සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විශ්වය පිළිබඳ පිරික්සා බැලිය හැකි, විස්තර කිරීම් සහ අනාවැකි පළ කළ හැකි ආකාරයේ වන්නාවූ දැනුම බිහිකරණ සහ සංවිධිත කරණ සහ ක්‍රමවත් කර්තව්‍යය නවීන විද්‍යාව හෙවත් බටහ

නවීන විද්‍යාව

  • මුල් පිටුව
  • නවීන විද්‍යාව

විශ්වය පිළිබඳ පිරික්සා බැලිය හැකි, විස්තර කිරීම් සහ අනාවැකි පළ කළ හැකි ආකාරයේ වන්නාවූ දැනුම බිහිකරණ සහ සංවිධිත කරණ සහ ක්‍රමවත් කර්තව්‍යය නවීන විද්‍යාව හෙවත් බටහිර විද්‍යාව නම් වේ. විද්‍යාව යනු භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව හා තාරකා විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රවල එකතුවකි.

විශ්වයේ පරිමාණයන් විද්‍යාවේ ශාඛා වලට අනුරූපණය කර ඇති අන්දම.

නවීන විද්‍යාව හෙවත් බටහිර විද්‍යාව යනු සාක්ෂි සහිතව ගොඩනැගූ/ගොඩනගන ඕනෑම දැනුම් සම්භාරයක එකතුවකි. එ නම් විද්‍යාව සෑදී ඇත්තේ ග්‍රහණය කරගත හැකි කරුණු සහ පරීක්ෂණ මත පදනම් වීමෙනි. සයන්රී යන ලතින් වචනයෙන් සයන්ස් යන වචනය බිහිවිය. එහි අරුත බුද්ධිය යන්න යි. සයන්ස් හෙවත් විද්‍යාව යනු මේ විශ්වය කෙසේ ක්‍රියා කරන්නේ ද? යන්න පැවසීම යි. එසේත් නැත්නම් විශ්වය පිලිබඳව කරන ගවේෂණයෙන් ලබාගන්නා දැනුම යි. විද්‍යාත්මක දැනුම රැස් කිරීමේ දී පිළිපදින්නේ විද්‍යාත්මක ක්‍රමය යි.

විද්‍යාව මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරයි. එ නම්,

  • ඔප්පු කරන ලද විද්‍යාව
  • උපකල්පන විද්‍යාව

විද්‍යාත්මක උපකරණ උපයෝගී කරගෙන පර්යේෂණ මගින් ඔප්පු කරගත් දෑ පළමු වර්ගයට අයත් වේ. උපකල්පන විද්‍යාව යන්න ඔප්පු කරන ලද දෑ නොවේ. ඒවා උපකල්පන පමණි. මේවා කාලයත් සමග සත්‍ය වීමට ද හැක, අසත්‍ය වීමට ද හැක. උදාහරණයකට, මෙම පෘථිවිය ගෝලාකාරයි යන්න ඔප්පු කළ දෙයකි. එය පළමු වර්ගයට අයත් වේ. විශ්වයේ බිහිවීම පිලිබඳව පැවසීමේ දී, මෙම විශ්වය බිහිවුයේ කෙසේද? එහි වයස කීයද? යන්න පැවසීම ඔප්පු කළ දෙයක් නොවේ. ආරම්භයේ නෙබියුලා “Nebulae” යැ යි පවසන ආකාරයේ පැවැති වස්තුව පිපිරීමෙන් තරු බිහිවූ බවත්, එම තරු පිපිරීමෙන් ග්‍රහ වස්තු බිහිවූ බවත්, එම ග්‍රහයේ උපග්‍රහයන් වන චන්ද්‍රයන් බිහිවූ බවත්, පැවැසිණි. පසුව මෙය සම්පූර්ණයෙන් වැරදි බවත් ග්‍රහයින් සුර්යයා ඇති නොවූ බවත් සුර්යයාත්, ග්‍රහයිනුත්, චන්ද්‍රයාත් සහ අනිකුත් ග්‍රහ වස්තු සියල්ලත් එකවිට ඇතිවූ බවත් පැවැසිණි. මෑතක් වනතුරු පැවැසුණේ “විශ්වය සදාකල් පැවැති බවත් ඉදිරියටත් එ සේ ම සදාකල් පවතින බවත්” ය. මෙය නොසැලෙන අවස්ථාවාදය “Steady state theory” නමින් හැඳින්විණි. පසුව එය ප්‍රතික්‍ෂේප වී මහා පිපිරුම් වාදය “Big bang theory” ඉදිරිපත් කැරිණි. මේ වනතුරු මෙම වාදයන් ඔප්පු කොට නැත. මේවා උපකල්පන පමණි. මෙය දෙවෙනි වර්ගයට අයත් වේ.

පටුන

විද්‍යාවේ ඉතිහාසය

මූලික ලිපිය: නවීන විද්‍යාවේ ඉතිහාසය

විද්‍යාව යන යෙදුම

Science යන ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්තනය ලෙස ක්‍රි.ව. 1850 පමණ සිට සිංහල වචනය ලෙස නවීන විද්‍යාව යන්න යොදා ගැනිණි. පසුව ක්‍රමයෙන් නවීන යන්න යෙදීම අඩුවිය. විද්‍යව හෙවත් විජ්ජා යන්නට බුදු දහමේ සහ නිවැරදි සිංහල තේරුම එයින් විකෘති විය. Science යන වචන‍යේ නිවැරදි පරිවර්තනය වේද විය යුතුව තිබිණැ යි සමහර වියත්තු සඳහන් කරති. ‍මෙම ගැටළුව නිරාකරණය පිණිස සයන්ස් හෝ බටහිර-විද්‍යාව යන යෙදුම් මෙහි භාවිතා කෙරේ. මීට අමතර ව Science යන ඉංග්‍රීසි වදන සඳහා මුනිදාස කුමාරතුංග[තහවුරු කර නොමැත] නිර්මාණය කළ සොයුන නම් යෙදුමක් ද වෙයි.

සයන්ස් යන යෙදුම

විද්‍යාත්මක ක්‍රමය

මූලික ලිපිය: විද්‍යාත්මක ක්‍රමය

විද්‍යාත්මක ක්‍රමය (හෙවත් නවීන විද්‍යාත්මක ක්‍රමය) යනු පවතින දැනුමක් නිවැරදි කිරීම, පවතින දැනුම ඒකාබද්ධ කිරීම හෝ නව දැනුම නිර්මාණය කිරීම පිණිස යම් සංසිද්ධියක් විමර්ෂණය කිරීම පිණිස යොදාගන්නා නවීන විද්‍යාත්මක ශිල්පක්‍රම වල එකතුවයි. ගැටළුව හොඳින් සොයා බලලා නිසි පදනමක් ඇතිව, තාර්කිකව පිළිතුරක් ලබාගන්න ක්‍රමයකි. බොහොමයක් විද්‍යාත්මක පරීක්ෂණ වලට භාවිතා කරනු ලබන්නේ මේ ක්‍රමයයි. විද්‍යාත්මක ක්‍රමය යම් ගැටළුවක් තාර්කිකව විසඳා ගැනීමටත් නිරවද්‍යතාවයෙන් ඉහළ පිළිතුරු ලබාගැනීමටත් ඉතා හොඳ දර්ශකයකි. ගැටළුව විසඳා ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග විද්‍යාත්මක ක්‍රමය මගින් පියවරින් පියවර සපයනු ලැබේ.

විද්‍යාවේ දර්ශනය

 
Velocity-distribution data of a gas of rubidium atoms, confirming the discovery of a new phase of matter, the Bose–Einstein condensate.
මූලික ලිපිය: විද්‍යාවේ දර්ශනය

විද්‍යාත්මක ප්‍රජාව

මූලික ලිපිය: විද්‍යාත්මක ප්‍රජාව

ක්ෂේත්‍ර

 
The Meissner effect causes a magnet to levitate above a superconductor
මූලික ලිපිය: විද්‍යාවෙහි ක්ෂේත්‍ර

ආයතන

 
Louis XIV visiting the Académie des sciences in 1671.

ආශ්‍රිත

  1. Goldhaber & Nieto 2010, p. 940 harvnb error: no target: CITEREFGoldhaberNieto2010 (help)
  2. "[4] Rules for the study of natural philosophy", Newton transl 1999, pp. 794–6 harvnb error: no target: CITEREFNewton_transl1999 (help), after Book 3, The System of the World.
  3. Oxford English Dictionary – entry for scientific.

ආශ්‍රිත ලිපි

  • නවීන විද්‍යාත්මක ක්‍රමය
  • නවීන විද්‍යාවට අනුකූල නොවන දැණුම සහ ශිල්ප
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    Western Australia

  • අප්‍රේල් 06, 2026

    බුදු පිළිම

  • අප්‍රේල් 04, 2026

    පොදු යුගය

  • අප්‍රේල් 08, 2026

    වැසි වනාන්තර

  • අප්‍රේල් 07, 2026

    රාජරාජ චෝළ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට