සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ධම්මපදය (පාලි; ප්‍රාකෘත: धम्मपद ධමපද; සංස්කෘත; धर्मपद ධර්මපද) යනු බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී දේශනා කොට වදාළ ගාථාවන්ගේ සංග්‍රහයකි.ථේරවාද ත්‍රිපිටක

ධම්මපදය

  • මුල් පිටුව
  • ධම්මපදය
මෙම ලිපිය හෝ ලිපි කොටස ධම්මපද සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)

ධම්මපදය (පාලි; ප්‍රාකෘත: धम्मपद ධමපද; සංස්කෘත; धर्मपद ධර්මපද) යනු බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී දේශනා කොට වදාළ ගාථාවන්ගේ සංග්‍රහයකි.ථේරවාද ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායට අයත්වන ධම්මපදය පෙළ දහමේ ජනප්‍රියතම ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකිය.

ධම්මපද යනු ධර්ම පාඨ ඇතුළත් කාව්‍යමය ලක්ෂණවලින් යුතු ථෙරවාදී බුද්ධාගමේ ඉතා ප්‍රසිද්ධ සහ ජනප්‍රිය කෘතියකි. මෙය ඛුද්දක නිකායෙහි අන්තර්ගතය.

බොහෝ ගාථාවන් ධර්ම කරුණු හා සම්බන්ධය. පාලි ධර්ම ග්‍රන්ථයන්හි කොටස්වල ගාථාවලින් භාගයක් පමණ දක්නට ලැබෙන්නේ වුවද, ධම්මපද යනු සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ කොටසකි. හතරවැනි හෝ පස් වැනි සියවසේ බුද්ධඝෝෂ හිමි විසින් අර්ථකථන දක්වා ඇත. එහි ගාථාවල අර්ථය පැහැදිලි කරන කථා 305 ක් අඩංගු වේ.

ධම්මපදයෙහි බොහෝ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පාලි මුද්‍රණය වුවද වෙනත් භාෂා අනුවාද ද ඇත.

  • ඛරෝස්ති අකුරෙන් ලියන ලද ධර්ම ගුප්තක අනුවාදය.
  • ලෝකෝත්තරවාද අනුවාදයක කොටස්.
  • පැට්නා ධර්මපද නමින් හැඳින්වෙන බෞද්ධ සංස්කෘත මිශ්‍ර භාෂාවකින් කරන ලද සම්මතිය අනුවාදය.
  • උදාන වර්ග වශයෙන් දන්නා මූල - ශ්‍රාවස්තිවාද ග්‍රන්ථවලට සම්බන්ධයයි.
  • සංස්කෘත අනුවාද තුනක්
  • ටිබෙට් පරිවර්තනයක්.මෙය ටිබෙට් සාම්ප්‍රදායික බුදු දහමෙහි ජනප්‍රියව පවතී.
  • චීන කෘතීන් 4 ක් - ෆජ්යු ජින් යනුවෙන් නම් කර ඇත. මෙයින් එකක්පාලි අනුවාදයෙහි විශාල කරන ලද පරිවර්තනයක් බව පෙනේ. මෙය සාම්ප්‍රදායික වශයෙන් ජනප්‍රිය වී නැත.

පටුන

ගාථා ගණන සහ වස්තු කතා

ධම්මපදයේ සංගෘහිත ගාථා 423 කි. ඒ බව මෙහි නිගමන ගාථාවල ගාථා සතානි චත්තාරි තෙ වීස ච පුනා පරෙ යන්නෙන් පෙනේ. එහෙත් පස්වැනි කාශ්‍යප රජුගේ (ව්‍යවහාරික වර්ෂ 913) දම්පියා අටුවා ගැටපදයේ ඇත්තේ ගාථා 422 කි. මෙහි එන පාද සයේ ගාථාවල පේලි හුවමාරු වීමෙන් මෙසේ වුණි යැයි මතයක් පවතී. සියම් හා මරම්ම පොත් අනුවද ගැණෙන්නේ ගාථා 422 කි. පස්වැනි කාශ්‍යප රජුට අනුව ගාථාවන්ගේ අර්ථෝප්පත්ති කතා ඇත්තේ 300 කි. පඤ්චාධිකානි තීණි වත්ථු සතානි ලෙස බුරුම ධම්මපද නිගමන වලින් කතා 305 ක් ඇති බවක් කියැවෙයි. ලංකාවේ ධම්මපදට්ඨකථා නිගමනයේ සඳහන් වන්නේ කතා 304 කි. එකුණානි තීණි වත්ථු සතානි යනුවෙන් එහි සඳහන් වේ. වම්බටුවැවේ ධර්මකීර්ති ශ්‍රී ශ්‍රීනිවාස හිමියන් විසින් සම්පාදිත ධර්මපද ප්‍රදීපය ග්‍රන්ථයේද මෙසේ සඳහන් වේ.

සංවිධානය වී ඇති පිළිවෙල

පාලි ධම්මපදයෙහි ගාථා 423 ක් ඇතුළත් වේ. පරිච්ඡේද 26 කි. ඒවා පාලි භාෂාවෙන් පහත පරිදි වේ.

i.යමක වග්ග - යුගල වර්ගය
ii.අප්පමාදවග්ග - අප්‍රමාද බව
iii.චිත්තවග්ග - සිතිවිලි
iv.පුෂ්ඵ වග්ග - මල්
v.බාල වග්ග - මෝඩ
vi.පණ්ඩිත වග්ග - ඥාණවන්ත
vii.අරහන්ත වග්ග - පූජනීය
viii.සහස්ස වග්ග - දහස්
ix.පාප වග්ග - පව
x.දණ්ඩ වග්ග - දඬුවම්
xi.ජරා වග්ග - මහලු
xiiඅත්ථ වග්ග - තමාම
xiiiලෝක වග්ග - ලෝකය
xiv.බුද්ධ වග්ග - බුදුන් (උධෘත බලන්න)
xv.සුඛ වග්ග - සැප
xvi.පිය වග්ග - සතුට
xvii.කෝධ වග්ග - තරහ

xviii මළ වග්ගය

xixධම්ම වග්ග - යුක්තිය
xx.මාග්ග වග්ග - මාර්ගය
xxiපකීර්ණක වග්ග - විවිධ
xxiiනිරය වග්ග - අපාය
xxiiiනාග වග්ග - ඇතා

xxivතණ්හා වග්ග - තණ්හාව

xxvභික්ඛු වග්ග - භික්ෂූන්
xxviබ්‍රාහ්මණ වග්ග - බමුණන්

උපුටා ගැනීම්

පහත ඉංග්‍රීසි පරිවර්තන මුලර් (1881) ගේ ය. පාලි පාඨය ශ්‍රී ලංකා ත්‍රිපිටක ව්‍යාපෘති (SLTP) සංස්කරණයෙන් ය.

චිත්ත වග්ගය (චිත්ත වර්ගය) -සිත ගැන වදාළ කොටස-37.5. දූරංගමං ඒකචරං - අසරීරං ගුහාසයං

යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්ති මාරබන්ධනා 41.9.අචිරං වත'යං කායො - පඨවිං අධිසෙස්සති

ඡුද්ධෝ අපේත විඤ්ඤාණෝ - නිරත්ථං'ව කලිංගරං භික්ඛු වග්ගය(වර්ගය)-භික්ෂුව ගැන වදාළ කොටස- 367.8.සබ්බසෝ නාමරූපස්මිං - යස්ස නත්ථි මමායිතං අසතා ච න සෝවතී - ස වේ භික්ඛු'ති වුච්චති

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    Wayback Machine

  • මාර්තු 31, 2026

    664

  • අප්‍රේල් 05, 2026

    දළදා තේවාව

  • අප්‍රේල් 05, 2026

    මෛත්‍රීපාල සිරිසේන

  • අප්‍රේල් 04, 2026

    රත්නසිරි වික්‍රමනායක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට