සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

නයනතාරා වික්‍රමාරච්චි ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ සම්මානලාභී නිළියකි.ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නිළියක් වන ඇය රයිගම් ටෙලීස් හි අඛණ්ඩව වසර තුනක් තුළ

නයනතාරා වික්‍රමාරච්චි

විකිපීඩියා වෙතින්
නයනතාරා වික්‍රමාරච්චි
උපතජනවාරි 22, 1998 (1998-01-22) (වයස 28)
අධ්‍යාපනයසඳලන්කා මහා විද්‍යාලය
මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය, වැලිවේරිය
වෘත්තියනිලියක්
සක්‍රීය වසර2015-සිට වර්තමානය

නයනතාරා වික්‍රමාරච්චි ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ සම්මානලාභී නිළියකි.ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නිළියක් වන ඇය රයිගම් ටෙලීස් හි අඛණ්ඩව වසර තුනක් තුළ වඩාත් ජනප්‍රිය නිළියට හිමි සම්මානය දිනාගනු ලැබීය.ඇය සුමති සම්මාන උළෙලේදී එක්වරක් ද,ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී අඛණ්ඩව 5 වතාවක් ද ජනප්‍රිය නිළියට හිමි සම්මානය ලබාගත්තාය.

පෞද්ගලික ජීවිතය

නයනතාරා වික්‍රමාරච්චි 1998 ජනවාරි 22 වන දින උපත ලැබුවේ පවුලේ දෙවන දරුවා ලෙසයි.ඇයට වැඩිමහල් සොහොයුරියක් සිටියි. මව සමන්ති සඳනායකය.සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඇය පසුව වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාවට ඇතුළත් වී අපොස සාමන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ හදාරන ලදී.

වෘත්තිය

රංගනය ආරම්භ කිරීමට පෙර ඇය ධර්මාජිත් පුනර්ජීව විසින් මෙහෙයවන ලද මායාශක්ති රංග ශිල්ප ශාලිකාවේ රංගනය හැදෑරුවාය. ඇය ප්‍රථම වරට ප්‍රසිද්ධ වේදිකාවේ බර්ටෝල් බ්‍රෙස්ට් අනුවර්තනයේ රැගෙන් අවි මමද එමි ඇයට වේදිකාවට කාලය වෙන් කර ගැනීමට අවස්ථාවක් නොලැබුණි.

ඇය රංගන දිවිය ආරම්භ කළේ 2015 දී ජයප්‍රකාශ් සිවගුරුනාදන් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනි විසින් විකාශය කරන ලද හන්සා පිහාටු නම් ටෙලි නාට්‍යයෙනි.ඉන්පසු ඇය මීදුමෙන් එහා, එරන් ලන්ඳු සහ ප්‍රාණ වැනි බොහෝ කතා මාලාවල පෙනී සිටියාය.කෙසේ වෙතත්, රූපවාහිනියේ ඇයගේ සුවිශේෂී රංගනය පැමිණියේ රූපවාහිනී දෙරණ විසින් විකාශනය කරන ලද දෙවනි ඉනිම විසිනි."දේව්මි" ලෙස ඇයගේ භූමිකාව බෙහෙවින් ජනප්‍රිය වූ අතර ඇයගේ භූමිකාව වෙනුවෙන් දේශීය සම්මාන උළෙලවල් කිහිපයකදීම ඇය වඩාත් ජනප්‍රිය නිළිය සඳහා වන සම්මානය දිනා ගත්තාය.

2017 දී රයිගම් ටෙලී සම්මාන හා සුමති සම්මාන උළෙලේදී වඩාත් ජනප්‍රිය නිළියට හිමි සම්මානය වික්‍රමාරාචි දිනා ගත්තේය.

2018 සහ 2019 දී SLIM - නීල්සන් පීපල්ස් සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම නිළිය ලෙස සම්මානය දිනා ගත්තාය.

ඇය ප්‍රථම වරට එළිදැක්වූ චිත්‍රපටය අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද 2018 චිත්‍රපටය වන එක දවසක අපි ය.ඇගේ මංගල සිනමා අත්දැකීම් මා අනුරුද්ධ ජයසිංහ චිත්‍රපටය හරහා ලැබුණි.

ටෙලි නාට්‍යයන්

සම්මාන

වසර සම්මාන උලෙළ ප්‍රභේදය නිර්දේශ වූ නිර්මාණය ප්‍රතිඵලය
2016 රයිගම් ටෙලි සම්මාන ජනප්‍රියම නිළිය දෙවෙනි ඉනිම දිනාගති
2017 රයිගම් ටෙලි සම්මාන ජනප්‍රියම නිළිය දෙවෙනි ඉනිම දිනාගති
2017 සුමති සම්මාන ජනප්‍රියම නිළිය දෙවෙනි ඉනිම දිනාගති
2018 රයිගම් ටෙලි සම්මාන ජනප්‍රියම නිළිය දෙවෙනි ඉනිම දිනාගති
2018 SLIM - නීල්සන් පීපල්ස් සම්මාන වසරේ ටෙලිනාට්‍ය නිළිය දෙවෙනි ඉනිම දිනාගති
2019 හත්වන දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල නැඟි එන නිළිය දිනාගති
2019 SLIM - නීල්සන් පීපල්ස් සම්මාන වසරේ ටෙලිනාට්‍ය නිළිය දෙවෙනි ඉනිම දිනාගති

ආශ්‍රිත

  1. "TV Derana wins multiple Raigam Tele'es awards". TVDerana. සම්ප්‍රවේශය 27 February 2018.
  2. "හත්වන දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල මෙවරත් තරු රැසක් අභිෂේක ගන්වයි". adaderana.lk/. 29 June 2019. සම්ප්‍රවේශය 26 February 2020.
ඉහළට