සහ සොක්ද්‍යුංනොං (석등롱, 石燈籠) අයත් වේ. ඔහු විසින් සිදුකළ එම වෙනස්කම් ගුං යේගේ මරණින් පසුව සහ තේබොංහි බිඳ වැටීමෙන් පසුව පවා ක්‍රියාත්මක විය.
මේවාත් බලන්න
- කොරියාව හා සම්බන්ධ මාතෘකා ලැයිස්තුව
- කොරියාවේ ඉතිහාසය
- 918 අහෝසි කිරීම්
- නැගෙනහිර ආසියාව තුළ පෙර පැවති රටවල්
- කොරියානු ඉතිහාසයේ පැරණි රටවල්
- කොරියාවේ ඉතිහාසය
- 901දී ස්ථාපිත රටවල් සහ භූමි
