සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මෙම රාජවංශයෙන් නිර්මාණය කරන ලද්දේ ඊට පෙර පැවති ශිෂුනාග රාජවංශයට අයත් රජෙකු වු මහානන්දින් රජුගේ අනියම් පුත්‍රයෙකු විසිනි. ඔහු මහා පද්ම නන්ද වු නම් වු අතර මෙම රාජ

නන්දා රාජවංශය

  • මුල් පිටුව
  • නන්දා රාජවංශය

මෙම රාජවංශයෙන් නිර්මාණය කරන ලද්දේ ඊට පෙර පැවති ශිෂුනාග රාජවංශයට අයත් රජෙකු වු මහානන්දින් රජුගේ අනියම් පුත්‍රයෙකු විසිනි. ඔහු මහා පද්ම නන්ද වු නම් වු අතර මෙම රාජ වංශයේ වසර 100 ක පාලන කාලයෙන් වැඩි කොටසක් ඔහු විසින් පාලනය කරන ලදී. ඔහු මිය යන විට වයස අවුරුදු 88 ක් විය. නන්ද රාජ වංශයේ අවසානයත් සමග මෞර්ය රාජවංශය ආරම්භ විය.

මෞර්ය රාජවංශය

මෙහි දැක්වෙන්නේ මෞර්ය රාජවංශය එහි උච්චතම අවධියේ පැතිරි තිබු ආකාරයයි.

ක්‍රි.පු. 321 දී පිටුවහල් කරන ලද හමුදා ජනරල් වරයෙකු වු චන්ද්‍රගුප්ත මෞර්ය විසින් මෞර්ය රාජ වංශය ආරම්භ කරන ලද අතර ඔහු විසින් එවකට පාලකයාව සිටි නන්ද රාජ වංශික දාන නන්ද රජු සිහසුනෙන් පහ කොට මෞර්ය අධිරාජ්‍ය ආරම්භ කළේය. මෙම කාලය තුළදී ඉන්දියා උප මහද්වීපයෙන් වැඩි කොටසක් පළමුවරට තනි රාජ්‍යයක පාලනයට නතුවිය. මේ අතර පර්සියානු සහ ග්‍රීක බලපෑම් හේතුවෙන් උතුරු ඉන්දියාව අස්ථාවරවීම තම වාසියට හරවා ගත් චන්ද්‍ර ගුප්ත තම පාලන සමය තුළ දී මෞර්ය අධිරාජ‍්‍යයේ දේශ සීමාවන් පර්සියාව සහ මධ්‍යම ආසියාව දක්වා ව්‍යාප්ත කිරීමට සමත්විය. මේ ඔස්සේ ඔහු ඉන්දියානු උප මහද්වීපයෙන් වැඩි කොටසක් ද ගන්ධාරා ප්‍රදේශය ද තම පාලනයට නතු කර ගැනීමට සමත්විය. චන්ද්‍ර ගුප්තට පසුව ඔහුගේ පුත් බින්දුසාර සිහසුනට පත්වු අතර ඔහු තම රාජධානිය වර්ථමාන ඉන්දියාවේ බහුතර ප්‍රදේශයක් ආවරණය වන සේ පැතිරවීමට සමත් වු අතර ඔහුට තම රාජධානියට ඇදාගත නොහැකි වූයේ වර්තමාන ඉන්දියාවේ වඩාත්ම දකුණින් සහ නැගෙනහිරින් පිහිටි ප්‍රදේශ පමණි.


මෙහි දැක්වෙන්නේ එහි උපරිම තත්ත්වයේදී නන්දා අධිරාජ්‍යයේ පැතිරීමයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 16, 2026

    එච්.එම්. ජයවර්ධන

  • අප්‍රේල් 20, 2026

    මහවිලච්චිය වැව

  • අප්‍රේල් 10, 2026

    දේශපාලන මතවාදයන්ගේ ලැයිස්තුව

  • අප්‍රේල් 07, 2026

    මධුර චාරිකා

  • අප්‍රේල් 03, 2026

    මහනුවර රාජධානිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට